Skip to content

January 7, 2013

Facebook Messenger හරහා වොයිස් මැසේජ්!

ෆේස් බුක් සමාගම Facebook Messenger හි Android සහ iOS සංස්කරණ සදහා වොයිස් මැසේජ් යැවීමේ පහසුකම පසුගිය බ්රේහස්පතින්දා ලබා දුන්නා. මේ හරහා භාවිත කරන්නන් හට සාමාන්යස ටෙක්ස්ට් පණිවිඩයකට අමතරව තමන්ගේ හඩ පටිගත කර යැවිමේ හැකියාව ද ලැබෙන අතර මෙය ක්රිරයාත්මක කිරීම සදහා, සාමාන්යම ටෙක්ස්ට් පණිවිඩයක් යැවීම සදහා ටයිප් කරන කොටසේ වම් පස කෙළවරේ තිබෙන + සලකුන ඔබා, ඊලගට මතුවන මෙනුවෙන් ‘Record voice’ යන්න තේරිය යුතුය. දැන් ඔබට රෙකෝඩ් බට්න් එකක් ලැබෙන අතර එය ඔබාගෙන අදාල පනිවිඩය කියවා අවසානයේ අතහැරීම මගින් පටිගත කරන ලද පනිවුඩය යැවිය හැක.

මෙය ෆේස් බුක් විසින් Facebook Messenger වෙත හදුන්වාදෙන ප්රයධානම විශේෂාංගය වන VoIP calling සදහා ආරම්භයක් වන අතර, දැනට කැනඩාවේ iPhone භාවිත කරන්නන් සදහා පමණක් වලංගු වන මෙම VoIP calling සේවාව ඉදිරි සති කිහිපය තුළ සියලුදෙනාටම භාවිත කළ හැකිවනු ඇත.

 

@Sachith | Source PCMag

 

Read more from News

Share your thoughts, post a comment.

(required)
(required)

Note: HTML is allowed. Your email address will never be published.

Subscribe to comments

-->