Skip to content

Posts from the ‘Rumor’ Category

30
May

Facebook සමාගමේ මීළඟ ඉලක්කය Opera?

Facebook කොටස් වෙළද පොලට ඇතුළු වීමෙන් පසු සිදුවීම් ගණනාවක් සිදු උනා. අප කලින් සඳහන් කරා වගේ Facebook ඔවුන්ටම කියල Browser එකක් සඳහා ඉව අල්ලමින් සිටිනවා.

අලුත්ම ආරංවිය තමයි ඔවුන් Opera Browser එක මිලදී ගන්න යන වග. මේ සඳහා Facebook සමාගම විශාල මුදලක් (ඩොලර් බිලියන 1.35 පමණ) වැය කිරීමට සුදානමින් සිටින බව කියවෙනවා.

Opera කියන්නේ බොහෝ mobile platforms වල ජනප්‍රිය, මිලියන 200 වඩා Opera Mobile සහ Opera Mini subscribers පිරිසක් ඉන්න සමාගමක්. ඒ නිසා Facebook Opera මිලදී ගත්තොත් ඔවුන්ට එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් – ඒ කියන්නේ Google Chrome + Google Plus වෙත හොඳ තරගයක් දීමට සහ ඔවුන්ගේ mobile presence වැඩි කරගැනීමට උපකාරී වෙනවා.

ඒත් සමහරු කියන්නේ මේක Instagram මිලදීගැනීම වගේ අනවශ්‍ය සල්ලි නාස්ති කිරීමක් වෙයි කියල.

තත්වය කෙසේ උනත් ඩොලර් 38න් පටන් ගත්ත Facebook සමාගමේ එක කොටසක අගය අද වන විට ඩොලර් 29 දක්වා බැස තිබෙනවා. Mark Zuckerbergගේ මේ තීරණ ඉදිරියේදී කෙසේ බලපායිද? Google සමාගමේ Google Plus Social Network එක මේකට කෙසේ උත්තර දෙයිද? අප බලා සිටිමු.

17
Apr

Google Drive 5GB for free ලබන සතියේ ?

Google Drive, කලයක් එනවා එනවා කියා බලාගෙන හිටපු, Google සමාගෙමේ cloud storage නොහොත් dropbox killer එක ලබන සතියේ එලි දැක්වෙන බව තමයි කට කතා කියනේ. http://drive.google.com වෙත ගියොත් ඔබට පෙනෙයි එක 404 error එකක් බව. එයින් කියවෙන්නේ මෙම domain එක පවා ක්‍රයාත්මක බවයි. Dropbox 2Gb නොමිලේ ඉඩක් දෙනකොට Google විසින් මෙය 5GB ලෙස ලබාදෙන බව තමයි පැවසෙන්නේ. ඊට අමතරව මෙය Windows, Mac OS, iOS, Android වලටද බාවිතා කරන්න පුලුවන් වෙනවා.

 

 

7
Apr

AT&T iPhone අන්ලොක් කරන්ට සැරසෙයි…

ඇපල් ලෝලියෙකු කැනඩාවට ගොස් තමන්ගේ iPhone 3Gs එක unlock කරන්න කියා AT&T ට පැවසූවිට ඔවුන් එක කිරීමට නොහැකි බව පවසා ඇත. පහුව ඔහු Apple සමාගමේ CEO Tim Cook (ටිම් කුක්) ට පවුද්ගලික ලිපියක් යවා ඇත. ඉන් පසු ඔහුගේ iPhone එක AT&T විසින් unlock කර තිබෙනවා.

දැනට වෙන ඕනෑම ෆොන් එකක් AT&T විසින් unlock කර දුන්නද, iPhone කිරීමට ඔවුන් මැලි උණා. නමුත් මේ ලිපියත් සමග, AT&T සමග ඇති ගිවිසුම අහෝසි ඌ iPhone ඔවුන් විසින් unlock කිරීමට සැරසෙන බවයි පැවසෙන්නේ. මෙය locked AT&T iPhone බාවිතා කරන්නට හොද ආරංවියක් වෙනවා.

Read moreRead more

4
Apr

Xbox 720 වලට දිගටම Internet උවමණායි ?

කටකතා වලට අනුව Microsoft සමාගමේ අලුත්ම game console එකක් ලෙස කියන Xbox 720 (රහස් නම Durango) එකට game එකක් play හැම වෙලාවේම internet සම්බන්ද තාවයක් අනිවාර්‍යයෙන්ම තිබියයුතුයි කියා කියනවා. මෙය Microsoft සමාගම විසින් කරන්න යන්නේ පරිගනක ක්‍රීචා copy කිරිම හා බෙදාගෙන බාවිතා කිරීම වලකා තමන්ගේ game එක live id එක හා එකට ඈදීමට බව තමයි දැනගන්න ලැබුනේ.

කටකතාවලට අනුව xbox 720 එක Blu-ray වගේම GPU (Graphical Processors) දෙකකින් සමන්විත වෙන බවයි කියන්නේ. හරියට පරිගනකවල XLI, Crossfire වැනි.  Kinect sensor එක xbox 720 එක තුලම එන බව තමයි කටකතා අනුව කියවෙන්නේ. xbox 720 එක 2013නේ දෙසැම්බර් මස වෙලද පොලට නිකුත්වෙන බව කියවෙනවා.

 

-->