Skip to content

Posts from the ‘News’ Category

4
Apr

වසර 18කට කලින් iPad එකක්, හැදුවේ නම් apple නොවෙයි!

දැනට Apple සමාගම විසින් Samsung/HTC සමාගම් නඩු පවරා තිබෙනවා iPad එක කොපිකිරීමෙන් Samsung Tab වැනි Android tabl නිපදවන බවත්, Tablet කියනේ Apple ලගේ නිර්මාණයක් ලෙසත්.  නමුත් දැන් පෙනීයනවා iPad නිර්මාණය වසර 18ක් පරණ නිර්මානයක් බව. ඒ කියන්නේ ජොබ්ස් මේකත් හොරකම් කරපු අදහසක් ?

ඒ විතරක් නොවෙයි Apple වින්සින් iPad එක apple නිර්මාණයක් නොවෙන අතර මෙය 1994දී Fidler/Knight Ridder tablet එකේ අදහස්ක් බවත් Apple D889 පේටන් බලත්‍රය ඇපල්ට අහිමි වෙන බවක් තමයි පෙන්නේ. 1994 දී Knight Ridder කියන පුවත් පත් සමාගම තමයි මේ iPad එක මීට වසර 18කට පෙර නිර්මාණය කරේ….

පහත විඩියෝවෙන් මේ ගැන විස්තරාතමක දක්වා තිබෙනවා.

 

4
Apr

Samsung Galaxy S III ලගදිම!

දැනට තියන කරුණු අනුව Samsung සමාගමේ නවතම Mobile Phone එක වන Galaxy S III එක නිකුත් කිරීමට මසක්ටත් වැඩි කලක් තිබුනද දැනට බෙදා හරින්නන් විසින් දුරකතන මිලියන 10යක් ඉල්ලා ඇති බව තමයි කියවෙන්නේ.

මෙහි Android ICS 4 වගේම, 12MP කැමරාවක්, 1.3mp ඉදිරි කැමරාවක්, Quad-core 1.5 GHz (කෝර් 4රකින් යුත්ත) ඉතා වේගවත් processor එකක්ද, 1GB RAM එකකින්ද යුක්තයි.  720 x 1280 pixels, 4.7 inches Super AMOLED තිරයකින් සමන්විත වෙන මේ දුරකතය iPhone 4S (640 x 960 pixels, 3.5 inches) එකට වඩා resolution සහිතයි!

දුරකතනයේ පූර්ණ විස්තර මේ පුරුක ඕසේ.

4
Apr

Xbox 720 වලට දිගටම Internet උවමණායි ?

කටකතා වලට අනුව Microsoft සමාගමේ අලුත්ම game console එකක් ලෙස කියන Xbox 720 (රහස් නම Durango) එකට game එකක් play හැම වෙලාවේම internet සම්බන්ද තාවයක් අනිවාර්‍යයෙන්ම තිබියයුතුයි කියා කියනවා. මෙය Microsoft සමාගම විසින් කරන්න යන්නේ පරිගනක ක්‍රීචා copy කිරිම හා බෙදාගෙන බාවිතා කිරීම වලකා තමන්ගේ game එක live id එක හා එකට ඈදීමට බව තමයි දැනගන්න ලැබුනේ.

කටකතාවලට අනුව xbox 720 එක Blu-ray වගේම GPU (Graphical Processors) දෙකකින් සමන්විත වෙන බවයි කියන්නේ. හරියට පරිගනකවල XLI, Crossfire වැනි.  Kinect sensor එක xbox 720 එක තුලම එන බව තමයි කටකතා අනුව කියවෙන්නේ. xbox 720 එක 2013නේ දෙසැම්බර් මස වෙලද පොලට නිකුත්වෙන බව කියවෙනවා.

 

3
Apr

ගූගල් වෙතින් අප්‍රේල් විහිළු!

අප්‍රේල් පලවෙනිදා කියන්නේ කාගෙ දවසද කියලා අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඒ දවස හුඟක් අය කාව හරි ගොනාට අන්දන්න තමයි කොහොම හරි උත්සාහ කරන්නෙ. අනිත් දේවල් අතින් වගේම ගොනාට ඇන්දිලි අතිනුත් ඉදිරියෙන්ම ඉන්න සමාගමක් තමයි ‘ගූගල්’.

සෑම අවුරුද්දකම මොකක් හරි බොරු නිෂ්පාදනයක් ගැන ලස්සනට ගොතපු කතා ගූගල් සමාගම ප්‍රසිද්ධ කරන්නෙ අදක ඊයෙක ඉඳන් නම් නෙමෙයි. ලෝක ප්‍රසිද්ධ ‘ජීමේල්’ සේවාවත් ඒ විදිහට කරපු අප්‍රේල් විහිළුවක් සැබෑ වීමක්.

අනිත් අවුරුදු වලට සාපේක්ෂව ගූගල් සමාගමේ විවිධ කණ්ඩායම් මේ අවුරුද්දෙ අප්‍රේල් විහිළු ඉදිරිපත් කරල තියෙනවා. ගණන එකක් දෙකක් එහෙම නෙමෙයි. පහලොවක්!

1. 8bit Google Map

ඔවුන්ගේ සුප්‍රසිද්ධ සිතියම් සේවාව බිට් 8 ආකාරයෙන් තමයි අප්‍රේල් පළවෙනිදා දවස පුරාම දිස්වුනේ. දැන් එය සක්‍රීය කරගැනීමට අවශ්‍ය නම් මෙම පුරුක ඔස්සේ පිවිසෙන්න

Read moreRead more

25
Sep

Check out the 15 funniest things that ever happened! වයිරසය!

දැනට Twitter යහලුවන් වෙතින් “Check out the 15 funniest things that ever happened!” යනුවෙන් Twitter පුද්ගලික පනිවිඩ මෙලෙඩ ලැබෙනවා ඇති.

 

මෙහි එන ලින්ක් එක click කල විට ඔබට Twitter අඩවියේ ලොගින් එයට රැගෙන අනු ඇත. මෙය ඇත්තටම twitter නොව “http://twittiler.com/main/login/”  කියා Twitter ලෙස සෑදූ අඩවියකි. මෙමගින් ඔබේ රහස් පද සොරාගනු ඇත.

 

 

 

 

යම් හෙයකින් ඔබ මෙලෙස ඔබේ රහස් පහදය දුන්නොත්, https://twitter.com/settings/applications වෙත ගොස් එහි ඇති ඔබ නොදන්නා සියලුම application ඉවත් කරන්න. ඒ වගේම මතක ඇතුව ඕබේ password මාරුකරන්න. එම password එකම වෙනත් ආඩවි හෝ ඔබේ ඊමේල් එකටත් යොදාගන්නවානම් ඒ සියල්ලද මාරු කරන්න.

 

2
Sep

ඇත්තටම ලංකාවේ හැකර්ලා හැක් කලාද ?

දැනට News වල වගේම හැම තැනම යන පුවතක් තමයි මේ ලංකාවේ හැකර් කන්ඩායමක් SLT, Microsoft වැනි සාමාගම් හැක් කරා කියන එක. අපි දැන් මේ හැක් කිරීමෙන් ගත්ත දත්ත මොනවාද කියලා. අරගෙන තියන දත්තනම් DNS Zone File information. මෙයින් එම සමාගම් වලට වෙන හානිය ? 0% කිවුවොත් නිවැරදියි. ඇයි මේ ? මෙම දත්ත හරියට SLT දුරකනන නාමාවලිය හොරකන් කලා කියලා කියනවා වගේ වැඩක්. ඒ කියන්නේ එම දත්ත ඕනේ කෙනෙකුට ගන්න පුලුවන් නිසා. අර හරියට ඔයාග නම දන්නවානම් දුරකතන නාමාවලිය බලලා දුරතනණ අංකය කිවුවා වගේ වැඩක්.

මේක කරන්න ගොඩක් අමාරුද ? කරලම බලමු නේ ?

DNS Info වැනි අඩවි තමන්ගේ සමාගමේ හෝ වෙනත් ඩොමේන් නාමයක DNS (Domain Name System) වල ගැටලු බලාගන්න හදපු අඩවි. අපි උදාහරනයකට ගමු techkatha.com  Read moreRead more

14
May

HD Movies නොමිලේ බලමු!

ඇමරිකාව වගේ රටවල් වලට පමණ සීමා වූ මේ අන්තර්ජාලය හරහා Movies බැලීම, දැන් ලංකාවේ අපිටත් පුලුවන් කමක් ලැබිලා, ඒ Youtube එකට ස්තුති වෙන්න. (මම කියනේ ටොරන්ට් download කරන එක නොවෙයි 😀 ) දැනට ලංකාවට ලැබෙන්නේ සීමිත චිත්‍රපට ප්‍රමාණකි, ඇමරිකාව වගේ රටවල් වලටනම් මුදල් ගෙවා උවද බලන්න අලුත්ම චිත්‍රපට තියනවා. නමුත් දැනට එහම මුදල් ගෙවා බලන පහසුකම අපිට ලබාදී නෑ. මෙහි වැදගත්ම කම HD 720p ලෙස මෙම විත්‍රපට බලන්න හැකිවීම. සමහරක් චිත්‍රපට නම් HD වලින් නෑ.

Buffer නොවී මෙම විත්‍රපට බලන්නම් අඩුම ගානේ 2mbps ADSL සම්බන්ද තවයක් උවමනා වෙනවා. නැතිනම් load වෙනකන් තබා පසුව බලන්න පුලුවන්.  ඇමරිකාව වැනි රටවල් වලට නෙට්ෆ්ලික්ස්, හූලූ වැනි සේවානන් අලුත් දෙයක් නොවුනද අපිට මෙය අලුත් අද්දැකීමක් වෙයි. අපේ ලංකාවේ වැඩසටහන්ද මෙලෙස අපට ලබාදෙන්න පුලුවන්නම්, පසුගිය නාට්ටි, ච්ත්‍රපට වගේ දේවල් ලංකාවේ අපිත් හොරෙන් මේවා ගන්න එක නවතියි. මේක හොද අවස්තාවල් අපේ නිෂ්පාදකයන්ට තමන්ගේ වැඩසටහන් රූපවාහීනී නාලිකා වලට වදින්නේ නැතුව ජනතාව අතරට රැගෙන යන්න.

http://www.youtube.com/movies වෙත ගිහින් දැම්ම බලන්න 🙂 දැනට එන අලුත් Blu-Ray හා HD TV වල Youtube ඇතුලත්වම එන නිසා මෙම සේවාවන් තවත් ප්‍රචලිත වේයි.

 

14
May

Facebook Application විසින් ඔබේ password සොරාගනී.

දැන බොහෝදෙනෙක් බාවිතා කරන Facebook ඇප්ලිකේෂන් 100,000 පමණ දැනට වසර කීපයක සිට application auth code තුන්වන පාර්ෂව වලට නොදැන/දැනගෙන ලබාගෙන ඇති බව Symantec සමාහම පසුගියදා නිකුත් කල නිවේදනයක දැක්වෙනවා.  මෙය සිදුවී ඇත්තේ Facebook හී තිබූ security ගැටලුවක් නිසා.

දැනට Facebook විසින් මෙම ගැටලුව නිරාකරනය කල බව කියනවා.  එම ගැටලුව නිසා අපි Application වලට දෙන අවසරය (Access tokens) තුන්වන පාර්ෂව වලටද ලබා ගැනීමට හැකිවී තිබෙනවා. Access tokens යනු හරියට ගෙදරට ඇතුලුවෙන්න ඇති අමතර යතුරු වැනිය. Access tokens යොදාගෙන ඔබේ Facebook ගිනිමේ ඇති chat, messages වැනි දෑ පවා කියවීමට තුන්වන පාර්ෂව වලට හැකිවෙනවා.

දැන් මෙම දත්ත කීදෙනෙකු ලග තිබෙනවාද කියා කියන්න බෑ. එම නිසා ඔබ දැන්ම Facebook හී SSL enable කොට, Password එක මාරු කරන්න. යම්කිටි Application එකක් SSL වල ක්‍රියාත්මක නොවේ SSL වලින් ඉවත් වීමට යනවානම් එම Application එක බාවිතයෙන් වැලකෙන්න.

 

11
May

4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව.

ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා.  GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.

දැනට ඇත්තම 4G ජාල නැත. සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ. ජංගම දුරකතන ජාල සම්මත අනුව මේවා  3.75G ~ 3.9G වේ.  ITU (International Telecommunication Union) අනුව 4වන පරම්පරාවේ LTE Advance (ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.

Read moreRead more

8
May

Hours spent on Twitter? කියා ඔබ රවටන වයිරසය!

දැනට Twitter ඔස්සේ Twitter වයිරසයක් පැතිරෙමෙන් පවතිනවා, මෙය තමන් පැය කීයක් Twitter හි සිටියා දැයි බලාගන්න පුලුවන් කියා ඔබව රවටා ඔබේ Twitter ගිනුමට ඇතුලත්වී එය hack වීමකට ලක් කරයි.

I have spent: 10.8 hours on Twitter! See how much you have: [LINK] ලෙස මෙම පනිවිඩය හැක් වූ Twitter ගිනුම් ඔසේ ප්‍රචාරය වේ. ඔබ එම ලින්ක් එක ක්ලික් කල විට එම අඩවිය මෙලෙස ඔබේ Twitter ගිනුමට ඇතුලත් වෙනන් සවසර ඉල්ලයි.

Read moreRead more

-->