Skip to content

Posts from the ‘News’ Category

11
Apr

ඉරානය අන්තර්ජාලය ගලවා දමා ඔවුන්ගේ අන්තර්ජාලය නිර්මාණයට සැරසෙයි!

දැනට ඉරානය අන්තර්ජාලය බොහෝ ලෙස පාලනය කරන්න සැරසෙයි. Reporters Without Borders Enemies of the Internet ලිපියට අනුව, ඉරාන අන්ඩුව විසිම් මේ අරුම පුදුම අන්තර්ජාලයක් සැකසීමට වෙර දරන බවයි පැවසෙන්නේ. එමගින් රජයට උවමණා පරිදි අන්තර්ජාලය පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා.

2011 ඉරානු ජාතික අන්තජාල සැලසුමට අනුව, රටට පමණක් සීමාවූ අන්තර්ජාලය නිර්මාණය කරන්න තමයි ඔවු සැරසෙන්නේ, සීමිත පිරිසකට, උදා: බැංකූ, මාහාපරිමාණ සමාගම් වලට පමණක් අන්තර්ජාතික අන්තර්ජාල සේවාව ලබාදෙන්න තමයි සැරසෙන්නේ.

මීට අමතරව Reporters Without Borders කියන පරිදි, ඉරානු ආන්ඩුව විසින් ඔවුනේගම් ඊමේල් තැපැල් සේවයක්ද, සෙවුම් යත්‍රද (search engine) දැ මෙයට ඇතුලත්‍ය. එමගින් රජය අනුමත් ඊමේල් සේවවක් ලබාදෙන්නේ රජයේ ලියාපදිංචි ජනදාවට පමණයි.

Fast Company පෙබරවාරු මස පලකල මෙම ලිපියට අනුව  ඉරානා ජතික අන්තර්ජාලය, ඉරාන රජයේ අන්තර්ජාල වාරනයට ගත් පියවරක් බවත්, එක ජාත්‍යන්තර අඩවි හා වෙන දත්ත හුවමාරු නැවත්වීමට ගත් උත්සාහයක් නවත් පැවසෙනවා.

Source

11
Apr

මින්පසු Linux 2.4 නෑ…

Linux kernel එක ගැන කතාබහ වෙන ඊමේල් සමූහයේ Willy Tarreau කියා සිටියා  මින් ඉදිරියට linux 2.4 kernel නිකුත් නොකරන බව.  Tarreau තමයි Linux 2.4 kernel එක බාරව සිටිනේ. ඔහු කියා සිටියා දැනට මෙය බාවිතා කරන කීප දෙනෙකු සිටින බවත්, එම නිසා යම්කිසි bug (ගැටලු) පැන නැගුනොත් ඒ බව දැනගැනීමට හා සෑදීමට තැනක් (central Git repo) ලෑස්ති කරන බව.

Linux 2.4.0 නිකුත් වී දැන් වසර 11කට වැඩියි. ඉන් පසු Linux 2.6.0 පැමිණද වසර 8ට වැඩියි. 2.4.0 හි වැඩ නැවැත්වීමත් සමග 2.4.37.11 තමයි අවාසාන නිකුතුව, ඒ ගිය වසර දෙසැම්බර් කරන ලද එකකි. 2.4 දැනට වැඩිපුර බාවිතා වන්නේ embedded system වල තමයි. එම නිසා පරිගනක හා server බාවිතා කරන එකට මින් වන හානිය අවමයි.

Tarreau මින් ඉදිරියට 2.6.27 හහා2.6.32 සදහා දයක වෙන අතර,  Greg Kroah-Hartman 3.0 සදහා තම දායකත්වය දක්වනු ඇත.

9
Apr

Facebook, Instagram සමාගම ඩොලර් $1 බිලියනයකට මිලදී ගනී.

Facebook අද පවසා සිටියා ඔවුන් විසින් Instagram කියන චායාරූප බෙදාගන්නා සමාගම ඩොලර් බිලියන එකකට, කොටස් හා මුදල් වලට මිලදීගන්නා බව. Facebook, CEO මාර්ක් සකර්බර්ගේ time ලයින් එකේ මේ ගැන ඔහු කියා සිටියා. iPhone වලට සීමාවී සිටි Instagram ලගදී Android application එකක් පවා නිකුත්කරනු ලැබුවා. මිලියන 30කට වැඩි බාවිතා කරන්නන් ඔවුට සිටිනවා. ලගදී ආපූ Android application එකක් සමග පැය 12ක් තුල තව මිලියනක් ඔවුට එකතු උනා.

 

9
Apr

Wikipedia විසින් Google Maps බාවිතය නවතයි!

Wikipedia, ලෝකයේ ලොකුම දැනුම එකතුවත් සහිත වෙම් අඩවිය Google Mpas බාවිතයෙන් ඉවත් වී OpenStreetMap මින් ඉදිරියට බාබිතා කරන බව තමයි පැවසෙන්නේ.  ඒ වගේම ඇපල් සමගමත්, Foursquare සමාගම්ත්  තමන් විසින් OpenStreetMap වලට මාරු වෙන බවද පවසා තිබුනා. Wikipedia අලුත් iPhone app එක හා Android Update දැනුම්දීමට අනුව  Google විසින් දවසට 25,000 සකට වඩා තමන්ගේ මැප් සේවයෙන් දත්ත ඉල්ලන අයගෙන් මුදල් ගැනීමත් සමග OpenStreetMap වලට මාරුවෙන්න තීරණය කල බව තමයි පැවසෙන්නේ.

OpenStreetMap කියනේ Open Source Software මෙන්, විවිද පුද්ගලයන් විසින් ඇතුලත් කරන දත්ත අනුව සියල්ලටම නොමිලේ මැප් දත්ත සපයන සේවවකි, මෙමගින් සියලුම මැප් දත්ත තමන්ට නොමිලේ download කිරීමේ හැකියාවද පවතිනවා.

7
Apr

Get Rs. 500 Free Mobile Recharge Now!

කතාවත් තියනවානේ නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව හරි කමක් නෑ කියලා. ඔය වගේ තමයි මේ දිනවල අපේ උගත් ලාංකීය facebook පරිහරනය කරන්නන් නේ අලුත්ම වැඩේ. නොමිලේ reload ගන්න හැම තැනම ස්පෑම් කිරීම නොහොත් එහම් අඩවි වලට ලින්ක් දැමීම. මීට කලින් මෙය නොමිලේ Airtel dongal එක ලෙස තමයි තිබුනේ.

අපිට මුලින්ම හිතෙන්න පුලුවන් මේක බොරුවක් කියලා නොදන්න කම. නමුත් කියවන්න බැරි එකට සමාවක් දෙන්න නම් අමාරුයි නේ ?

1. freerechargeindia.in (free recharge in india) මෙහි කොහෙද ලංකාව ගැන තියෙනේ ?

2. Circle: කියන කොටසේ තියෙනේ ඉන්දියාවේ නගර පමණයි.

3. දවක්වා ඇති දුරකතන සමාගම් එකක් ඇරුණ විට අනිත් සියල්ල ලංකාවේ නොමැති ඒවා වීම.

මෙවැනි සරල දේවල් වලින් උනත් පේනවා මේක ලංකාවට වත් අදල නෑ කියලා.

ඇත්තටම මෙවැනි සමාගම් කරනේ, ඊමේල් ලිපින, දුරකතන අංක වගේම පුද්ගල තොරතුරු එකතු කිරීමෙන් සැම් ඊමේල් වැනි දේවල් එවීමට මෙම දත්ත යොදාගැනීමයි.  මේවාට කියනේ සමාජ ඉංජිනේරු  (social engineering) ක්‍රමවලින් මිනිසුන්ව මුලා කිරීම් ලෙසයි. අපිට කියන තියෙනේ පනින්න පෙර සිතා බලන්න වගේ, share කරන්න පෙර සිතා බලන්න. මේවා share කිරීමෙන් තමන්ගේ මෝඩ කම ලොවට පෙන්වීමත් තමයි තමන් විසි සිදුකරනේ.

 

7
Apr

AT&T iPhone අන්ලොක් කරන්ට සැරසෙයි…

ඇපල් ලෝලියෙකු කැනඩාවට ගොස් තමන්ගේ iPhone 3Gs එක unlock කරන්න කියා AT&T ට පැවසූවිට ඔවුන් එක කිරීමට නොහැකි බව පවසා ඇත. පහුව ඔහු Apple සමාගමේ CEO Tim Cook (ටිම් කුක්) ට පවුද්ගලික ලිපියක් යවා ඇත. ඉන් පසු ඔහුගේ iPhone එක AT&T විසින් unlock කර තිබෙනවා.

දැනට වෙන ඕනෑම ෆොන් එකක් AT&T විසින් unlock කර දුන්නද, iPhone කිරීමට ඔවුන් මැලි උණා. නමුත් මේ ලිපියත් සමග, AT&T සමග ඇති ගිවිසුම අහෝසි ඌ iPhone ඔවුන් විසින් unlock කිරීමට සැරසෙන බවයි පැවසෙන්නේ. මෙය locked AT&T iPhone බාවිතා කරන්නට හොද ආරංවියක් වෙනවා.

Read moreRead more

7
Apr

ලිංගික අපචාර කරොත් xBox Live වලින් දොට්ට…

Microsoft xBox Live gaming network එකෙන් ලිංගික අපාචාර වලට වැරදිකරුවන් වූවන් ඉවත් කල බව ඇමරිකාවේ වාර්තා වෙනවා, දැනට මෙලෙස 3500 දෙනෙකු ඉවත් කලා තිබෙනවා. මෙට “Operation: Game Over” ලෙස නම් කොට තිබෙනවා.  මෙට ඉදිරියේදී අනිත් gaming accounts වලටද බලපානු ඇත. මෙමගින් අන්තර්ජාලයේ ක්‍රීඩා කරන ලමුන් ආරක්ෂා කිරීම තමයි අරමුණ

දැනට Apple;Blizzard Entertainment; Disney; Electronic Arts; Microsoft; Sony and Warner Bros සමාගම් මෙයට සහය දක්වා තිබෙනවා.

7
Apr

ස්පෑම් යවන්නන්ට ‘ට්විටර්’ වෙතින් නඩු..!!

ට්විටර් සමාජ ජාලයම මේ වන විට ලෝක‍යේ ප්‍රධාන සමාජ ජාල අතරින් එකක්. මේ වන විට එහි සාමාජිකයන් සංඛ්‍යාව මිලියන එකසිය හතලිහත් ඉක්මවලයි තියෙන්නෙ. ලංකාවේත් ට්විටර් පාවිච්චි කරන්නන්, ට්විටර් හරහා සංවිධානය වූ හමුවීම් (TweetUp) එහෙමත් අඩුවක් නැහැ.

ට්විටර් පාවිච්චි කරන්නන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි ස්පෑම්කරුවන්ගේ කරදර වලට අහුවෙන එක. බොහෝ විට තම ට්විටර් ගිණුම විවෘතව (Unprotected Tweets) තබාගෙන ඉන්න අයට තමයි වැඩිම කරදරේ. මේ පුවත එහෙම අයට ඉතාමත් සුභ ආරංචියක් වෙයි. ඒ තමයි ට්විටර් විසින් ප්‍රධාන පෙලේ ස්පෑම්කරුවන් පස් දෙනෙක්ට එරෙහිව නඩු ගොනු කරපු සිදුවීම. අප්‍රේල් 4 වෙනිදා තමයි ට්විටර් මෙසේ නඩු ගොනු කලේ.

TweetAttacks (tweetattacks.com), TweetAdder (tweetadder.com), TweetBuddy (tweetbuddy.com), James Lucero (of justinlover.info) and Garland Harris (of troption.com) කියන පස් දෙනාට එරෙහිව තමයි මෙසේ නඩු ගොනු කරල තියෙන්නෙ. මොවුන් ස්පෑම්කරුවන් කිවුවට මොවුන් ස්පෑම් යවන්නෙ නෑ, ස්පෑම් යවන tool නිපදවීම තමයි මොවුන්ට එරෙහිව එල්ල වෙලා තියෙන චෝදනාව. (ස්පෑම් ත් යවනව ඇති ඔය කිවුවට) විශේෂයෙන්ම මෙසේ ප්‍රධාන පෙලේ ස්පෑම්කරුවන්ට නඩු දාලා තියෙන්නේ, අනිත් ස්පෑම්කරුවන්ටත් එල්ල කරන රතු එලියක් ‍විදිහට.

ට්විටර් නීති මාලාව කඩකරන්නන්ට ‍එරෙහිව තදින්ම ඉන්න ට්විටර් ගත්ත තීරණය නිසා ඉදිරියට ට්විටර් ඉතාම යහපත් සමාජ ජාලයක් වේවි..

ඉහත සඳහන් කරපු අයට එරෙහිව ගොනුකරපු නඩු වල පිටපත් මෙතනින්..

 

මූලාශ්‍රය : Mashable

5
Apr

ලිනක්ස් Kernel එක සදහා වැඩිම දායකත්වයක් Microsoft වෙතින් ?

Linux Foundation හි වාර්ෂික වාර්තාවට අනුව, පලමු වතාවට Linux කර්නලය සදහා ඉහලම දයකත්වයක් ඇති 20 දෙනාට Microsoft සමාගමද ඇතුලත්. 2010 යේ කර්නල් 2.6.36 නිකුත්වීම හා ජනවාරි වල නිකුත් වූ 3.2 නිකුතු අනුව, නව code (කේතයන්) ගෙන් 1% සදහා Microsoft සමාගම දායකත්වය ලබාදී තිබෙනවා.

මෙයට මූලික හේතුවනම් Microsoft සමාගමේ Linux සදහා වූ, 2009 යේදී Opensource ලෙස නිකුත් කල Hyper-V Driver එකේ කේතයන් සුද්ද කිරීමයි. මෙය කිරීමට හේතුව Linux, Microsoft virtualization server වල නිසියාකාරව දාවනය වෙන්න උවමණා දෑ සැකසීමයි. කලින් Microsoft සමගම විසින් copyright code හා GPL code එකට එකතු කිරිමේ වරදට අසුවී, 2009 යේදී මෙය Opensource කිරීමට සිදුවිය. නමුත් code එකේ පැවති අඩුපාඩු නිසා මෙය Kernel නිකුතුත් සමග නිකුත් උනේ නෑ. නමුත් K.Y. Srinivasan විසින් කෝඩ් ලයින් 9709, ඒ කියනේ Kernel එකෙන්ක් 1.1% නැවත් පිරිසිදු කොට සැකසීමත් සමග ජූලි මස නිකිතු වූ. 3.0 සමග මෙය kernel නිකුතුවට ඇතුලත් කර තිබෙනවා.

 

5
Apr

Blackberry දැන් Phone හදන එක නවතා app හදයි…

අපි හැමෝම දන්න Blackberry සාදන RIM සමාගම දැන් තමන්නේ Blackberry services Android හා iPhone වලට app එකක් ලෙස ලබාදෙනවා.  මෙමගින් Blackberry enterprise server බාවිතා කරන සමගම් වලට Blackbeery බාවිතා නොකත තමන් කැමති, Android හෝ iPhone එකක් බාවිතා කරන්න හැකියාව ලැබෙනවා. මෙයට හේතුව දැන් ගොඩක් පුද්ගලයන් Blackberry බාවිතා කිරීමට අකමැති විමයි. අකමැති වීමේ හේතුව Blackberry දුරකතන තමත් iPhone, Android දුරකතන එක්ක සසදන විට බොහෝ පිටුපසින් සිටින නිසා. දැනට වසරක් පාසා RIM සමගම පාඩු ලබනවා වගේම බාවිතා කරන්නද අඩුවෙමින් පවතිනවා. මෙට තීරනය ගැනීමට හේතුවක් ලෙස පෙනෙන්නේ iPhone, Android වැනි පාරිබෝගිකයන් බාවිතා කරන දුරකතන එක්ක තමන්ට තරග කිරීමට නොහැකිවීම වගේම නැතිවන Blackberry service බාවිතා කරන්නන් රැකගැනීමට බව පෙනෙනවා.

මීට දින කීපයකට කලින් RIM සමගම පැවසුවා තමන් අනිත් අය කරන දේවල් නොකර, තමන් දන්න business වලට සරිලන ෆෝන් සෑදීමට නැවත තමන්ගේ කාලය යොදවන බවත්.

“We can’t do everything ourselves, but we can do what we’re good at, We believe that BlackBerry cannot succeed if we tried to be everybody’s darling and all things to all people, Therefore, we plan to build on our strength.” RIM CEO Thorsten Heins මෙලෙස පැවසුවා.

RIM සමාගමේ පාඩුව ඩොලර් මිලියන $125  වෙනවා හතරවන කාර්තුවට,  මෙය ගිය අවුරුද්ද එක්ක සසදන විය එය ඩොලර් මිලියන $934 වෙනවා පසුගිය වසරේ.  RIM සමාගම iPhone, Android වලට සමාන දුරකතන සාදන්න උත්සාහ කරද Blackberry System 10 කියන එකද දැනට නිකුත් වීම කල් යමින් පවතිනවා, තවද සමාගම් වල සේවා කරන පුද්ගලියන විසින් Blackberry වෙනුවට iPhone, Android ඉල්ලීම නිසාද තමන්ගේන් business බාවිතා කරන්නන් ද ගිලිහී යන බව තමයි පවසන්නේ.

RIM සමාගම පවසන්නේ Jim Balsillie (co-CEO) ද සමාගමෙන් අවුරුදු 20කට පසුව ඉවත් අතර, David Yach, chief technology officer for software ද  Jim Rowan chief operating officer for global operations ද සමාගමෙන් ඉවත් වෙන බවයි.

source

-->