Skip to content

Posts from the ‘News’ Category

14
Apr

Apple සම නිර්මාතුරූ Steve Wozniak Windows Phone 7 එකක් මිලදී ගනී?

Steve Wozniak Twitter update එකට අනුව ඔහු AT&T (ඇමරිකාවේ දුරකතන සේවා සපයන සමාගමක්) ව්වුර්ත කරනතුරු බලා සිටින බවයි පැවසෙන්නේ. නිකන්ම නෙවෙයි අලුත්ම Nokia Lumia 900 එකක් මිලදී ගැනීමට. මෙය Nokia සමාගමේ නවතම Windows Phone 7.5 දුරකතනයි.

iPhone සාදන සමාගමේ සම-නිර්මාපකයා හැටියට ඔහු Windows Phone එකක් ගන්න යන එක කෙනෙකුට පුදුම හිතෙන්න පුලුවන්.

14
Apr

Angry Birds ලෙස පෙන්නා Malware Android Phones වලට එයි!

සමහරක් අය විවිද download අඩවි වලින් Angry Birds Space කියා වයිරසයක් download කරගෙන ඇත. මෙය වේගයෙන් දැන් පැතිරී යමින් පවතී. මේ ගැන Angry Birds නිර්මාණය කල සමාගම් Rovio ඔවුන්ගේ වෙබ් අඩවියේ අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

මෙම වයිරසය සහිත game එක install කරන ලද Android දුරකතන hackers ලගා පාලනය සතුවන අතර, මෙම download එක විවිද android සදහා download ඇති අඩවි හා torrent වලින් පැතිරී යයි. වයිරසය Andr/KongFu-L ලෙස Sophos සමාගම නම් කොට ඇත. GingerBreak  කියන සිදුර නිසා දුරකතනයේ root ඇතුල් වීම වයිරසය මගින් ලබාගනියි. මෙය install වූ පසු, වෙනත් malware ද ස්වයන්ක්‍රීයව ස්තාපනය කරනු ලබයි.

 

13
Apr

Flashback Malware සඳහා විසඳුමක් ඇපල් එලිදක්වයි.

පෙර සටහනකින් දැන්වූ ඇපල් පරිගණක සඳහා වූ මැල්වෙයා වැඩසටහන, ඉවත් කිරීම සඳහා වූ නවතම යාවත්කාලීන කිරීමක් මේ වන විට ඇපල් විසින් නිකුත් කරල තියෙන්නෙ. මෙම යාවත්කාලීන කිරීම “Java for OS X 2012-003” ලෙසින් ඇපල් Software Update හරහා ලබාගන්න පුළුවන්.
එමෙන්ම Mac OS X Lion සඳහා මෙම යාවත්කාල කිරීම් මගින් ඉබේම ජාවා ඇප්ලට් ධාවනය වීම නවත්වා ඇති අතර, පරණ මැක් ඕ.එස්. නිකුතු සඳහා තමන් විසින්ම එම සැකසුම කරගන්නා ලෙසට ඇපල් දන්වා සිටිනවා.

13
Apr

Developers ලට දැන් Windows 8 apps test කරන්න පුලුවන් iPad එකේ!

Windows 8 නිකුත්වෙන්න මාස ගනක් කල් තිබුනත්, Windows 8 tablet application test කරන අයට හා Microsoft හට තියන ලොකුම ගැටලුව, කොහොමද මේ developers ලාට tablet application test කරන්න දෙන්නේ කියලා. iPhone, Android app සාදන්නට තමන්ගේ app Metro app වලට හරවන්නේ කොහොමද කියන එකත් ගැටලුවක් හරියට Windows 8 tablet එකක් නොමැතිව.

මේ අඩුව පුරවන්න වෙනත් සමාගම්ක් දින කීපයකට කලින් Windows 8 Metro Testbed නිකුත් කරා iPad සදහා. මෙමගින් Windows 8 tab සදහා development කරන අයට තමන්ගේ app එක මෙය යොදාගෙන test කරන්න හැකි වෙනවා.

ඇයි iPad කියා ඇසුවිට Cliff, Splashtop සමාගම වෙනුවෙන් කියා සිටියා $500-1000 දී Windows tablet එකක් ගන්නවාට වඩා තමන් ලග දැන් තියන iPad එක බාවිතා කරන එක developers ලට ලාබ වගේම පහසු වෙන බවයි. දැනට Windows 8 tablet වෙලදපොලට නිකුත් වී නැති නිසාත්, Windows 8 නිකුත් වෙනකොට October වෙනකන් බලා නොසිට developers ලා හට තමන්ගේ app දැන්ම test කිරිමේ හැකියාව ලැබෙනවා.

12
Apr

iPad, iPhone, Apple බඩු හදන්නේ කොහොමද ?

ගොඩක් අය හිතාගනෙ ඉන්නේ ඇපල් බඩු හදන්නේ ඇමරිකාවේ කියලා, නෑ ඇපල්, ඒ කියනේ iPhone, iPad, iPod වගේම Mac පරිගනක ඇමරිකාව දකින්නේත් නෑ, මෙයට හේතුව මේ සියල්ල හදන්නේ වීනේ. ඔවු, හරියටම කිවුවොත් Foxconn වීන සමාගමේ. ඇමරිකාවේ කෙනෙකු iPad එකක් ඉල්ලුවාහම මේක කෙලින්ම එන්නේ වීනේ ඉදන්.

@ireshsl

12
Apr

Facebook for Schools

Facebook, ඔවුන්ගේ මූලික පරමාර්තය පැත්තට නැවතත් ? අලුත්ම Facebook දැනුම් දීමට අනුව පාසැල් සදහා වෙන්වූ Facebook Groups ඔවුන් විසින් හදුන්වා දෙනවා.  මෙමගින් අදාල පාසැලේ ඉගන ගන්නා හා අදාල පාසැලට අදාල ඊමේල් ගිනුමක් ඇති අයට පමණයි මෙයට සම්බන්ද විය හැක්කේ.

ඉදිරියේදී මෙය පාසැල්, විෂ්වවිද්‍යාල වලට ලැබෙනවා ඇති,

12
Apr

Apple eBook වල මිල වෙනස් කිරීමෙට ගොස් අසුවෙයි!

Reuters වාර්තාවට අනුව ඇමරිකානු රජය විසින් Apple සමාගම ඇතුලුව Hachette, HarperCollins, Macmillan, Penguin and Simon & Schuster යන සමාගම් වලට eBook වල මිල ගනන් තමන්ට වාසි වෙන විදියට ඇපල් සමාගමෙන් වෙනස් කිරීම අනිත් සමාගම් වලට වෙන අසාදාරනය නිසා ඇමරිකානු රජය මගින් නඩු පවරා ඇත.

දැනට තවම වැඩි විස්තරයක් මේ ඇන නැති වුවද දැනට ඇති සාක්ෂි අනුව මෙය ඇපල් සමාගමට ලේසියෙන් ගැලවෙන්න පුලුවන් බව පෙන්න නෑ. අපි බලමු ඇපල් සමාගම මේ ගැන කියන්නේ මොකද්ද කියලා!

12
Apr

සරල, වඩා සොඳුරු Google+ එකක් කරා..!

මිලියන 170 කට අධික පිරිසක් සිටින Google+ හි මුහුණුවර පළමු වතාවට අලුත් කිරීමට Google සමාගම සැරසේ. මීට මාස 9 කට පෙර, එනම්  2011 / 06 / 28 දින ආරම්භ වූ Google+ හි පෙනුමෙහි වෙනස්කම් ඇතිවුයේ මදවශයෙනි. නමුත් දැන් සිදුවීමට නියමිත වෙනස්කම්, දැනට ඇති සැලැස්මට හාත්පසින්ම වෙනස්ය.

* උපුටාගැනීම – Google | Official Blog

@Aqeel

11
Apr

Facebook හා Twitter app එක්ක BlackBerry Messenger එකතු වේ.

RIM (Blackberry) සමාගම පවසා සිටියා ලගදි එන Facebook හා Twitter application update එක්ක BBM එකතු වෙන බව. මේ පහසුව ලැබෙනේ Blackberry ග්‍රහකයන්ට පමණයි. මෙමගින් status update හා chat කිරීමට හැකිවෙනවා BBM බාවිතා කරන්නම් සමග එම application තුල සිටම. ඒ කියනේ Facebook හා Twitter app තුල  “share with BBM”  බොත්තමක් ඇති අතර, එමගින් එක තැනක සිට twitter හා Facebook updates BBM බාවිතා කරන්නම් සමග බෙදාහන්න හැකිවෙනවා.

මෙම BBM එකතුව Blackberry travel app එක සමගද සම්බන්ද වේ. මෙමගින් BBM බාවිතා කරන්නම් සමග තමන්ගේ ගමන් තොරතුරු බෙදාගැනීමටද හැකි වෙනවා. මෙය Blackberry Music app එකටද එකතු කොට ඇත.

Version 3 update එක Twitter, Facebook හා BBM ඊලග සති කීපය තුල ලබාගන්න පුලුවෙන් වෙනවා. නමුත් කණගාටුවට වගේ මෙම සහය Blackberry play book බාවිතා කරන්නට ලැබෙනේ නැ.

11
Apr

Apple Mac OS හිතන තරම් Virus වලින් බේරිලා නෑ.

ජවා වල තිබූ ගැටලුවක් නිසා පසුගිය මාසයේ ඇපල් පරිගනක (Mac OS X) මිලියන බාගයක වැඩි ප්‍රමාණයක් Flashback trojan එකට ගොදුරු විය. මෙය ඇතුල් වන්නේ ඔබ වෙබ් පිටුවකට ගිය විට Flash update එකක් ඇතැයි පවසා මෙය install කරන්න කියා ඉලා සිටිනවා. මෙය install කරපු අයගේ පරිගනකයට මෙය ඇතුලත්වෙනවා. MAC OS බාවිතා කරන අය දන්නවා MAC OS වල යම්කිසි දෙයක් install කරන්න password එක ලබාදියුතු බව. නමුත් Java වල තිබූ ගැටලුව නිසා මෙය password නොමැතිව install විය.

Flashback මගින් මේ සියලුම මැක් පරිගනක bot net එකකට සම්බන්ද කරගෙන තිබුනා. දැන් Apple මෙය ගැටලුවට java patch එකක් නිකුත් කර තිබෙන අතර, Flashback ඉවත් කිරීමට වැඩසටහනක් සකසමින් තමයි ඉන්නේ. මීට අමතරව ඔවුන් අන්තර්ජාල සේවා සපයන සමාගම් වලද උපකාරය පතනවා මේ හානීවූ පරිගනක අදුනා අන්න.

වයිරස් ගැන දැනගන්න මේ ලිපිය බලන්න.

-->