Video Review: Google Nexus One
Warning: preg_match() [function.preg-match]: Delimiter must not be alphanumeric or backslash in /home/kalinga/public_html/magazine/wp-includes/media.php on line 1171
Warning: preg_match() [function.preg-match]: Delimiter must not be alphanumeric or backslash in /home/kalinga/public_html/magazine/wp-includes/media.php on line 1171
හැඳින්වීම
අද අපේ ආරම්භක ටෙක්කතා review වැඩසටහනින් අපි ඉදිරිපත් කරන්නේ Google Nexus One දුරකථනයයි.
ජංගම දුරකථන ලෝකයට Google සමාගම පිවිසෙන්නේ Google Nexus One දුරකථනයෙන්. තායිවානයේ HTC සමාගම මගින් දෘඩාංග නිපදවල තිබෙන මෙහි ප්‍රධාන තාක්ෂණික විශේෂාංග වන්නේ
- GENERAL1GHz ස්නැප්ඩ්‍රැගන් ප්‍රොසෙසරය, 512MB ROM, 512MB RAM, 32GB දක්වා යා හැකි microSD දත්ත ගබඩා පහසුව
- VISUALAMOLED Cpacitive Tochscreen, Multi Touch, 5 MP කැමරාව, LED Flash, Geo Tagging, 720×480 Video
- CONNECTIVITYWiFi, Bluetooth(with A2DP), microUSB
- OSAndroid (2.3.6)
- OTHERAccelerometer, Trackball, Proximity Sensor, Digital compass, Active noise cancellation with dedicated mic
ඉහත සඳහන් කරලා තියෙන්නේ මේ දුරකථනයේ තියන ප්‍රධානතම අංග. මීට අමතරව තවත් ගොඩක් විශේෂාංග මේ Nexus One දුරකථනයේ තියනවා. වැඩි විස්තර අන්තර්ජාලය ඔස්සේ සොයාගන්න පුළුවනි.
විශේෂාංග
නූතන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ තියෙන අනිකුත් දුරකථනත් එක්ක සංසන්දනය කරලා බලනකොට මේ දුරකථනයේ ඇති අංග සුපිරියි කියන්න බැහැ. නමුත් Google සහ HTC සමාගම් වල තිබෙන තාක්ෂණික දැනුම, උපරිම පරිශ්‍රීලක අත්දැකීම ලබාදීමට දරන මහන්සිය සහ Android කියන කාරණා සුසංයෝගයෙන් Nexus One දුරකථනය වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් තිබෙන දුරකථනයක් බවට පත්වෙලා තියෙනවා. Gyrometer හා NFC වැනි උපාංග නැති අඩුව නිසා විශේෂාංග වලට Nexus One දුරකතනයට අපෙන් ලැබෙන්නේ 80%ක්.
සැලැස්ම හා නිමාව
සැලැස්ම හා නිමාව අතින් Nexus One දුරකථනය ඉතාම ඉහලින් ඉන්න බව අපේ හැඟීමයි. කැමරා ලෙන්සය හා LED උපාංගත් ඉහල නිමාවක් පෙන්වනවා. ලෝහමය හැඟීමක් දැනෙන Teflon ආවරණය සහ ඇදකුද අඩුලුහුඩු නැති දාර වලින් යුතු මෙයට 100% ක ලකුණු දෙන්නයි අපේ අදහස.
ක්‍රියාකාරිත්වය
ක්‍රියාකාරිත්වය අතින් ගත්තත් මේ Nexus One දුරකථනය තරඟකරුවන් ගොඩක් දෙනෙකුට වඩා ඉදිරියෙන් ඉන්නවා. වසරකට වැඩි අපේ අත්දැකීම් වලට අනුව නම් මෙය ඉතාමත්ම ව්ශ්වාස තැබිය හැකි දුරකථනයක්. ගොඩක් ස්මර්ට්ෆෝන් වල තිබෙන පොදු අඩුපාඩු (උදාහරණයක් විදිහට ගත්තොත් screen orientation මාරු වෙන විට ඇතිවන සුළු stuck වීම්, jittering වැනි දේ) මෙහි නැති තරම්. Google Maps වැනි තරමක් බර Application වුනත් සුමට ලෙස ඉදිරිපත් කරන්නට මේ දුරකථනයට පුළුවන් වෙලා තියෙනවා.
පාවිච්චියේ පහසුව
පාවිච්චියේ පහසුව පිළිබඳ කතා කලොත්, මේ දුරකථනයේ තිබෙන එක් ගැටළුවක් තමයි hardware keyboard එකක් නැතිකම. ඔබ දුරකථනය වැඩි වශයෙන් පාවිච්චි කරන්නේ කෙටි පණිවිඩ හෝ ඊමේල් සඳහා නම් සමහරවිට මෙය තදින් බලපාන්නට ඉඩ තිබෙනවා. අනිත් ප්‍රධානම කාරණය තමයි මෙහි OS එක වන Android හිතිබෙන දුර්වලතා. උදාහරණයක් ලෙසට, ඔබට ඔබේ contact එකක් තව කෙනෙකුට කෙටි පණිවිඩයක් මගින් යවන්නට අවශ්‍යනම් එය පහසුවෙන් කරන්නට කෙටි ක්‍රමයක් මෙහි නැහැ. (මෙතැනදී අවධාරණය කරන්නට ඕනෑ අපි මේ කථා කරන්නේ Stock Android ස්ථාපනය කර තිබෙන මුලික දුරකථනයක් ගැන බවයි. මේ හැම දෙයක්ම පාහේ Android වෙනුවෙන් නිපදවූ Application මගින් ඉටු කරගන්නට පුළුවනි.) මේ හැම කරුණක්ම සලකා බලා අපි තීරණය කළා Nexus One දුරකථනයට 50% ක් ලබා දෙන්නට පාවිච්චියේ පහසුව වෙනුවෙන්. තරමක් සැර වැඩි විවේචනයක්!
ටෙක්කතා මීටරය
- විශේෂාංග

- සැලැස්ම හා නිමාව



මට android ෆොන් එකක් ගන්න උණ හැදුනේ මෙන්න මේ ජාතියෙ ෆොන් එකක් දැකලා තමා.. මං ආසම මොඩල් එකක්
මටත් Android උණක් හැදුනේ කාලිංග අය්යාගේ Nexus One ඒක දැකල.
Nice review. Keep it up guys…
දැනට මේක කොච්චර විතර මුදලකටද වෙළෙදපොලේ අලෙවි වෙන්නෙ?
මේ ගැන විඩියෝ එකේදී කිවුවා
හොඳ වැඩක් ! තවත් ස්මාට් දුරකතන ගැන දාන්න. ඉතා වැදගත්. දැනට අඩුම මිලට තියෙන ඒවා, වැඩි වැඩ තියෙන ඒවා, වැඩිම ජනප්‍රිය ඒවා ගැනත් දාන්න.
ජය වේවා !
Google Nexus s review aekak danna puluwannam godak hodai ,oyala me karana wede godak vatinawa
එකනෙ ලොක්කා, ඔක්කොම දාලා තියෙනවා. ඕන කරන 1 නැ. ගාන කියදෝ????????????
මේ ගැන විඩියෝ එකේදී කිවුවා නේ
ලංකාවේනම් ගන්න නෑ, ebay, amazon නම් තියනවා, රු.30000 පමණ. හැබැයි ගොඩක් ඒවා Super LCD.
ගොඩක් හොද වැඩක්. වීඩියෝ එකේ කාලිංග අයියා කියන දේවල් නම් හොදට පැහැදිලිව ඇහෙනවා. රංග සහ පුබුදු කියන ඒවා ටිකක් විතර පැහැදිලි මදි.
ඔවු අමිල, දැනට මයික් ගැටලුවක් ඒ විඩියෝවේ තිබුනා, ඒක ඉදිරියේදී අපි නිරාකරනණය කරන්න තමයි ඉන්නේ.
Shaaa hoda Wadak Aiya……….Matath 1k Ganna hiteanawa…
Elakiri Matath ekak ganna dibunanam hodai
Oyalage Programme ekanam niyam jayawewa
meka 18kata ganna eka labada
මේක හොද වැඩක් නෙව දරුවෝ.මොකද අතර මග නවත්තලා.