Skip to content

May 30, 2012

1

Facebook සමාගමේ මීළඟ ඉලක්කය Opera?

Social Buttons by Linksku

Facebook කොටස් වෙළද පොලට ඇතුළු වීමෙන් පසු සිදුවීම් ගණනාවක් සිදු උනා. අප කලින් සඳහන් කරා වගේ Facebook ඔවුන්ටම කියල Browser එකක් සඳහා ඉව අල්ලමින් සිටිනවා.

අලුත්ම ආරංවිය තමයි ඔවුන් Opera Browser එක මිලදී ගන්න යන වග. මේ සඳහා Facebook සමාගම විශාල මුදලක් (ඩොලර් බිලියන 1.35 පමණ) වැය කිරීමට සුදානමින් සිටින බව කියවෙනවා.

Opera කියන්නේ බොහෝ mobile platforms වල ජනප්‍රිය, මිලියන 200 වඩා Opera Mobile සහ Opera Mini subscribers පිරිසක් ඉන්න සමාගමක්. ඒ නිසා Facebook Opera මිලදී ගත්තොත් ඔවුන්ට එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් – ඒ කියන්නේ Google Chrome + Google Plus වෙත හොඳ තරගයක් දීමට සහ ඔවුන්ගේ mobile presence වැඩි කරගැනීමට උපකාරී වෙනවා.

ඒත් සමහරු කියන්නේ මේක Instagram මිලදීගැනීම වගේ අනවශ්‍ය සල්ලි නාස්ති කිරීමක් වෙයි කියල.

තත්වය කෙසේ උනත් ඩොලර් 38න් පටන් ගත්ත Facebook සමාගමේ එක කොටසක අගය අද වන විට ඩොලර් 29 දක්වා බැස තිබෙනවා. Mark Zuckerbergගේ මේ තීරණ ඉදිරියේදී කෙසේ බලපායිද? Google සමාගමේ Google Plus Social Network එක මේකට කෙසේ උත්තර දෙයිද? අප බලා සිටිමු.

Read more from Mobile, News, Rumor
1 Comment Post a comment
  1. May 30 2012

    ඒකනම් හැබැයි facebook එකට වාසි වෙන බිස්නස් එකක්.දැනට දකින දකින එක්කෙනා ෆෝන් එකේ browser විදියට පාවිච්චි කරන්නෙ opera නෙ..

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

අදහස් දැක්වීම් ගැන e-mail මගින් දැනුම් දෙන්න
අදහස් නොදක්වා දැනුම් දීම ලබාගැනීමට මෙතන ක්ලික් කරන්න.

-->