Skip to content

Recent Articles

19
Apr

බස් එකේ යන ගමන් ගෙදර/office එකේ ප්‍රන්ටරේ ප්‍රින්ට් කරමු

Phone එකේ photo එකක් ගත්තොත්, iPad එකේ document එකක් print කරන්න ගියහම මාර වදයක් විදින්න එපැයි, නමුත් දැන් එචර කරදර වෙන්න දෙයක් නෑ, Google Cloud Print එක්ක. ලෝකයේ කොහෙ හරි තියන printer එකකට ඔබට print out දෙන්න පුලුවන් දෙවරක් හිතන්නේ නැතුව. Android, iPhone, Windows, MAC OS ඕනේ එකක්. නැතිනම් Google Docs වල සිටද මෙය කරන්න පුලුවන්, හරිම සරලයි.

Google Chrome ඔබේ printer ඇති පරිග්ගනකයේ install කරලා තිබිය යුතුයි. නමුත් print කරන විට Chrome open වී තිමෙන්න උවමනා නෑ. මෙම පුරුකේ තියනවා කොහොමද Google Cloud printer එක ඔබේ පරිගනකට සකසා ගන්නේ කියලා.  මේ පුරුකේ තියනවා iOS, Android, Firefox වගේ එවා කොහොමද බාවිතා කරන්නේ කියලා.

 

18
Apr

Game: Prince of Persia ක්‍රීඩාවේ Source Code එක ගන්න!

Prince of Persia යනු 1989 වර්ෂයේ නිකුත්වූවකි. මෙය Apple II පරිගනක සදහා මුලිම්ම නිකුත්විය පසුව 1990 වසරේ DOS සදහා නිකුත්වූ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙය Jordan Mechner යන පුද්ගලයා විසින් තනිවම ලිවූ පරිගනක ක්‍රීඩාවක් වේ.

දැන් ඔවට වසර 22කට පසු මෙම ක්‍රීඩාවේ  source එක GitHub හරහා ලබාගත හැක.

18
Apr

Games: Halo 4 නිකුත්වෙනවා නොවැම්බර්…

Microsoft හා Developer 343 Industries කියාසිටියා මීලග Helo ක්‍රීඩා නිකුතුව නොවැම්බර් මස 6වෙනිදා xBos 360 වෙත නිකුත් කරන බව. අලුත් නිකුතුව, Microsoft විසින් හදුන්වාදෙන්නේ “new trilogy” කියා. Helo 3 නිකුත්වී වසර 4කට පසු තමයි Halo 4 නිකුත්වන්නේ. මෙය පැරනි Halo ක්‍රීඩා නිර්මාණය කල Bungie විසින් නිර්මාණය ඌවක් නොවෙයි, මක්නිසාද ඔහු 2007දි Microsoft එකෙන් ඉවත්වී වෙනත් ක්‍රීඩාවක් නිර්මානයට ගිය නිසා.

18
Apr

Windows 8 වර්ග 3ක් පමණයි, මෙන්න Windows 8 සමග ලැබෙන දේවල්

Windows 7 වන මෙන් එක එක edition (Home, Pro, Ultimate) ලෙස edition රැසක් නැතුව, Windows 8, Windows 8 Pro ලෙස 32bit හා 64bit ලෙස නිකුත් වෙයි. තවද Windows 8 කියන නම ස්තාවර වෙයි. Windows 8 නව සංස්කරන mufti-monitor (Display කීපයක් බාවිතය), වැඩ කරන ගමන් බාවිතා කරන බාසාව වෙනස් කිරීම, අලුත් Windows Explorer, Task manager ද ඇතුලත් වෙයි.

Windows 8 Pro හි encryption, virtualization, pc management හා domain සහය (active directory) සහය ඇතුලත් වේ. Windows Media Center කියන කොටස “Media Pack” ලෙස නම් කොට Windows 8 Pro වලට වෙනම නිකුත් වේයි. ISO Files (CD/DVD Images) දැන් virtual drivers නැතුවම බාවිතා කරන්නටද හැකිවෙනවා.

Windows 8 ARM, mobile device සදහා එන (tablet) edition එක Windows RT ලෙස නම් කෙරෙයි. Windows RT සමග Microsoft Office (Word, Excel, PowerPoint, OneNote) ද ඇතුලත් වෙයි.

පහද වගුවේ ඇතුලත් Feature හා Windows 7 සිට Windows 8 වලට මාරු වෙන විස්තර ඇතුලත්‍

Read moreRead more

17
Apr

වෙඩි නොවදින iPhone!

Marudai කියන ජ්පන් සමාගම විසින් වෙඩි නොවදින iPhone කවරයක් නිර්මානය කොට තිබෙනවා. මෙම කවරයක .50 උන්ඩයකි උවද iPhone එක ආරෂාකරයි. මෙහි මිල $650 (රු.82,000.00) වෙයි.

 දුරකතනය ඇතුලට දමා ඇන දැමිය යුතු යකඩ කවරයකි.

 

 

 

 

 

 

17
Apr

Geek Movies: WarGames

WarGame කියන්නේ මුලින්ම ආපු hacker movies වලින් එකක්.  මෙය 1983දී තිරගතවූ විත්‍රපටයක්.  මෙය විත්‍රපයට හැකර්ලා වීරවරයන් ලෙස සලාකා තිබුනා. කතාව කෙලියෙන් කිවුවොත් මැතිවු කියන හැකර් කෙනෙකු විසින් හමුදා පරිගනකයට නොදැනුවත්ව ඇතුලත් වී, වැරදීමකින් යුද්දයක් ආරම්බ කිරීමක් තමයි මෙහි ඇත්තේ…. මෙයින් වැඩිහිටියන්න වඩා ලමුන් බුද්දිමත් බව පෙන්වයි…

17
Apr

Game: Crysis 3 එනවා!

Crysis 3 නිකුත්වන බව EA සමාගම පැවසුවා. Crysis 1 දූපතකද, Crysis 2 New York නගරයේද Crysis 3 ඔය දෙකේ එකතුවක් ලෙස, New York නගරය හා වැසි වනාන්තරයක එකතුවක් ලෙස තමයි එලි දැක්වෙනේ. නමුත් මෙය අපිට ලබාගන්න හැකිවනේ 2013දී, නමුත් දැන් ඉදන් තමන්න මෙය ඉලා සිටින්න පුලුවන්. කලින් ඉලා සිටින අයට Hunter Edition version එකද ලැබෙනවා Origin ලගෙන්.  ඊට අමතරව චායාරූපයේ දැක්වෙන දුනු ආයුදයද ලැබෙනවා. ඉට අමතරව…

Stalker Pack – base game එක සමග, Hunter Edition වගේම multiplayer unlock එක හා තවත් බොහෝ දේ.

Overkill Pack – base game එක සමග, Hunter Edition එක සමග Typhoon assault weapon එක හා skin ද ඇතුලත්, මෙයද Multiplayer unlock කර ඇත.

Predator Pack – base game එක සමග, Hunter Edition, Multiplayer සමග Feline submachine gun හා camo ද ලැබෙනවා.

17
Apr

Google Drive 5GB for free ලබන සතියේ ?

Google Drive, කලයක් එනවා එනවා කියා බලාගෙන හිටපු, Google සමාගෙමේ cloud storage නොහොත් dropbox killer එක ලබන සතියේ එලි දැක්වෙන බව තමයි කට කතා කියනේ. http://drive.google.com වෙත ගියොත් ඔබට පෙනෙයි එක 404 error එකක් බව. එයින් කියවෙන්නේ මෙම domain එක පවා ක්‍රයාත්මක බවයි. Dropbox 2Gb නොමිලේ ඉඩක් දෙනකොට Google විසින් මෙය 5GB ලෙස ලබාදෙන බව තමයි පැවසෙන්නේ. ඊට අමතරව මෙය Windows, Mac OS, iOS, Android වලටද බාවිතා කරන්න පුලුවන් වෙනවා.

 

 

17
Apr

Mac වලට තවත් Trojan වයිරසයක්!

අපි කලින් කිවුවා MacOS X හට Trojan එකක් නිසා පරිගනකය 650,000 පමණ ගොදුරු වී සිටින බව.Kaspersky Lab පසන පරිදි නව ටෝජන් වයිරසයක් වන SabPub (Backdoor.OSX.SabPub.a) ලගදී සිට Java හරහා Mac පරිගනක වල පැතිරෙන බව. මෙය email හා links හරහා පැතිරී යයි. මෙට කලින් Flashback වයිරසයට වඩා වේගයෙන් පැතිරෙමින් පවතී.

මීට ටික දිනකට පෙර Apple සමාගම Flashback වයිරසය සදහා java update එකක් නිකුත් කිරීමත් සමග, වයිරසය පරිගනකය 650,000 සිට 237,000 දක්වා අඩුවිය.

දැන් ඉතින් වින්ඩෝස් මෙන් Virus scanner එකක් තමන්ගේ පරිගනකයට දමාගැනීමට කාලය ඇවිත්.

Avast Free Antivirus for Mac

Sophos Free Antivirus for Mac

17
Apr

Video බලන්න කියා Android App එක contact list එක සොරා ගනී…

ලගදී සොයාගන්නා ලද නවතම Android Trojan එක නම් Goolge Play market එකේ Video download කරගන්න, අලුතෙන් එන Video game ලෙස පෙනීසිටින app එකක්, install කිරීමෙන් පසු තමන්ගේ දුරකතනයේ සියලුම contact දත්ත සොරාගනී.

Android application එකක් install කරන විට තමන් එය ලබාදෙන්න තොරතුරු මොනවාද කියා පෙන්වයි. උද: ලෙස අපි wallpaper application එකක් install කරනකොට තමන්ගේ SMS, contact වලට ඇතුල්වෙන්න ඉල්ලයි නම් මේක ගැන සොයා බැලිය යුතුයි. මොකද එවැනි application එකක එම තොරතුරු මොකටද කියා ඇතිවෙන සැකය නිසා.

-->