Skip to content

April 7, 2012

3

Get Rs. 500 Free Mobile Recharge Now!

කතාවත් තියනවානේ නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව හරි කමක් නෑ කියලා. ඔය වගේ තමයි මේ දිනවල අපේ උගත් ලාංකීය facebook පරිහරනය කරන්නන් නේ අලුත්ම වැඩේ. නොමිලේ reload ගන්න හැම තැනම ස්පෑම් කිරීම නොහොත් එහම් අඩවි වලට ලින්ක් දැමීම. මීට කලින් මෙය නොමිලේ Airtel dongal එක ලෙස තමයි තිබුනේ.

අපිට මුලින්ම හිතෙන්න පුලුවන් මේක බොරුවක් කියලා නොදන්න කම. නමුත් කියවන්න බැරි එකට සමාවක් දෙන්න නම් අමාරුයි නේ ?

1. freerechargeindia.in (free recharge in india) මෙහි කොහෙද ලංකාව ගැන තියෙනේ ?

2. Circle: කියන කොටසේ තියෙනේ ඉන්දියාවේ නගර පමණයි.

3. දවක්වා ඇති දුරකතන සමාගම් එකක් ඇරුණ විට අනිත් සියල්ල ලංකාවේ නොමැති ඒවා වීම.

මෙවැනි සරල දේවල් වලින් උනත් පේනවා මේක ලංකාවට වත් අදල නෑ කියලා.

ඇත්තටම මෙවැනි සමාගම් කරනේ, ඊමේල් ලිපින, දුරකතන අංක වගේම පුද්ගල තොරතුරු එකතු කිරීමෙන් සැම් ඊමේල් වැනි දේවල් එවීමට මෙම දත්ත යොදාගැනීමයි.  මේවාට කියනේ සමාජ ඉංජිනේරු  (social engineering) ක්‍රමවලින් මිනිසුන්ව මුලා කිරීම් ලෙසයි. අපිට කියන තියෙනේ පනින්න පෙර සිතා බලන්න වගේ, share කරන්න පෙර සිතා බලන්න. මේවා share කිරීමෙන් තමන්ගේ මෝඩ කම ලොවට පෙන්වීමත් තමයි තමන් විසි සිදුකරනේ.

 

Read more from Articles, Guides, News
3 Comments Post a comment
  1. Apr 7 2012

    වටින කතාවක්…. Share කරන්න පෙර මීට පස්සෙවත් සිතා බලන්න.

    Reply
  2. හර්ෂන එරන්ද
    Apr 7 2012

    එකක් දැම්මොත් තව එකක් නොමිලේ වෙන්න ඇති නේද කාලිංග අයියා :හකාස්

    Reply
  3. ishara
    Apr 10 2012

    සහතික ඇත්ත කථාව.. ඹය free කියන වචනේ දැක්කොත් දහස් වාරයක් හිතන්න ඹන…

    Reply

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->