Skip to content

Posts from the ‘Linux’ Category

11
Apr

මින්පසු Linux 2.4 නෑ…

Linux kernel එක ගැන කතාබහ වෙන ඊමේල් සමූහයේ Willy Tarreau කියා සිටියා  මින් ඉදිරියට linux 2.4 kernel නිකුත් නොකරන බව.  Tarreau තමයි Linux 2.4 kernel එක බාරව සිටිනේ. ඔහු කියා සිටියා දැනට මෙය බාවිතා කරන කීප දෙනෙකු සිටින බවත්, එම නිසා යම්කිසි bug (ගැටලු) පැන නැගුනොත් ඒ බව දැනගැනීමට හා සෑදීමට තැනක් (central Git repo) ලෑස්ති කරන බව.

Linux 2.4.0 නිකුත් වී දැන් වසර 11කට වැඩියි. ඉන් පසු Linux 2.6.0 පැමිණද වසර 8ට වැඩියි. 2.4.0 හි වැඩ නැවැත්වීමත් සමග 2.4.37.11 තමයි අවාසාන නිකුතුව, ඒ ගිය වසර දෙසැම්බර් කරන ලද එකකි. 2.4 දැනට වැඩිපුර බාවිතා වන්නේ embedded system වල තමයි. එම නිසා පරිගනක හා server බාවිතා කරන එකට මින් වන හානිය අවමයි.

Tarreau මින් ඉදිරියට 2.6.27 හහා2.6.32 සදහා දයක වෙන අතර,  Greg Kroah-Hartman 3.0 සදහා තම දායකත්වය දක්වනු ඇත.

5
Apr

ලිනක්ස් Kernel එක සදහා වැඩිම දායකත්වයක් Microsoft වෙතින් ?

Linux Foundation හි වාර්ෂික වාර්තාවට අනුව, පලමු වතාවට Linux කර්නලය සදහා ඉහලම දයකත්වයක් ඇති 20 දෙනාට Microsoft සමාගමද ඇතුලත්. 2010 යේ කර්නල් 2.6.36 නිකුත්වීම හා ජනවාරි වල නිකුත් වූ 3.2 නිකුතු අනුව, නව code (කේතයන්) ගෙන් 1% සදහා Microsoft සමාගම දායකත්වය ලබාදී තිබෙනවා.

මෙයට මූලික හේතුවනම් Microsoft සමාගමේ Linux සදහා වූ, 2009 යේදී Opensource ලෙස නිකුත් කල Hyper-V Driver එකේ කේතයන් සුද්ද කිරීමයි. මෙය කිරීමට හේතුව Linux, Microsoft virtualization server වල නිසියාකාරව දාවනය වෙන්න උවමණා දෑ සැකසීමයි. කලින් Microsoft සමගම විසින් copyright code හා GPL code එකට එකතු කිරිමේ වරදට අසුවී, 2009 යේදී මෙය Opensource කිරීමට සිදුවිය. නමුත් code එකේ පැවති අඩුපාඩු නිසා මෙය Kernel නිකුතුත් සමග නිකුත් උනේ නෑ. නමුත් K.Y. Srinivasan විසින් කෝඩ් ලයින් 9709, ඒ කියනේ Kernel එකෙන්ක් 1.1% නැවත් පිරිසිදු කොට සැකසීමත් සමග ජූලි මස නිකිතු වූ. 3.0 සමග මෙය kernel නිකුතුවට ඇතුලත් කර තිබෙනවා.

 

-->