ඉල්ලාගෙන දාගෙන, පසුව දුක්වෙන.. පරිගනක වයිරස්!
දැනට පරිගනක වලට එන වයිරස් වලින් 50% වැඩි ප්‍රමාණයක් එන්නේ අපේම නොසැලකිලිමත් කමක් නිසා හා ඉතුරු 50% නොදන්නා කම නිසා. ඉතින් අපි පරිගනකයක් හරියට බාවිතා කරොත් මේවගෙන් වැලකී ඉන්න බැරිද ? පුලුවන්. 90% වයිරස් වලින් අපිට ගැලවී සිටින්න පුලුවන්. බලමු මේවගෙන් කොහොමද අපි ගැලවිලා ඉන්නේ කියලා. උත්තරේ නම් වයිරස් ස්කෑනර් (Virus Guard) එකක් දාන එක නම් නොවෙයි. ඒකෙන් මේක විසදෙනවානම් මේ ලෝකේ වයිරස් වලින් තොර වෙන්න එපැයි ? දැන් අපේ අය එක වයිරස් ස්කෑනයරක් නොවෙයි, දෙක තුනක් දාගෙනනේ ඉන්නේ. රටේ නැති නම් වලට ඔය ඕනේ තරම් වයිරස් ස්කෑනර් තියෙනේ, විකුනන අයනම් කියන්නේ ඉපදෙන්න ඉන්න වයිරසුත් අල්ලනවා කියලා නේ. නමුත් ඔය වයිරස්ගාඩ දාපු පරිගනක වලටම නේද මේ වයිරස් එන්නත් ? ඇයි මෙහෙම වෙන්නේ ? අපි බලමූ. මේ ඔක්කොටම වඩා හොදම වයිරස්ගාඩ් එක තමන්මයි කියන එක දැම්ම කියන්නම් කෝ.
දන්න යකා හොදයි කියනවානේ නොදන්න යකාට වඩා, ඒක නිසා අපි ඉස්සෙල්ලා බලමු මේ වයිරස් කියන්නේ මොනවද, ඒවාගෙන් මොකද්ද වෙන්නේ, ඇයි එහමෙ වෙන්නේ වගේ ඔකොම දේවල් ගැන. මුල් අවදියේ වයිරස් වලින් සිදූනේ පරිගනකයේ ක්‍රියාකාරීත්වයට බාදාකිරීම. නමුත් දැන් වයිර්ස් වලින් ඊට වඩා බොහෝ දේ සිදුවෙනවා. අපේ දත්ත සොරා ගන්නවා, අපේ පරිගනක අපි නොදැනුවත්ව ඔවුගේ ඔනෑ එපා කම් වලට බාවිතා කරනවා, පරිගනක වෙලද දැන්වීම් පෙන්වන්න යොදාගන්නවා.
දැන් වයිරස් සෑදීම හොද මුදල් උපයන මාර්ගයක් බවත පත්වෙලා. මේවා ගොඩක් හදන්නේ මුදල් සෙවීම හා විවිද ජාල, වෙව් අඩවි අඩපණ කිරිම වැනි ක්‍රියාවලියන් සදහා. මේ ගැන අපි විවිද අවස්තාවන්වලදී Techකතා podcast එකේ කතා කරලා තියනවා.
වයිරස් එකක් යනු, 100% පරිගනක වැඩසටහනකි (computer software). මේව බොහෝ විට අපිට නොතේරෙන, නොපෙනන විදියට පරිගනකයේ සැගවී සිටින්න සකසා ඇත. මේවා ඉතා දියුනු ක්‍රම යොදාගන්නවා පරිගනකයේ සැගවී සිටීන. වයිරස වැඩසටහන් සකසා ඇත්ටේ පුලුවත් තරම් තවත් පරිගනක වලට පැතිරෙන්න හැකිවන ලෙසයි. මේවා ඊම්ල් හරහා, පරිගනක ජාල හරහා, දැන් USB හරහා තව ව්විද ක්‍රම හරහා පැතිරෙනවා. ගොඩක් වයිරස දැන් පරිගනකයේ ඇති system files ඇතුලටම කාවැදී සිටී. මෙම නිසා මේවා ඉවත් කිරීම ඉතා අපහසුයි. ඉවත් කරොත් පරිගනකය ක්‍රියාත්මක නොවීම හෝ විවිද ගැටලු වලට මුහුණ දෙන්න සිදුවේ. එම නිසා වයිරස් ස්කෑනර් වලට පවා මේවා ඉවත්කිරීම ගැටලුවකි. ඒ වගේම ගොඩක් පරිගනක වයිරස් නිසා අපේ අන්තර්ජාල සම්බන්ද තා පවා වේගය අඩුවීම, bandwidth බාවිතා වීම වගේ දේවල්ද සිදුවෙනවා.
දත්ත සොරාගැනීම:
ගොඩක් පරිගනක වයිරස දැන් අපේ දත්ත සොරාගැනීම සදහා යොදාගන්නවා. අපි නොදැනීම මෙම වැඩසටහන් අපේ password, credit card information, contact lists (address book/emails) වගේම, අපි පිවිසෙන් වෙබ් අඩවි වගේ දත්ත සොරාගන්නවා. අපේ behavior tracking, ඒ කියන්නේ අපි යන අඩවි, අපි කරන දේ බලනදේ වගේ දේවල් වල දත්ත එකතු කිරීම. මේවාගෙන් වෙන හානිය කියා නිමකරන්න බෑ. behavior tracking කරන්නේ වයිරස් ම නොවෙයි, ගොඩක් අපි නොදැන දාගන්න Browser toolbar වලින් කරන්නේද ඒ දේමයි, මෙම සමහර toolbar වලින් අපි වෙබ් අඩවි වලට ඇතුලත් කරන credit card දත්ත පවා සොරකම් කරනවා.
පරිගනකය දන්දීම නොහොත් botnet:
බොට්නෙට් යනු අපි නොදන අපේ පරිගනකය වෙනත් පුද්ගලයන් විසින්, ස්පෑම් යැවීමට (email marketing), පරිගනක ජාල/වෙබ් අඩවි අඩාල කිරීමට යොදාගන්න පරිගනක දහස් ගනකින් යුතු පරිගනක ජාලයකි. මේ පරිගනක සියල්ලම එක පුද්ගලයෙක් හෝ කන්ඩායමක් විසින් තමන්ගේ ඕනෑ එපාකම් කරගැනීමට යොදාගනියි. මෙය බොහෝව පරිගනකය බාවිතා කරන්නාටද නොදැනී සිදුවෙයි. මෙවැනි බොට් නෙට් සෑදීමට ගොඩක් පිරිස උත්සාහ කරනවා, මොකද මේවා ඩොලර් දහස් ගනන් වලට මෙවැනි බොට් නෙට් විකිරීම සිදුකෙරෙනවා.
බලෙන් කැවීම නොහොත් ඇඩ් පෙන්වීම:
වයිරස්ම නොවුවත් වයිරස් ගනයට අයත්වෙන තව එකක් තමයි මේ ඇඩ්වෙයාර් (adware) කියන්නේ. මේවා බොහෝවිට අපි නොමිලේ ගන්න software සමග එකතු කර එනවා, RealPayer මෙයට උදාහරනයක්. මේවාගේ බොහෝවිට කරන්නේ අපිට විවිද වෙලද දැන්වීම පෙන්වීමයි. popup ලෙස හා වෙනත් ආකාරයෙන් වෙලාවට මේව එනවා. මේවාද අපේ behavior tracking කිරීමට යොදාගන්නවා. මේවාගෙන වෙන ලොකුම කරදරය තමයි පරිගනකයේ ක්‍රියාකාරීත්වල බාදා ඇතිකිරිම වගේ පරිගනකයේ වේගය අඩුවීම වගේ එක එක ගැටලු පැන නගින්න පුලුවන්. මෙය හේතුව මෙම වැඩසටහන් වල ගුනාත්මක බව බොහෝ අඩු නිසා. මෙය ඔය කියන Browser toolbar වලටද අදාලයි.
අලුත්ම සෙල්ලම, වයිරස් වෙන ඇන්ටිවයිරස්:
අලුත්ම වැඩේ මේක තමයි, විවිද නම් වලින් බොරු ඇන්ටිවයිරස් ලෙස පෙනීසිටිනම් පරිගනකයේ වයිරස් ඇත ඉවත්කරන්න නම් මුදල් ගෙවන්න කියන එක. මෙවා බොහෝවිට ඊමේල් ලින්ක් එකක් හෝ වෙබ් අඩවියකට ගිය විට පොපප් එකක් බොරු වයිරස් සෑනර් එකක් ලෙස පෙනවයි, ක්ලික් කරපු ගමන් එය පරිගනකයේ install වෙයි. ඉන්පසු ඉතින් දුක තමයි. Techකතා ගූගල් සමුහයේ මේගැන කතා කෙරුනා.
ඇන්ටි වයිරස් නොහොත් Virus Guard:
වයිරස්ගාඩ් කියන්නේ හදුනාගත් වයිරස් වල ෆයිල් නම් හා ඒවාගේ දන්නා දැදුනුම් (signatures) අනුව පෙර දුන් දත්ද අනුච ඒවා සොයාගෙන ඉවත් කිරීමයි. වයිරස් ස්කැනර් වලට වයිරස් හසුවීමටනම් එම වයිරස් ස්කෑනරය හදන සමාගමෙන් අදාල වයිරසය සදහා signatures නිකුත් කර තිබිය යුතුයි, එසේ නැතිනම් එම වයිරසය වයිරස් ස්කෑනරයට අසු නොවෙයි. එම නිසා update කර නැති වයිරස් ස්කෑනර් එකකින් අසුවන්නේ පරණ වයිරස් මිස අලුත් වයිරස් නොවෙයි. තවද මේ signatures නිකුත් කිරීමට වයිරස් ස්කෑනරය හදන සමාගමට දින කීපයක් ගතවෙන්න පුලුවන්. එම නිසා අලුත් වයිරස් වලින් බේරීමක් වෙන්නේ නෑ. බෝහෝ අලුත් වයිරස ඉසෙල්ලම පහර දෙන්නේ වයිරස් ස්කෑනයරට නිසා එය ක්‍රියාත්මක වෙනවා මෙන් පෙනුනද එය ඇත්තටම ක්‍රියාතමක වන්නේ නෑ. එසේ නැතිනම් update වීම වලකයි. සමහර වයිරස් ස්කෑනර් වල වයිරස් වගේ හැසිරෙන වැඩසටහන් අල්ලාගන්න ක්‍රමද ඇතුලත්, මේවාත් එතරම් සාර්තක නැත.
වයිරස් එන්නේ ඇයි/කොහොමද:
වයිරස් වලින් බොහොමයක් පරිගනකයට ඇතුලුවන්නේ පරිගනක මෙහෙයුම් පද්දතියේ (Operating System) එකක තියන bugs (coding error) නිසා හා දෝස සහිත පරිගනක වැඩසටහන් නිසා. මොකද අපේ මැදිහත්වීමක් නැතුව එසේ වෙන්න බැරි නිසා. මෙය තමයි මූලික හේතුව, අනිත් හේතුනම් හානීදායී පරිගනක වැඩසටහන් install කිරීම. ඒ කියන්නේ crack කරන software, නොදන්නා තැනවලින් ගන්න software නිසා. ඒ වගේම ගොඩක් වෙබ් අඩවි අපිව රවටනවා, මොකක් හරි හොයලා download කරන්න ගියහම කියනවා ඒක download කරන්නනම් ඒ අයගේ download manager එක දාන්න කියලා. නැතිනම් video එකක් බලන්න ගියහම flash player එකේ update එකක් තියනවා කියලා notice එකක් එනවා, නමුත් ඇත්ත install කරන්නේ වයිරස් එකක්. නැතිනම් වෙනත් ප්ලගින් එකක් install කරන්න කියලා එනවා. අපි ඒක දාපු ගමන් අපි විසින්ම මේ වයිරස දාගන්නවා. මේවටනම් OS එකක් හරි Software එකක් හරි bugs ඕනේ නෑ. මොකද අපි විසින්ම දාගන්න දේවල් නිසා. මේවට කියන්නේ රැවටීම් කියලා. මේවා එන්න එන්න වැඩි වෙනවා. ඊමේල් එනවා Microsoft එකේ patch එකක් තියනවා download කරලා දාගන්න කියලා. මේ වගේ විවිද ක්‍රම යොදාගෙන අපේ පරිගනක වලට වයිරස් අපිම දාගන්නවා අපේ මොඩ කම නිසා.
Software crack කරන්න යාමෙන්, torrent හරහා මෙවැනි හොර software වලද බොහෝ වයිරස තියනවා. සමහර crack/key-generator කියනව මේක false positive එකක් විදියට වයිරස් ස්කෑනරයට අහුවෙන නිසා ඒක ඉස්ස්ලා disable කරන්න කියලා. ඉතින් අපි විසින්ම අපි වයිරස් දාගන්නවා කියන්නේ මේකයි. Techකතා වල අපි කතාකරා මේ key generator එහම කරන්නේ කියලා. ගොඩක්විට මේ software crack කරන අය, torrent මගින් බෙදාහරි අය මේවා කරන්නේ අපිට තියන ආදරයට නොවෙයි, බොහෝ විට ඒ අය ඒවාතුලට හොයාගන්න බැරි විදියට trojan/back-door ඇතුලත් කරලා තමයි බෙදාහරින්නේ. ඒ කියන්නේ අපේ නොදැනම අපේ පරිගනකයට ඔවුට ඇතුලුවෙන්න පුලුවන් වෙනවා.
අපි ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා download වගේ දේවල් කරනකොට, ගොඩක් අය කරන වැරදක් තමයි දෙයක් download කරනකොට අදාල වෙබ් අඩවියෙන් නොකර අහුවෙන ඕනෑම අඩවියකින් කරන එක. මේක drivers සිට software දක්වා අදාලයි. Windows 7 Service pack 1 එක අපි download කරන්න ඕනේ Microsoft වෙබ් අඩවියෙන් මිස වෙන අඩවියෙන් නෙවෙයි. Avast download කරන්නේ ඕනේ avast අඩවියෙන් සිට මිස වෙන අඩවි වලින් නොවෙයි. device driver එකක් උවද එලෙසමයි, තමන්ගේ hardware එක සෑදූ නිෂ්පාදකයාගේ අඩවියෙන් එය download කිරීම තමයි නුවනට හුරු. ගොඩක් නොමිලේ දෙන software එක්ක adware එනවා. මේගැන ගොඩක් සැලකිලිමත් වෙන්න, හැම විට නොමිලේනම් opensource software බාවිතා කරන්න.
අලුත් වයිරස් පරිගනකයට ඇතුලත් වෙන්න දැන් ඔබ කරන්නේ ඕනේ වෙබ් පිටුවක් බැලීම හෝ pdf වැනි ගොනුවක් බැලීම පමණයි, දැන් virus ලියන ය OS එකේ ඇති දෝස පමණක් නොව පරිගනක වැඩසටහන් වල, උදාහරනයක් ගත්තෝත් ඇඩෝබී රීඩර් වගේ ඒවගේ ඇති දෝස යොදාගනෙ පරිගනකවලට වයිරස ඇතුලත් කරනවා. ඉතින් දැන් හරිම අමාරු දෙයක් තමයි මේ වයිරස වලින් වැලකී ඉන්න. ඉතින් අපි කොහොමද දන්නේ මේ වෙබ් අඩවිය ආරක්ෂාකාරීද නැද්ද කියලා. අපි හොදින් දන්නා කෙනෙකුගේ අඩවිය උනත් ඒවැනි දෑ තිබෙන්න පුලුවන්. ගොඩක් වෙලාවට මේ බ්ලොග් එහම කරන අය, තමන්ගේ බ්ලොග් එක ලස්සන කරන්න එක එක අඩවිවල ගැජට්, කෝඩ් දානවා. මෙම කොඩ් අස්සෙද අනතුරුදායක කෝඩ් දියෙන්න පුලුවන්. සමහර බ්ලොග් තීම් වල පවා. ගොඩක් බ්ලොග් වලට ගියහම දැකලා ඇති පොප් අප් එක්ක ඇඩ් එනවා. ගොඩක් විට මේවා බ්ලොග් අඩවිය යිතිකරු දාපුව නොව, තීම් එකක හෝ යම්කිසි ගැජට් එකක් ඇතුලත් මේ කෝඩ් එක සැගවී සිටිනවා. ඒක නිසා ඊමේල් වල එන පුරුක් එහම ක්ලික් කරන්නේ ගොඩක් සැලකිලිමත් වෙනන් ඕනේ, මෙවැනි ඇඩ් එකක නිසා ඇමරිකාවේ නිවුයෝක් ටයිම්ස් වෙබ් අඩවිය පවා මෙලෙස වයිරස එවුනේ අඩවිය බලන්න එය අයගේ පරිගනක වලට ඇතුලත් උනා. මෙය හේතුව උනේ ඔවුන් යොදාගත් එක වෙලද දැන්වීම් සමාගමක සවරයක් හරහා මෙම කෝඩ් එක එවපු නිසා. එම නිසා බොහෝ පරිස්සම් වීම වැදගත්. සමහර වෙලාවට මේ ඊමේල් ඔබ දන්න අයගෙන් වන්න පුලුවන්, ඊමේල් විතර නොව gtalk, msn, yahoo වලද මෙවැනි ලින්ක් එන්න පුලුවන්. යාලුවෙක් ගේ පරිගනකයට වයිරස් ඇවිත්නම් එම වයිරස්, ඊමේල් හරහා, චැට් හරහා අනිත් පරිගනක වලතත් ඇතුල් වෙන්න හදනවා.
වයිරස් ස්කෑනර් දැමීමෙන් ඇයි අපිට බැරි වයිරස් වලින් බේරෙන්න:
මුලදී කිවුවා කොහොමද මේ වයිරස් ස්කෑනර් එකක් ක්‍රියාත්මක වෙන්නේ කියා. ඉතින් අලුත් වයිරස් වලින් බේරී ඉන්න බෑ කියන එක පැහැදිලිනේ, ඒත් මේ වයිරස් එන්නේ මම කිවුවා OS එකේ හා වැඩසටහන් වල පවතින bugs නිසා කියලා. අපි හිතමු OS හා programs කියන්නේ තාප්පයක් කියලා, bugs කියන්නේ තාප්පේ තියන හිල්. හිල් වලින් ඇතුලට පනින අය හොයන්න තමයි අපි virus scanner එකක් දාන්නේ, virus scanner එකට යම් හෙයකින් මේ හිල් අස්සෙන් පනින වයිරස් එකක් නොදුටුවොත් ඒක අපේ OS හා Program වලට රිංගලා ඉවරයි. ඉතින් මේක වලක්වන්න හොදම දේ ? හිල් වහන එක! ඒ කියන්නේ OS එකක් නම් patch, windows update, service pack දාන එක. programs උනත් අලුත් version හා patch දාන එක. OS එකට විතරක් නොවෙයි update එන්නේ programs වල්ටද එනවා. කොචර කරත් වැඩක් නෑ මේ හිල් වසන්නේ නැතුව. මේක නිසා තමයි අපි ටෙක්කතාවල හැම විටම කියන්නේ windows update කරන්න කියා. හිල් උපයෝහී කරගෙන එන වයිරස් වලට කරන්න දෙයක් නෑ එම තැන හිලක් නැතිනම්. ඉතින් හොද දෙයක් තමයි තමන්ගේ software හා OS එක update කොට තාබාගැනීම.
වයිරස් ආපු පරිගනකයක වයිරස් ඉවත් කරන්න පුලුවන්ද:
සමහරක් වයිරස් පුලූවන්, නමුත් අලුත් වයිරස් ඉවත් කරන්න නොව, detect කරගන්න පවා බෑ. ගොඩක් අය කියන්න පුලුවම් මම අර tool එක දාල කරා, මට ඕනෑම වයිරස් එකක් අයින් කරන්න පුලුවන් කියලා. ගොඩක් අලුත් වයිරස් ඇතුල වන්නේ system files හා hidden location වල. ගොඩක් එවා තමන්ගේ හැසිරිම random කරනවා. ඉතින් ඔය tool හා virus scanners වල ඇති signatures වල්ට ඒවා හොයාගන්න බෑ. ඉතින් සරලව කිවුවොත් 100% අයින්කරන්න බෑ. ඕනෑම හොද සිකියුරිටි දන්න කෙනෙක් කියයි හොදම හා විෂ්වාස ක්‍රමය පරිගනකය format කර install කිරිම කියා. මෙය Microsoft සමගමේ ඔවුන්ගේ ජාලවල network policy එකේ පැහැදිලිව තියනවා. යම්කිසි පරිගනකයට වයිරසයක් ආවොත් එය network එකෙන් ඉවත්කොට full format එකක් කල යුතුබව. කිසිම විදියකියි එන clean කිරීමට උත්සාහ ගන්න එපා කියලා. ඉතින් ඔය පොර වගේ කියන අය Windows OS එක හදන Microsoft එකට වඩා දන්නවා වෙන්න බෑනේ
ගොඩක් වයිරස දැන් හදන්නේ පරිගනකය බාවිතා කරන කෙනාට වයිරස් එකක් තියනවද නැද්ද කියාවත් නොතේරෙන විදියටයි.
වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:
- සියලුම වැඩසටහන් හා OS එක updated කිරීම.
- Crack කරපු software බාවිතා නොකිරීම. (අපේ අය ඉතින් Virus Scanner එකත් crack කරලානේ දාන්නේ)
- Microsoft Security Essentialist ස්තාපනය. (වෙන වයිරස් ස්කැනර් උවමණා නැත)
- Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
- Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
- Java ස්තාපනයෙන් වැලකී සිටීම.
- Java Scrips Web Browser එකෙන් disable කිරීම හෝ noscripts Firefox හා Chrome සදහා බාවිතය.
- USB Autorun disable කිරිම.
- නොදන්නා link ක්ලික් නොකිරීම.
- Software/Drivers ඒ අදාල නිල අඩවියෙන් download කිරීම.
අපැහැදිලි තැනක් ඇතිනම්, comment එකක් දාන්න
~
කාලිංග ඇතුලත්මුදලි @kalinga


realplayer හොඳ version එකක් තියෙනවද? Mobile වලටත් අවශ්‍යම Player එකක් වන එකෙන් ගොඩක් ප්‍රශ්ණ එනවනම්… ඒක වෙනුවෙන් ඔයගොල්ලෝ Techකතා episode පලකරන්නේ ඇයි… අනෙක් කාරණය අදාල පරිගණක වැඩසටහන Download කරගන්නට පෙර එය විශ්වාසවන්ත එකක්දැයි පරික්ෂා කරගන්න ක්‍රමයක් තියෙනවද (comments වලට අමතරව)
@සංජු
මෙම ගැටලුව තියෙන්නේ පරිගනකයට නොමිලේ දෙන Realplayer එකේ, RealAudio අහන්න realplayer එකම ඕනේ නෑ. VLC එකෙන් උනත් පුලුවන්. Techකතා RealAudio format එකට නිකුත් කරන්නේ ප්‍රමාණය අඩුකරගන්න. නමුත් අපි කියල නෑ Techකතා අඩවියේ මේ සදහා realplayer එක බාවිතා කරන්න කියලා. අපි කියලා තියෙනේ VLC බාවිතා කරන්න කියල.
Download කරන්න පෙර comment තිය්නේ torrent හා file sharing සයිට් වලනේ. ඒවගෙන් ගන්න එපා කියලා උඩම තියනවානේ.
දකින ද්කින එක නිකන් download නොකර හිටියහම ගොඩක් ප්‍රෂ්න විසදෙනවා. හොදම දේ තමයි free නම් opensource software බාවිතා කරන එක.
http://alternativeto.net/ අඩවියෙන් ලෙහෙසියෙන් හොයාගන්න පුලුවන්.
හැමදාමත් අපිව දැනුවත් කිරීම පිළිබඳව අනේකවාරයක් ස්තුතියි!!!!!!
වයිරස් වලින් මිදී සිටීමට අනුගමනය කල හැකි දේවල්:
Java ස්තාපනයෙන් වැලකී සිටීම.
පරිගණකයේ Java ස්තාපිත කලා කියලා මොකද වෙන්නේ?
මම පාවිච්චි කරන්නෙ win7 original, virus guard එක kaspersky original. crack කරපු එකකට තියෙන්නෙ IDM විතරයි. ඒකට හේතුව download speed එකයි firefox addone තියෙන හින්ද video download කරන්න ලේසි නිසා. දැන් මේක අයින් කරා කියල වෙන්න ඕන හරිය වෙලා ඇති නොපෙනුනාට. විසඳුමක් තියෙනවනම් දෙන්න. ස්තුතියි!.
@ඉසුරු සමරසිංහ
ජාවා කියන්නේ ගොඩක් සිකියුරිටි ගැටලු තියන එකක්, ගොඩක් වෙලාවට අපි මේක update කරන්නෙම නෑ. මොකද එක update එකක් මෙගාබයිට් ගානක් නිසා. වෙබ් පිලුවලින් ගොඩක් වෙලාවට මේ ජවා උපයෝගී කරගෙන පරිගනකයට රිංගනවා. ගොඩක් වෙලාවට පරිගනකයේ වැඩ කරන්න ජවා ඕනේ නෑ. ඉතින් නොදා ඉන්න එක හොදයි ඕනෙම වෙන්නේ නැතිනම්.
@Sanath
මෙන්න IDM එකට විසදුම http://alternativeto.net/software/internet-download-manager/?platform=windows&license=opensource
මම මේ ළගදි machine එක format කරලා ඉවරවෙලා Security essential download කරන ගමන් Facebook එක පැත්තෙත් ගියා (මේ අවස්ථාවේ machine එකේ වෙනත් වෛරස් ගාඞ් එකක් හෝ Windows update කර තිබුනේ නැහැ.) පේන විදිහට මමත් වෛරස් ආසාදනය කරගෙන වගේ :-/
@Sachith
Facebook එකේ ඇත්තටම ගැටලුව තියෙනේ ඇප්ලිකේෂන් වලයි. මේ කිසිම ඇප්ලිකේෂන් එකක් (සමහරක් ඇරුනහම) කිසිම කෙනෙක් විසින් සොයාබලන්නේ නෑ එහි අන්තර් ගතය ගැන.
ගොඩක් වයිරසයක් ඇතුලත් වෙන්න වෙබ් පිටුවකය යෑම හොදටම ප්‍රමාණවත්.
හරියට පරිගනකක් format කරාට පස්සෙ කිසිම අඩවියකට හෝ USB/CD දැමීම නොකල යුතුයි, ඉස්සෙලම කරන්න ඕනේ MSE දාලා update කරලා, Windows update ඔකොම දලා, Browser එක update කරලා. (Internet Explore) කරලා තමයි වෙබ් යන්න ඕනේ.
සෑහෙන්න වටින ලිපියක්. නොදන්න කරුණු ගොඩක් දැන ගත්තා. බොහොමත්ම පිං…!
කාලිංග අයියා, මෘදුකාංග වලට හානි කරනවා වගේම වෛරස වලට දෘඩාංග වලටත් හානි කිරීමේ හැකියාව තියෙනවාද? එහෙම නම් ඒ ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද?
Java script disable කරහම facebook chat වගේ ඒවා වැඩ කරන්නෙ නැහැනෙ, ඒකට මොකද කරන්නේ ?
ලොඩක් වටින ලිපියක්
හැබැයි මාර අවුලක් නෙ මට උනේ.
Java Uninstall කරන්න හරි Install නොකර හරි ඉන්න කිව්වනේ. මම ඹ්ක ගැන කලින් අහල තියනවා ඒවුනාට ගනන් ලත්තේ නෑ. දැන් Techකතා වල කියපු නිසා පොඩ්ඩක් දැනුන.
මම BIT කරනනේ ඒකට Java තියවනනේ දැන් මට තියන ප්‍රශ්නේ Java නැතුව කොහොමද Java ඉගෙන ගන්නේ ?
සුපිරි ලිපියක්… ගොඩාක් ස්තූතියි tips ටිකට
@දක්ෂිණ
එහම වෙන්නේම නෑ වගේ. මොකද hardware එකකට කෙලින්ම පහර දෙන ගොඩක් වෙලාවට බෑ. ඒත් සමහර වයිරස් ඉන්නවා VGA හෝ BIOS එකට ඇතුල්වෙන්න පුලුවන්, ඒවාගෙන් හානියක් වෙන්න පුලුවන්. නමුත් ඒවා බොහොම අඩු ප්‍රමාණයක් තියන්නේ.
නමුත් පරිගනකයේ වයිරස් තිබිමේ අතුරු පලයක් ලෙස hardware වලට damage වෙන්න පුලුවන්, CPU එක ගොඩක් බාවිතා කිරීමන් එය රත්වී ෆෑන් නරක් වීම, කියවීම්/ලිවීම් වැඩි කරල HDD එකට හනී වන්න පුලුවන්.
@Sachith
ඔවු, නමුත් නෝස්ක්‍රිප්ට් වගේ එකක් වාවිතාකරලා අදාල අඩවි වලට පමණක් JavaScript enable කරගන්න පුලුවන්. මෙයින් නොදන්නා අඩවියකට ගියහම වෙන හනිය අඩුකරගන්න පුලුවන්. කරදයි තමයි. ඒත් මේක ගොඩක් හොද දෙයක්.
@නිපුණ
Java බාවිතා නොකරම ඉන්න කියලා නෙවෙයි කිවුවේ. බාවිතාවට ගන්නේ නැතිනම් install නොකර ඉන්න කියලා කිවුවේ. බාවිතා කරනවානම් update හරියට දැමීම කරන්න ඕනේ.
බොහෝම ස්තූතියි ව්ස්තරයට
හැමදාම මම ඉන්ටර්නෙටි Connect වෙලා ඉන්න වෙලාවට මගෙ කිසිම අනු දැනුමකින් තොරව PC එක data use කරනවා. මෙම කරණය නිසා මගෙ data වලින් 50%ක් විතර අපතේ යනවා. මම use කරන්නෙ HSDPA නිසා මට මෙම කාරණය ලොකු ගැටලුවක් වෙලා කාලිංග අයියේ මෙක virus ආසාදනයකින් සිදු වෙන දෙයක්ද ?
ඔවු, ගොඩක් විට. මම ඒ ගැන පොස්ට් එකේ කතා කරලා තියනවා.
මේකෙන් data use කරන්නේ කවුද කියල බලලා. නවත්වන්න පුලුවන්.
TCPView – http://technet.microsoft.com/en-us/sysinternals/bb897437
නියම ලිපියක්.. ගොඩක් වැදගත්.. ටෙක්කතා වලට ස්තූතී!
Kalinga ayye me post eka elakiri eke Publish karala
http://www.elakiri.com/forum/showthread.php?t=1103019
@අමිල
ඔහොම තමයි මල්ලී ඔය අයගේ හැටි. තමන්ට ගැකියාවක් නැති උනහම අනුන්ගේ දෙවල් අරගෙන තමන්ගේ වගේ පෙන්නවා
අපි මේවා කාටවත් බෙදාගන්න එපා කියලා නෑ. අපි කියන්නේ බෙදාගන්නවානම් එය Techකතා මැගසින් එකෙන් ගත්ත බව සදහන් කරන්න කියලා විතරයි.
wow post ඒක නම් මරැ… virus ගැන ෙගාඩක් ෙද්වල් දැන ගත්තා.
මෙග තියන්ෙන HP Lap ඒකක් win 7 Home genuine OS.
Intel Cor i3
DDR 3 2GB
1GB VGA
මම InDesign keygen ඒකක් Download කලා. ඒක setup file ඒකක් විදියට තමයි තිබුෙන. ඒක open කරල ටික ෙවලාවකින් රතු පාට window ඒකක් open උනා.
ෙම් විදියට Topic ඒක තිබුනා “You have committed network clam” .
ඒෙක් තව තිබුනා, මම unlicensed software, movies and musics Download කරල තියනවා කියලා.
බැරිම තැන මම Data ෙවන HDD ඒකකට අයින් කරල Recover කලා.
ඒත් දැන් Lap ඒෙක speed ඒක ටිකක් විතර අඩුයි වෙග්. Photoshop වැඩ කරද්දි සමහර ෙවලාවට ඒක් ෙගාඩක් slow ෙවනවා.
මම use කරන්ෙන PS CS5 Portable
ෙම්කට ෙමාකද කරන්ෙන……???????
හොදම දේ තමයි format කරන එක. කරලා crack නොදා ඉන්න එක.
මේ වයිරස් පතුරවන අය කරන දෙයක් තමයි, අරකට සීරියල් මේකට සීරියල් කියලා download කරන්න දාන එක. ඒවා රන් කරහම නිකන් පරිගනක වලට වයිරස් එන එක තමයි වෙනේ.
කාලිංග අයියා.. මම නම් ටොරන්ට් වලින් ෆිල්ම් තමා බාන්නෙ. ෆිල්ම් වලිනුත් වයිරස් එනවද ?
නෑ, ඒත සමහර වේලවට විල්ම් කියලා exe file එනම එනවා. ඒ කියන්නේ double extensions moviename.avi.exe වගේ. ඒක නිසා torrent එකේ comment හොදට බලන්න.
Thanks Kalinga Aiyaa…
බොහොම වැදගත් ලිපියක්. කාලිංග අය්යේ ඔයා LAN එකකට යෝජනා කරන වයිරස් ගාඩ් එක මොකක්ද ? අප්ඩේට් සහ සැකසුම් පාලනය සර්වර් එක හරහා කරන්න පුලුවන්නම් වඩා හොදයි.
all most all antivirus softwares has this, Norton endpoint security, Microsoft Forefront, Kaspersky.
buy the cheap one. but would recommend the MS one.
වටින ලිපියක් බොහෝම ස්තූතියි !!!
Internet Explore වෙනුවට Google Chrome හෝ Firefox බාවිතය.
Java ස්තාපනයෙන් වැලකී සිටීම.
Administrator ලොගින් එක බවිතයෙන් වැලකීම. හැම විටම user එකවුන්ට් එකක වැඩ කිරීම.
What are the consequences of using IE,Java and Admin login
IE තමයි දැනට මුල් තැන ගන්නේ තියන security හා hacking attack වල. ඊලගට අනිත් බ්‍රවුසර්. ආරක්ෂාවෙන් ඉදිරියෙන්ම ඉන්නේ Google Chrome. pwn2own කියන browser hack කිරීමේ තරගාවලියෙන් නොසැලී සිටියේ Chrome
http://www.engadget.com/2011/03/10/safari-and-ie8-get-shamed-at-pwn2own-chrome-still-safe-for-n/
administrator යනු පරිගනකයේ ඕනෑම දෙයක් කිරීමට බලතල ඇති account එකයි. මෙමගින් ඕනෑම system file එකක් වෙනස්කිරිමට උනත් පුලුව. administrator විදියට හෝ එම බලතල ඇති කෙනෙකු ලෙස log වී සිටින විට වයිරසයක් ක්‍රියාතක උනොත් එම වයිරසයට පරිගනකයේ ඕනෑම දෙයකට හානි කිරීමට සෝ ඕනෑම තැනකට ඇතුලුවීමට පුලුවන්. නමුත් user කෙනක් ලෙස log උන විට ලැබෙන බලතල සීමාසහිත නිසා වයිරසයක් ක්‍රියාත්මක උනොත් වන හානිය බොහොම අඩුයි.
Java කියන්නේත් දැනට ගොඩක් අය hack කිරීමට යොදාගන්න එක විදියක්, මොක්ද ජාවා වලද ගොඩක් සිකුරුටි ගැටලු ඇතිකම හා ඒවා නිවැරදි කරන්න ලොකු update දැමීමට සිදුවන නිසා ගොඩක් අය එය නොකර සිටීම.
ගොඩක් විට පරිගනකයට ජාවා උවමණා නෑ. ඉතින් බාවිතා නොකරනවානම්. නොදාඉන්න එක තමයි හොද.
photoshop වගේ එකක් නම් අපිට ගොඩක් වෙලාවට ඕන වෙන දෙයක්නේ … ඒ වගේම visual studio ,dreamweaver වගේ ඒවත් IT කරන ගොඩක් අය පාවිච්චි කරනවනේ .. ඉතින් මේවා සදහා විසදුම මොකද්ද ? opensource භාවිතා කලා කියලා photoshop වලින් ගන්න ප්‍රයෝජනය උපරිම ගන්න පුලුවන්ද ? abode software වෙනුවට අපි මොනවද පාවිච්චි කරන්නේ ?
photoshop වලට නම් ගිම්ප් හා හිම්ප්ෂොප් තියනවා. මම දන්න අය ඉන්නවා සියලුම වැඩ මේවගේ කරන. visual studio නම් නොමිලේ දෙන version `එකක් තියනවා. dreamweaver වලට ආදේෂක තියනවා.
http://alternativeto.net/software/adobe-dreamweaver/?license=free
තමන් බාවිතාකරන අදාල සොෆ්ට්වෙයාර් එකට ආදේෂක මෙතනින් හොයාගන්න පුලුවන් http://alternativeto.net/
එල එල කාලිංග අයියා!
Godak honday Ape ayata therena Vidihata Sinhalen dapu 1ka, ape ayage varadi walin thamay godak 90% ma Virus System 1kata yanne,
Virus giyoth CPU 1ka Format karannama onne, nathinam system error hitinawa….
meka hoda lipiyak vunath praticaly gatthama hugak prshna thienawa.
1)ape vadawalata samharak wela wal vala ta apita commerical programmes use karranna venawa hodama udaharaney thamai windows ita amathara photoshop,premire,soundbooth etc…
ithin mewa hugak bawitha karana aya install karala pavichi karanney crack dala.crack valin virus ena katha athhakuth thienawa.samahara crack ahema naha.keygen valin keyrennay api ta crack karrana ona programme ekay athulata gihin serial no eka apita aran dena eka ho aya laga athi serial no apita dima.mokada api kochara kiuwath meka hoda nathi vadak kiyala.90% vage use karraney pirated software.mekata hetuwa salli prashnaya.lankaway hamotama itha ihala adayam margayak naha ney.uda haranayak hatiyata kiyanawanam.winxp eka Rs20,000 withra wenawa.photshop original 79,000 withera wenwa.may o/s eka kaspersky antivirus ((Rs1500))eka denna gannata denna puluwanam hamoma original windows gani.nathnam kochara api kiuwath commercial software vali ayin wela open soucre valata enna kiyala eka practical naha. hethuwa api company yaka job ekata giyahama apita denney premire valin hari photoshop valin vadak karanna kiyala num ethanadi prashanyak enawa.unity plaza ekay hoyala baluwoth original windows ekka gana danna ganna puluwan hari ya ta ma kiyyada kiyala. pirtate software use karana eka hoda nathi venna puluwan software company valata mokada windows vage o/s valata egolla hugak mahansi wenawa.eth customer ta dariya haki mudala ganath mey software company hithanna oney mokada agolanta thami mekata hakiyawa thiennay.
2)thwa deyak api priated windows eka pawichi kara kara windows update ganna geyoth wennay api wa black listed wena eka.ethkota apahu pc eka format karranna wenawa.lipiyak liyanakota poduway hithala liyanna oney.
3)Microsoft Security Essentialist meka install karannath windows original wenna oney.mage ath dakimay hatiyata lanka way hugak aya prirated windows thami pavichi karraney.meka danna giyamth online check karanawa windows original da kiyala original nath nam black list karanawa.it passay dawa 30 hen passay wada karnna baha.format thami karranna wenay.apita net haraha pin wagema pau karranna puluwan bawa mathaka thiyagena wagkimen wada karanna oney.
Contnud…mula comment eka ha Badey..eka ak amthaka wuna hugak software company agolla ge software pirate use karranna eka valak wanna antivirus company wala ta salli gevanawa.keygen,crack patch virus hatiyata pennana kiyala.samahara vita SamaharA crack valin ape computer ekata hani yak nathi wenna puluwan.eth virus guard valin pennaney virus hatityata.eth samaharak patch,crack use karama virus torjan horse hara ha ape data vala ta hani karrna puluwan,hack karrannath puluwan.
Ayya, what about Opera? Does is also have any security problems?
What about downloading from CNET Download.com rather than from the software venfor’s site. Sometimes I do it to reduce the traffic & to read comments.
@Dushan
සරල පිලිතුරක් ලියන්නම්. OS එකක් ගන්න බැරි එක. ගොඩක් අය අලුතෙන් පරිගනකයක් ගන්න ඊට ලොකු ගානක් වැය කරනවා, ඊට තව රු.6000ක් වියදම් කරන්න බැරි කමක් නෑ. මොකද Windows 7 Starter එකක මිල ඒක තමයි. ලොකුවට ලොකු version දැම්මට අපි ඕවගෙන් කීයන් කීයද බාවිතා කරන්නේ ? නැතිනම් Rs.12,500 යක් පමණයි වෙන්නේ Windows 7 Home එක. ඉතින් මේක දරන්න බැරි වියදමක් ලෙස මම දකින්නේ නෑ.
දැන් කියන්න පුලුවන් මුදල් නැති අය ගන්නේ පරණ පරිගනක කියලා. දැනට ලංකාවට ගේන සෑම පරණ පරිගනකයට OEM ලගේ Original OS එකක් එනවා. එයට අදාල සිරියල් හා ස්ටිකරය ඔය හැම පරිගනකයකම තියනවා.
ඔය ඔක්කොම බැරිනම් ලිනක්ස් තියනවා. ඔය හැමදේම ඒකෙත් කරන්න පුලුන්.
කලින් මම කිවුවා ඔය සෑම software එකකටම වගේ ආදේෂක තියනවා කියලා. ඉතින් ඒකක් බාවිතාකරන්න පුලුවන්. පුරුදු වෙන්නනම් demo/trial බාවිතා කරන්න පුලුවන්.
වැඩ කරන්න යොදාගන්නවානම්, එම වැඩේ කිරීමෙන් මුදලක් ලැබෙනවා. එම නිසා හොර කිරීම සාදාරනීකරනය කරන්න බෑ.
crack වල වයිරස් නෑ, ඒ මුදල් ගෙන පෙන්නන බොරු දෙයක් කියන එක, ඔය කැරෑක් හදලා වයිරස් බෙදන අය යොදාගන්න තවත් එක් ක්‍රමයක්. crack එකේම තියනවා මේක බොරුවට වයිර්ස් කියා අසුවෙන නිසා virus scanner එක disable කරන්න කියලා. මේවා තමයි මම මුලින්ම කිවුවේ, ඉල්ලාගෙන දාගෙන පසුව දුක් වෙනවා කියන එක.
කොහොම උනත් මම මෙතන කියන්නේ තමගේ පරිගනකයේ දාන්න ඕනේ මොනද නැත්තේ මොනාද කියන එක වත්, මෙහම කල යුතුයි කියන එක වත් නොවෙයි. හුදෙක් අයට තියන වයිරස් ගැටලුව ඇත්තටම වෙන්නේ මොකක් නිසාද හා දැනගැනීම පිනිස. ඉතින්, මේ දැනුම කොහොම යොදාගන්නවාද වත්, තමන්ගේ පරිගනකට වයිරස් ආවට ගානක් නැති නම්. එයින් මට ගැටලුවක් නෑ.
මේ දැනුම තමන්ට කැමති විදියකට යොදාගන්න පුලුවන්
@Badrajith
Opera ත් ගොඩක් ගැටලු සයිතයි.
CNET Download.com වල උවද ad-ware හා spyware තියන software මම දැක තියනවා. සමහර software වල terms වලම තියනවා මේ මගින් ඔබේ දත්ත අපි වෙනත් අය එක්ක බෙදා ගන්නවා වගේ දේවල්. අපි කවුද ඉතින් ඔය terms කියවලා accept/agree කරන්නේ ?
mama avurudu 4 thisssay software vikunana kadeka vadakarapu kenek hatiyata.mage experience anu balnakota nam samara aya horata copy karrala dena windows cd akka ganna pawa kamathi naha.hetuwa mila wadi kiyala(milla 500).mama adurana aya innawa A golla Kaspersky Antivirus aka hodai ganna kiwuwa ma muna deka karagannawa.samahara aya gannema naha akay mila 1500.original.api lagata ena aya ekka katha keruwata passay kiyanney win7 valta 6,000 viyadam karranna bari bawai.linux wala ta lankaway kattiya achhara kamathi naha.A golla kamthi naha ubuntu walata maru wenna.eva igenna ganna.igenna ganna kiwoth kiyayi ewa karadara vada nath nam kiyai ara game eka vada karney naha kiyala natha windows valata hadapu software vada karney naha kiyala.wine dala vada karnna kiyuwama kiyai eka kohamada vada karraney kiyala.mata dannena terana hatiyata linux,ubuntu gana lanka way ayage danuma adui.adu tharamin ubuntu video traning basic course ekka hari nathnam basic an advance hatiyata Sinhalen ka ta hari patan ganna puluwan num hodai.mama piracy kiyanna deya sadaraniyakaranawa naha.eka waradi wunath ape aya karanna purudu wela inney ai kiyala thami hoyala balanna oney.mama kawadwath හොර කිරීම සාදාරනීකරනය Karney naha.mokada mama dannawa software ekka hadanna aya kochara mahansi wenawada kiyala.kochara salli sampath a wenuwen yodawanwada kiyala.mama kiyanney hamotama original windows ganna mudal nathi bawa withari.mama kamathi hamomatama original windows ganna labeywa kiyala.
may site ekay thiyenawa samhara ubuntu video tutorials gurulk.com
@ Dushan, who cares of Windows? I don’t like it anymore. They made my system show annoying messages & finally, I had to switch to Ubuntu. Now, I love Ubuntu. Less errors, faster performance, less disk usage & more than all them, freedom. You just need an internet connection & an Ubuntu CD. It comes with dozens of software packages. The only problem for me was I couldn’t find an alternative for Flash. GIMP for Photoshop, Inkscape for Illustrator & CorelDRAW, Blender for 3DS Max & Maya & OpenShot for all the video editing software. If you talk about games, few sophisticated games also available for Ubuntu. But, you’ve to download over 100 MB. Arcade Games, Simulator Games & much more. As I know, Ubuntu has at least 5 highly sophisticated games. If someone says they’re poor, I don’t agree with him. As we all have to use illegal Windows systems, so we can’t ask for help from Microsoft, I think Ubuntu will be a good alternative for that. Ubuntu also has viruses but if you’ve a good internet connection, I don’t think you’ll ever have to worry about viruses. Such a great system. I’ve encouraged all of my friends to switch to Ubuntu & some have accepted. Internet access is essential for Ubuntu.
ela
අයියේ අපේ Email එක Spam එකකට අහුවෙලා නම් කොහොමද එකෙන් ගැලවෙන්නෙ……?
මම මේක notice-board එකට notice එකක් ලියන්නම්……….
අනික ඔය Techකාත වලදි කිවුවෙ අර Password හදගන්ඩ පුලුවන් කියල App එකක්, එක කියන්ඩකෝ…………
really useful bro!
Ow Badrajith mamath kamathi mulu lanka wama ubuntu pavichi karanawaNum.mokada eka ape economy eka ta Vasi.Eth lankaway hugak office wala thama duwaney WinXp,Win7.Api Patharey jobs ad vala baluwoth hugakma thiyeney windows 0/S ekay vada karana katiya illala.A Gana Ticka Ak Hithanna.eka api hamogema athey thami thiyeney winxp vala hari win7 vala idala ubuntu walata maru wena wada nadda kiyala.mamth ubuntu use kara eka hodai.Oya ge Comment eka hodai.Mama Yojana karanawa mayka kiywana kenek Ubuntu tutorial sinhalen hadala market ekata danna kiyala.habai Ubuntu Wala A-Z kiyala dena ekak num wada hodai.
එල කිරි , මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන් ..
මේක කියෙව්වම තමයි මං දන්නේ මගේ machine එකට මාත් ඔය කියපුවා කරගෙන කියලා ..
එල කිරි, supiri aiye ,
කාළිංග අයියේ,
ඇත්තටම ජාවා පාවිච්චි කරද්දී වයිරස් එන එක මම නම් අත්විදලා තියනවා. ඒත් ෆ්ලෑෂ් Player එක හරහාත් වයිරස් එන්න හැකියාවක් තියනවාද?
බොහොම පින් වටින අදහස් ටික
eththenma nodanna dewal bohomai kiyala den thama denagaththe,
මොකද free software ගන්න open sourece ගන්න කියල ඔය කියන්නේ .එකේ මොකක්ද වෙදගත්කම ?
Thanks for the article
My USB Pen effected a virus and all folders renamed with symbols that cant read and open. How can I remove that virus and recover my data. I used AVG but it doesn’t catch that virus
My USB pen drive effected a virus and some of the folders were renamed with symbols that cant read and open. How can I recover my data Please help me
‘Predator’ kiyana softwere aka comakata instal kala ath dan aka kohomatawath uninstall karannaba mata sakai ak avirus akakda kiyala aka gatthe blog ahekathibila
The Best Way
DONT USE COMPUTER
අපි හැමවෙලේම කොටු වෙලා ඉන්නෙ එකම රාමුවක..අපි පෝන් එකක් ගන්නකොට ගොඩක් වෙලාවට පෝන් එකේ ෆීචර්ස් ටික බලනව ඇර ඒකෙ තියෙන ඕ එස් එක ගැන බලනව අඩුයි..
නමුත් අපි මැසින් එකක් ගත්තොත් ඔබන්න යන්නෙම වින් සෙවන්…ගොඩක් අය හිතන් ඉන්නෙ කොම්පියුටර් කිව්වොත් වින් තමයි කියල…
අපි ස්මාට් පොන් එකක් අරන් සතියකින් ඒකෙ තියෙන හැම වැඩේම අල්ල ගන්නව වගේ ලේසියෙන් ලිනක්ස් අපිට අල්ල ගන්න පුලුවනි…
ලින්ක්ස් වලතියෙන ලොකුම අවුල වෙන ඩ්‍රයිවර් කේස් එක දැන් අඩුයි..ඒකත් කොමන් හාඩ්වෙයාර් ගන්නවනම් හරියනව..දැන් එන්වීඩියා වීජී ඒ වලට උබන්ටු වලින් ඩයිවර් දෙනව…
මෙතනදි කියන්න ඕනි ලිනක්ස් කියන්නෙ ලිනක්ස් මිස උබන්ටු පෙඩෝර හෝ සූස්ම නෙමෙ…ඔබේ පරිඝනකයට උබන්ටු නිසිලෙස ස්ථාපනය වීමේ හෝ වෙනයම් ලෝඩින් ගැටලු එනවනම් කිසි පස්නයක් නෑ මින්ට් ලිනක්ස්,ෆෙඩෝර,හන්තාන,සූස් ඕනි එකක් දමාගන්න..
එක ලිනක්ස් වර්ෂන් එකක වැඩ කරගත්තොත් අනික් ඒව හැම එකම සිම්පල්..
මට ලඟදි හමු උනා මින්ට් ලිනක්ස් වල ඇප් එකක් මුලු කම්පීතරේම පෙන්නනව සිංහලෙන්ම..ඇප්ලිකේෂන් බෝමයක් සිංහල වලින් තියෙන..
අනික අපි වින් ගත්ත කියල දෙන ලෙඩවල අඩුවක් නෑනෙ..අනික වින් හොරකොපි දාගත්තම දෙන ලෙඩ ගාන බෝම වැඩියි..
ලිනක්ස් වලිනුත් ඔක්කෝම එකපාර හොඳටම ගන්න අමාරුයි..ඒත් එන ගොඩක් පස්නවලට විශ්වාසනීය තොරතුරු ඒ අදාල ඩිස්ට්‍රෝඑක ගත්ත සයිට් එකේම තියෙනව..මොනාහරි අවුලක් තියෙනවනම් කැඩිච්ච ඉංගිරිසියෙන් එරර් මැසේජ් එක විතරක් හරි බග් රිපෝට් එකක් විදියට දැම්මොත් ගොඩක් වෙලාවට ඒ අය රිප්ලයි කරනව..
මට නම් වින් වල නිල්පාට දිරවන්නෙම නෑ මං දැන් අවුරුදු 4ක් තිස්සෙ ලිනක්ස්..මං නෙට්වර්කින් මෙලෝ දෙයක් දන්නෙ නෑ..ඩෙක්ස්ටොප් ඕ එස් එකක් විදියට විතරයි මං භාවිතා කරන්නෙ…
කිසි දවසක වෛරස ආසාදනයක් මා දැනුවත්ව පෙන්නුම් කරල නෑ..
ela hodee..pattaaaaa
maru article eka,kiyala vadak na…..! Habai thawa pahadili kireemak ona than thiyenawa.User account ekakin log unama thiyena amathara arakshawa mokakda?Explorer pawichchi karama thiyena wenasa mokakda? Java danatamath install karala thiyenawanum mokada karanne? (samahara site walata Java install karannama wena welawata mokada karanne?) Hathweni point eka num therunema na….. PLEASE EXPLAIN…
man danna hodama kramaya tamai com ekak bavita nokara siteema NO MORE VIRUS he h ehe eh eeeeeee
Thanks for the information buddy