Skip to content

April 16, 2012

Get A Free Facebook T-Shirt

කතාවත් තියනවානේ නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව හරි කමක් නෑ කියලා. ඔය ගැන අපි කලින් වතාවකුත් කිවුවා. ඔය වගේ තමයි මේ දිනවල අපේ උගත් ලාංකීය facebook පරිහරනය කරන්නන් නේ අලුත්ම වැඩේ. නොමිලේ Free Facebook T-Shirt ගන්න හැම තැනම ස්පෑම් කිරීම නොහොත් එහම් අඩවි වලට ලින්ක් දැමීම.

අපිට මුලින්ම හිතෙන්න පුලුවන් මේක බොරුවක් කියලා නොදන්න කම. නමුත් කියවන්න බැරි එකට සමාවක් දෙන්න නම් අමාරුයි නේ ?

1. මේක තියෙනේ නොමිලේ දෙන Blogger සේවාවක.

2. කිසිම සම්බන්ද කරගැනීමේ වෙනත් කිසිම දත්තයක් නෑ.

3. මේම T-Shirt නොමිලේ දෙනාවානම් දෙන්න ඕනේ Facebook සමාගම්, නිකන් ඉන්න වෙනත් කෙනෙක් නිකන් දෙයිද ?

ඇත්තටම මෙවැනි සමාගම් කරනේ, ඊමේල් ලිපින, දුරකතන අංක වගේම පුද්ගල තොරතුරු එකතු කිරීමෙන් සැම් ඊමේල් වැනි දේවල් එවීමට මෙම දත්ත යොදාගැනීමයි.  මේවාට කියනේ සමාජ ඉංජිනේරු  (social engineering) ක්‍රමවලින් මිනිසුන්ව මුලා කිරීම් ලෙසයි. අපිට කියන තියෙනේ පනින්න පෙර සිතා බලන්න වගේ, share කරන්න පෙර සිතා බලන්න. මේවා share කිරීමෙන් තමන්ගේ මෝඩ කම ලොවට පෙන්වීමත් තමයි තමන් විසි සිදුකරනේ.

 

Read more from Articles, News

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->