Skip to content

Posts from the ‘Mobile’ Category

30
May

Facebook සමාගමේ මීළඟ ඉලක්කය Opera?

Facebook කොටස් වෙළද පොලට ඇතුළු වීමෙන් පසු සිදුවීම් ගණනාවක් සිදු උනා. අප කලින් සඳහන් කරා වගේ Facebook ඔවුන්ටම කියල Browser එකක් සඳහා ඉව අල්ලමින් සිටිනවා.

අලුත්ම ආරංවිය තමයි ඔවුන් Opera Browser එක මිලදී ගන්න යන වග. මේ සඳහා Facebook සමාගම විශාල මුදලක් (ඩොලර් බිලියන 1.35 පමණ) වැය කිරීමට සුදානමින් සිටින බව කියවෙනවා.

Opera කියන්නේ බොහෝ mobile platforms වල ජනප්‍රිය, මිලියන 200 වඩා Opera Mobile සහ Opera Mini subscribers පිරිසක් ඉන්න සමාගමක්. ඒ නිසා Facebook Opera මිලදී ගත්තොත් ඔවුන්ට එක ගලින් කුරුල්ලෝ දෙන්නෙක් – ඒ කියන්නේ Google Chrome + Google Plus වෙත හොඳ තරගයක් දීමට සහ ඔවුන්ගේ mobile presence වැඩි කරගැනීමට උපකාරී වෙනවා.

ඒත් සමහරු කියන්නේ මේක Instagram මිලදීගැනීම වගේ අනවශ්‍ය සල්ලි නාස්ති කිරීමක් වෙයි කියල.

තත්වය කෙසේ උනත් ඩොලර් 38න් පටන් ගත්ත Facebook සමාගමේ එක කොටසක අගය අද වන විට ඩොලර් 29 දක්වා බැස තිබෙනවා. Mark Zuckerbergගේ මේ තීරණ ඉදිරියේදී කෙසේ බලපායිද? Google සමාගමේ Google Plus Social Network එක මේකට කෙසේ උත්තර දෙයිද? අප බලා සිටිමු.

20
Apr

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට

ලෝකප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මෙතෙක් කල් නිෂ්පාදනය කලේ පරිගණක සඳහා ප්‍රොසෙසර් පමණයි. නමුත් දැන් ඔවුන් ජංගම දුරකථන සඳහාත් ප්‍රොසෙසර නිපදවීම පටන් අරන්. ඔවුන්​ගේ ප්‍රොසෙසරයක් සහිත පළමු ජංගම දුරකථනය වන Xolo X900 වෙළඳපොලට නිකුත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් වල Lava International සමාගම.


දුරකථනයේ විස්තර :
CPU : Intel Atom Z2460 (1.6GHz)
GPU : PowerVR SGX540 (400MHz)
RAM : 1GB
Display : 4.03-inch display with 1024 x 600 resolution (295 PPI)
Camera : 8MP Rear camera with flash, 10fps burst mode and 1080p video recording. 1.3MP Front camera
Internal Storage : 16GB
Connectivity : HSPA+ (21Mbps), HDMI, NFC built-in
OS : Android 2.3 (Gingerbread)

මෙම දුරකථනය ​අප්‍රෙල් 23 වෙනිදා වෙළඳපොලට නිකුත් වෙන බව තමයි පැවසෙන්නෙ, ඉන්ටෙල් වෙබ් අඩවියට අනුව මෙහි මිල ඉන්දියානු රුපියල් 22,000ක් පමණ වෙනවා.

Source : Intel News Room

17
Apr

වෙඩි නොවදින iPhone!

Marudai කියන ජ්පන් සමාගම විසින් වෙඩි නොවදින iPhone කවරයක් නිර්මානය කොට තිබෙනවා. මෙම කවරයක .50 උන්ඩයකි උවද iPhone එක ආරෂාකරයි. මෙහි මිල $650 (රු.82,000.00) වෙයි.

 දුරකතනය ඇතුලට දමා ඇන දැමිය යුතු යකඩ කවරයකි.

 

 

 

 

 

 

17
Apr

Video බලන්න කියා Android App එක contact list එක සොරා ගනී…

ලගදී සොයාගන්නා ලද නවතම Android Trojan එක නම් Goolge Play market එකේ Video download කරගන්න, අලුතෙන් එන Video game ලෙස පෙනීසිටින app එකක්, install කිරීමෙන් පසු තමන්ගේ දුරකතනයේ සියලුම contact දත්ත සොරාගනී.

Android application එකක් install කරන විට තමන් එය ලබාදෙන්න තොරතුරු මොනවාද කියා පෙන්වයි. උද: ලෙස අපි wallpaper application එකක් install කරනකොට තමන්ගේ SMS, contact වලට ඇතුල්වෙන්න ඉල්ලයි නම් මේක ගැන සොයා බැලිය යුතුයි. මොකද එවැනි application එකක එම තොරතුරු මොකටද කියා ඇතිවෙන සැකය නිසා.

17
Apr

Samsung Galaxy S III Smartphone මැයි 3වෙනිදා…

අපි කලින් කිවුවාක් මෙන් Samsung සමාගම් මාද්‍යවේදීන්ට “Come and meet the next Galaxy.” යනුවෙන් සදහන් ඇරයුම් පත් අවා ඇත. මෙය මැයි 3වෙනිදා ලන්ඩනයේ පැවැත්වීමට නියමිතයි.

මෙම වැඩසටහන Samsung ලාගේ Facebook පිටුවේ සජීවීව එදිනට ඔබට බලාගන්න පුලුවන්.

14
Apr

Apple සම නිර්මාතුරූ Steve Wozniak Windows Phone 7 එකක් මිලදී ගනී?

Steve Wozniak Twitter update එකට අනුව ඔහු AT&T (ඇමරිකාවේ දුරකතන සේවා සපයන සමාගමක්) ව්වුර්ත කරනතුරු බලා සිටින බවයි පැවසෙන්නේ. නිකන්ම නෙවෙයි අලුත්ම Nokia Lumia 900 එකක් මිලදී ගැනීමට. මෙය Nokia සමාගමේ නවතම Windows Phone 7.5 දුරකතනයි.

iPhone සාදන සමාගමේ සම-නිර්මාපකයා හැටියට ඔහු Windows Phone එකක් ගන්න යන එක කෙනෙකුට පුදුම හිතෙන්න පුලුවන්.

14
Apr

Angry Birds ලෙස පෙන්නා Malware Android Phones වලට එයි!

සමහරක් අය විවිද download අඩවි වලින් Angry Birds Space කියා වයිරසයක් download කරගෙන ඇත. මෙය වේගයෙන් දැන් පැතිරී යමින් පවතී. මේ ගැන Angry Birds නිර්මාණය කල සමාගම් Rovio ඔවුන්ගේ වෙබ් අඩවියේ අනතුරු ඇගවීමක් කර තිබෙනවා.

මෙම වයිරසය සහිත game එක install කරන ලද Android දුරකතන hackers ලගා පාලනය සතුවන අතර, මෙම download එක විවිද android සදහා download ඇති අඩවි හා torrent වලින් පැතිරී යයි. වයිරසය Andr/KongFu-L ලෙස Sophos සමාගම නම් කොට ඇත. GingerBreak  කියන සිදුර නිසා දුරකතනයේ root ඇතුල් වීම වයිරසය මගින් ලබාගනියි. මෙය install වූ පසු, වෙනත් malware ද ස්වයන්ක්‍රීයව ස්තාපනය කරනු ලබයි.

 

12
Apr

iPad, iPhone, Apple බඩු හදන්නේ කොහොමද ?

ගොඩක් අය හිතාගනෙ ඉන්නේ ඇපල් බඩු හදන්නේ ඇමරිකාවේ කියලා, නෑ ඇපල්, ඒ කියනේ iPhone, iPad, iPod වගේම Mac පරිගනක ඇමරිකාව දකින්නේත් නෑ, මෙයට හේතුව මේ සියල්ල හදන්නේ වීනේ. ඔවු, හරියටම කිවුවොත් Foxconn වීන සමාගමේ. ඇමරිකාවේ කෙනෙකු iPad එකක් ඉල්ලුවාහම මේක කෙලින්ම එන්නේ වීනේ ඉදන්.

The video cannot be shown at the moment. Please try again later.

@ireshsl

11
Apr

Facebook හා Twitter app එක්ක BlackBerry Messenger එකතු වේ.

RIM (Blackberry) සමාගම පවසා සිටියා ලගදි එන Facebook හා Twitter application update එක්ක BBM එකතු වෙන බව. මේ පහසුව ලැබෙනේ Blackberry ග්‍රහකයන්ට පමණයි. මෙමගින් status update හා chat කිරීමට හැකිවෙනවා BBM බාවිතා කරන්නම් සමග එම application තුල සිටම. ඒ කියනේ Facebook හා Twitter app තුල  ”share with BBM”  බොත්තමක් ඇති අතර, එමගින් එක තැනක සිට twitter හා Facebook updates BBM බාවිතා කරන්නම් සමග බෙදාහන්න හැකිවෙනවා.

මෙම BBM එකතුව Blackberry travel app එක සමගද සම්බන්ද වේ. මෙමගින් BBM බාවිතා කරන්නම් සමග තමන්ගේ ගමන් තොරතුරු බෙදාගැනීමටද හැකි වෙනවා. මෙය Blackberry Music app එකටද එකතු කොට ඇත.

Version 3 update එක Twitter, Facebook හා BBM ඊලග සති කීපය තුල ලබාගන්න පුලුවෙන් වෙනවා. නමුත් කණගාටුවට වගේ මෙම සහය Blackberry play book බාවිතා කරන්නට ලැබෙනේ නැ.

9
Apr

Facebook, Instagram සමාගම ඩොලර් $1 බිලියනයකට මිලදී ගනී.

Facebook අද පවසා සිටියා ඔවුන් විසින් Instagram කියන චායාරූප බෙදාගන්නා සමාගම ඩොලර් බිලියන එකකට, කොටස් හා මුදල් වලට මිලදීගන්නා බව. Facebook, CEO මාර්ක් සකර්බර්ගේ time ලයින් එකේ මේ ගැන ඔහු කියා සිටියා. iPhone වලට සීමාවී සිටි Instagram ලගදී Android application එකක් පවා නිකුත්කරනු ලැබුවා. මිලියන 30කට වැඩි බාවිතා කරන්නන් ඔවුට සිටිනවා. ලගදී ආපූ Android application එකක් සමග පැය 12ක් තුල තව මිලියනක් ඔවුට එකතු උනා.

 

-->