Skip to content

April 3, 2012

2

ගූගල් වෙතින් අප්‍රේල් විහිළු!

අප්‍රේල් පලවෙනිදා කියන්නේ කාගෙ දවසද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒ දවස හුඟක් අය කාව හරි ගොනාට අන්දන්න තමයි කොහොම හරි උත්සාහ කරන්නෙ. අනිත් දේවල් අතින් වගේම ගොනාට ඇන්දිලි අතිනුත් ඉදිරියෙන්ම ඉන්න සමාගමක් තමයි ‘ගූගල්’.

සෑම අවුරුද්දකම මොකක් හරි බොරු නිෂ්පාදනයක් ගැන ලස්සනට ගොතපු කතා ගූගල් සමාගම ප්‍රසිද්ධ කරන්නෙ අදක ඊයෙක ඉඳන් නම් නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ‘ජීමේල්’ සේවාවත් ඒ විදිහට කරපු අප්‍රේල් විහිළුවක් සැබෑ වීමක්.

අනිත් අවුරුදු වලට සාපේක්ෂව ගූගල් සමාගමේ විවිධ කණ්ඩායම් මේ අවුරුද්දෙ අප්‍රේල් විහිළු ඉදිරිපත් කරල තියෙනවා. ගණන එකක් දෙකක් එහෙම නෙමෙයි. පහලොවක්!

1. 8bit Google Map

ඔවුන්ගේ සුප්‍රසිද්ධ සිතියම් සේවාව බිට් 8 ආකාරයෙන් තමයි අප්‍රේල් පළවෙනිදා දවස පුරාම දිස්වුනේ. දැන් එය සක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් මෙම පුරුක ඔස්සේ පිවිසෙන්න

2. Google Really Advanced Search

ගූගල් දැනට පිරිනමන ‘Advanced Search’ වලට වඩා ඉතාමත් දියුණු කල සෙවීමේ මුහුණතක් තමයි Google Really Advanced Search. පෝරමය පුරවලම බලන්නකො..

3. Chrome Multitask Mode

තුන්වෙනි එක තමයි ගූගල් ක්‍රෝම් මල්ටි ටාස්ක් මෝඩ් එක. ගූගල් ක්‍රෝම් බ්‍රව්සරය මවුස් පොයින්ටර දෙකකින් පාලනය කරන්න පුළුවන් විදිහේ මෝඩ් එකක් තමයි මේ. මල්ටි ටාස්කින් ගැන දැනගන්න මෙන්න මේ වීඩියෝව බලන්න.

4. Google Racing

හතර තමයි ‘ගූගල් රේසින්‘. මේකෙදි රියදුරෙක් නැතිව Nascar තරඟ සඳහා කාර් ඉදිරිපත් කරන ආකාරය තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ.

5. Google now lets you change the weather

තමන්ට කැමති විදිහට කාළගුණය වෙනස් කරගන්න දෙන එක තමයි මේකෙන් වෙන්නෙ. කාළගුණය කිවුවට ගූගල් අඩවියෙ තියෙන කාළගුණ වාර්තාව තමයි මේ විදිහට වෙනස් කරන්න දුන්නෙ.

6. Gmail Tap

අකුරු 26 යතුරු පුවරුව වෙනුවට සකස් කරපු අකුරු දෙකක යතුරු පුවරුවක් සහිත ජංගම දුරකථන ඇප් එකක් තමයි ‘ගූගල් ටැප්’. මේකෙදි පාවිච්චි වෙන භාෂාව තමයි මෝ(ර්)ස් සංකේත ක්‍රමය (Morse Code). මෝ(ර්)ස් ක්‍රමයට පණිවිඩ යැවීම කාලයක් නාවික ක්ෂේත්‍රයෙ ඉතා ප්‍රසිද්ධ වෙලා තිබුනා. මෝ(ර්)ස් ක්‍රමයට ටයිප් කරන්න පටන් ගත්තොත් නම් ඇස් පියාගෙන ටයිප් කරන්න පුළුවන් වෙයි.

7. Click-To-Teleport

Click-To-Teleport‘ කියන්නෙ අපි කෑම කඩයක වෙළඳ දැන්වීමක් දැක්කොත්, අපිට එසැනින් ඒ කඩයට යන්න පුළුවන් විදිහෙ සේවාවක්. පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ ආපහු ගෙදරට එන්න මේ සේවාවෙන් තවමත් සහයෝගයක් ලැබෙන්නෙ නැති එකයි.

8. Google Street Roo

ගූගල් street view බොහොම ප්‍රසිද්ධ සේවාවක්. ඒත් Street View සඳහා ඡායාරූප ගන්න බයිසිකල් / කාර් / වෑන් වලටත් ලඟාවෙන්න බැරි තැන් තියෙනවා. ඕස්ට්‍රේලියාවෙ Outback කියන්නෙත් එහෙම ප්‍රදේශයක්. ඒකට විසඳුමක් තමයි ඕස්ට්‍රේලියාවෙ ගූගල් කණ්ඩායමෙන් මේ ඉදිරිපත් කරල තියෙන්නෙ. ඒ තමයි කැන්ගරුවන් යොදාගෙන ‘අවුට්බැක්’ වල පිංතූර ගන්න එක. ඒ, කැන්ගරුවගෙ ඔලුවෙ අංශක 360ක්ම ආවරණය වෙන කැමරා සවි කිරීම් මඟින්.

9. The YouTube Collection

මේක නම් ලංකාවෙ අයට ගොඩක් වැදගත් වෙයි. ඒ තමයි යූ-ටියබ් අඩවියෙන් තමන්ට අවශ්‍ය තරම් වීඩියෝ, DVD තැටි වශයෙන් ගෙන්වාගන්න පුළුවන් ක්‍රමයක්. DVD කීයක් ගෙදරට එයිද දන්නෙ නෑ, මුළු YouTube එකම ඇණවුම් කලොත්..

10. GoRo

මේක GoMo කියලා ගූගල් සමාගමටම අයිති අඩවියක අප්‍රේල් විහිළුවක්. මේකෙන් කියන්නෙ පරණ රොටරි දුරකථන හා මහා මාර්ග අයි‌ෙන තියෙන පේ-ෆෝන් දුරකථන කිසිම එකකින් වෙබ් අඩවි වලට පිවිසෙන්න බැරි බවත්, ඒ සඳහා තමන්ගේ වෙබ් අඩවිය සකස් කරගන්නා ලෙස වෙබ් අඩවි හිමිකරුවන්ට දෙන පණිවිඩයක්.
පිවිසෙන්න

11. Google Fiber Bar

සාමාන්‍ය ප්‍රකාශ තන්නු (Fiber Optic) රැහැනකට වඩා සිය ගුණයක් වේගයෙන් දත්ත හුවමාරු කරගන්න පුළුවන් තාක්ෂණයක් තමයි ‘Google Bar’ කියන්නෙ.

12. Google Voice for Pets

සතුන් සඳහා ගූගල් වොයිස් අංගයට සමාන අංගයක් කලින් අවුරුද්දකත් අප්‍රේල් විහිළුවක් විදිහට එලි දැක්වුනා. මෙවර අංගය තමයි සතුන්ගේ හඬ කෙලින්ම පණිවිඩයක් ආකාරයට පරිවර්තනය කිරීමක්.

13. Jargon-Bot for Google Apps

සාමාන්‍ය ව්‍යවහාර වෙන භාෂාව සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේදි භාවිතා වෙන භාෂාව දෙවිදිහක්. ව්‍යාපාරික භාෂාව, තේරුම් ගන්න පහසු සරල ඉංග්‍රීසියට පරිවර්තනය කරන වැඩසටහනක් තමයි Jargon-Bot for Google Apps.

14. Interplanetary Reporting Comes To Google Analytics

මේ හඳුන්වාදීම Google Analytics වෙත. වෙබ් අඩවි හිමිකරුවන්ට තමන්ගෙ අඩවියට පැමිණෙන සියළු දෙනාවම, එනම් පෘථිවි‌ය තුලින් හා පෘථිවියට පිටතින් පැමිණෙන්නන් පිළිබඳව තොරතුරු දැනගන්න පුළුවන් වෙන විදිහෙ නිර්මාණයක්.

15. Canine hiring process

අන්තිම අප්‍රේල් විහිළුව තමයි ගූගල් සමාගම දැන් බල්ලන්වත් සේවයට බඳවාගන්න පුවත. පිවිසෙන්න

මූලාශ්‍රය : TNW

Read more from News
2 Comments Post a comment
  1. චම්ලි
    Apr 3 2012

    මරේ මරු….

    Reply
  2. Prasan
    Apr 4 2012

    අති විශිශ්ටයි!!!!!!!

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->