Skip to content

Posts tagged ‘මිලදී ගැනීම’

3
Apr

ඉලෙක්ට්‍රොනික උපකරන මිළදීගන්න පෙර සිතාබලන්න

මේ පැනය Techකතා Google සමුහයට යොමුවෙනවා විවිද ආකරයෙන්.  Techකතා පොඩ්කාස්ට් එකේද අපි මේ ගැන කතාබහ කරලා තියනවා කීප සැරයක්.  ගොඩක් අය අහනවා මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ හොද තැන මොකද්ද, තවත් කෙනෙක් අහනවා යුනිටිප්ලාසා එකේ අර කඩෙන් ලැප්ටොප් අඩුවට තියනවා ගත්තට කමක් නැද්ද කියලා. සමහර අය සොයාබලන්නේ අඩුවෙන් ගන්න පුලුවන් තැන් ගැන පමණයි. නමුත් මීට වඩා සිතන්න ගොඩක් දේවල් තියනවා. ලැප්ටොප් ගත්තේ උදාහරනයක් හැටියට නමුත් මෙය සෑම ඉලෙක්ට්‍රොනික උපකරන වලටත් අදාලයි.

හරි, අපි ගමු උදාහරණයක්. මලින්තට ලැප්ටොප් එකක් ගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලම මලින්ත කරන්නේ ඕනේ මලින්ත ලැප්ටොප් එකේ කරන්න යන්නේ මොනවද කියා තීරණය කිරීම. මලින්තට ඉන්ටර්නෙට් යන්න, ඊමේල් බලන්න, ඩොකියුමට් හදන්න වගේම ෆොටොෂොප් ද බාවිතා කරන්න ඕනේ, ඊට අමතරව තනියම ඉන්න නිසා ටීවී එකකුත් නැති නිසා ඩීවීඩී එකක් එහම බලන්නත් ඕනේ කියලා මලින්ත තීරණය කරා. බොඩින් වෙලා ඉන්න නිසා එහෙමේ කරදරයක් නැතුව ගෙනියන්නත් ඕනේ. ඒ කියන්න බර ටිකක් අඩුවෙන්න ඕනේ කියන එක. ඉන්ටර්නෙට් යන්න ඊමේල් බලන්න, ඩොකියුමන්ට් හදන්න ෆිල්ම් බලන්න ගොඩක් CPU වත් RAM වත් ඕනේ නෑ. නමුත් ෆොටොෂොප් වැඩ කරන නිසා RAM එක ටිකක් ඕනේ.  ෆිල්ම් බලන නිසා තිරය නම් අගල් 15″ වත් වෙන්න ඕනේ. අනික ෆොටොෂොප් වල වැඩ කරන්නත් තිරය ටිකක් ලොකුවට ඕනේ. දැන් හැම ලැප්ටොප් එකක් වගේම මොනිටර් උනත් එන්නේ 16:9 wide screen නිසා මතක තියාගන්න ඕනේ තිරයේ උස අඩුයි කියන එක. මොකද තිරයේ ප්‍රමාණය මනින්නේ උඩ කොනක සිට පහල කොනට හරහට. දැන් බලමු අපි RAM ප්‍රමාණය ගනය කරන්නේ කොහොමද කියලා. මලින්ත ලැප්ටොප් එකට දාන්න හිතාගෙන ඉන්නේ Windows 7, හරි දැන් අපිට පුලුවන් Windows 7 දාවන වන්න උවමණා අඩුම රැම් ප්‍රමාණය බලන්න. ප්‍රමාණය 1GB උවද, එය 2GB වත් විය යුතුයි කියලා තමයි Microsoft සමාගම කියන්නේ. ඊට අමතරව අපි බාවිතා කරන්න හිතාගෙන ඉන්න අනිත් software වලට RAM වල ප්‍රමාණය බලන්න පුලුවන්. අපි බලමු වැඩිම රැම් ගන්න සොෆ්ට්වෙයර් එක වෙන ෆොටොෂොප් වලට අවම 1GB, එතකොට Windows 7 වලට 2GB, Photoshop වලට 1GB කියමු. එකතුව 3GB. දැන් අපි රැම් ප්‍රමාණය ගනගන කරලත් ඉවරයි. මේවගේ අපිට CPU එක, HDD ඉඩ ප්‍රමාණය වගේ අනිත් දේවල්ද ගනය කරන්න පුලුවන්.  දැම් මේ සියල්ල ගනය කල පසු අපිට පුලුවන් මෙවැනි ලැප්ටොප් එකක් ගන්න කීයක් යනවාද කියලා බලන්න. තමන් කැමති brand එකක් තියනවානම් ඒක ගැන සොයලා බලන්න පුලුවන්. පොඩක් අදාල කඩවලට ගිහින් තමන්ට ඕනේ ලැප්ටොප් එකේ configuration කියාලා. නැත්නම් නිකන් ලැප්ටොප් බලලා කෝක ගන්නවද කියලා තීරණය කරනවට වඩා තමන්ට ඕනේ එක දන්න නිසා තියන ඒවාගේන් තමන්ට ගැටපෙන් ඒවා තෝරගන්න පහසුයි. Read moreRead more

-->