Facebookලට ළඟදීම Web Browser එකක් හදන්න වෙයිද?
Facebookලා තවදුරටත් Microsoft එක Google Chrome එකත් එක්ක තරඟ කරයි කියලා හිත හිත ඉන්නෙ නැතිව තමන්ටම වැඩේට බහින්න වෙයි වගේ..!

- Top 5 Browsers from July 2008 to April 2012
බොහෝදුරට ඊළඟ මාස 12 දී Google Chrome එක, දශක ගණනාවක් අන්න්තර්ජාලයේ සැරිසැරීමට බාවිතාකල Microsoftලාගේ Internet Explorer එක පාවිච්චි කරන පිරිසට වඩා වැඩි පිරිසක් අත්කරගනී.
මෙම කාරනාව Facebookලාට නම් හොඳ දෙයක් නොවෙනවා නිසැකයි.
2008 ජූලි වල IE සතුව සීයට 68.5ක බාවිතා කරන්නන් ප්‍රතිශතයක් තිබූබව StatCounter වෙබ් අඩවිය සටහන් කරයි, මෙහි සැලකිය යුතු කරුණ වන්නේ එම කාලයේදී Chrome එක නිකුත් කර නොමැතිවීමයි.
දැන් (2012 අප්‍රේල්) වනවිට IE සීයට 34.8ට දක්වා පහත බැස ඇති අතර එවකට නොතිබූ Chrome දැන් සීයට 30.9ක බාවිතා කරන්නන් ප්‍රතිශතයක් වාර්තා කරයි.
දැන් ඔයගොල්ලො අහන්න පුළුවන් ඇයි Facebookලා Web Browsers වල ඉරණම ගැන දුක්වෙන්නේ? Facebook එක Social Network එකක් නේ, Web Browser හදන සමාගමක් නෙමෙයි නේ.. එහෙමනම් ඇයි මේක අදාළ වෙන්නේ?
ඒකට පිළිතුර තමයි, Facebook එක සහ Google+ එක අතර තිබෙන තියුණු තරඟය. ඒක අපි නොදන්න දෙයක් නෙමෙයි නේ! ඉතින් Googleලාගේ අතේ Web Browser කියන ලොකුම ආයුධයක් තියෙනවා කියන්නේ Facebook එක අනිවාර්යයෙන් බයවෙන්න ඕන කාරනාවක්.
පොඩ්ඩක් හිතලබලන්න, පොඩි Update එකකින් Googleලා Chrome එක.. අපි facebook.com කියල type කරන්න කලින් Google+ එක පෙන්නන්න පටන්ගත්තොත්? එක්කෝ Facebook එක block කලොත්?
Googleලා ඔහොම කරයිද නැද්ද කියන එක වෙනම දෙයක්, එත්… එහෙම කලොත්? Facebookලට වෙනදේ?
Facebook එක ලොකු වෙබ් අඩවියක් වෙන්න පුළුවන් එත්.. වෙබ් අඩවියකට යන්න තියෙන එකම පාර Web Browsers. ඉතින් දැනටමත් තමන්ගේ අඩවියට එන පිරිසෙන් සීයට 30.9ක්ම එන්නේ තමන්ගේ හතුරගෙ පාර පාවිච්චිකරලා, දිගටම ඕක වෙයිද..? තමන්ගේ අඩවියට එන කට්ටියව හතුරා සොරා කයිද දන්නේ නැහැ.
මේකට තියෙන හොඳම විසඳුම වියහැක්කේ තමන්ගේම කියා Web Browser එකක් Facebookලා තනාගැනීම පමණයි.
අපි ඉඳල බලමු ඉදිරියට මොනවා වෙයිද කියලා


එහෙනං ඒකෙ Homepage එක Facebook වෙයි!
ඔය කියන විදියට ඒකෙන් Google+ block කරලා දායි නෙ?!
ඕකට දාන්න ඕනි FaceBrowser කියලා
Facebook messenger for Windows කියන්නෙ මෙයලගේ පළමු පියවර වෙන්න බැරිද?
මමත් එහෙම හිතුව, වෙන්න පුළුවන් දෙයක් මොකද ඒක හරිම පුංචි සරල program එකක්… browser වලින් මොන තහංචි දැම්මත් චැට් ඒක windows එක්කම පටන් ගන්නවනේ… අපි බලමුකෝ……
they can simply make an app for that. no need of a web browser when they can use app stores from Microsoft and Apple.
http://www.rockmelt.com/
try this one. its like built on facebook. however can be intergrated with twitter, tumblr and so on.