Skip to content

Posts from the ‘Articles’ Category

4
Jul

ඊමේල් ගැන හිතන්නට යමක්

අන්තර්ජාලය හරහා අපි භාවිතා කරන සේවාවන්ගෙන් එකක් තමා විද්‍යුත් තැපෑල, එහෙම නැත්තම් ඊ මේල් කියන්නේ. ඊයක් වගේ ඉක්මනට ලෝකේ ඕනෑම තැනකට පණිවිඩයක් යවන්න කියාපු දේ :)නම කියපු ගමන් ඊ මේල් කියන්නේ මොකක්ද කියලා හැමෝම දන්න නිසා කෙලින්ම මාතෘකාවට.
දැන් හැමෝම යන්න තමන් පාවිච්චි කරන ඊ මේල් සේවයට. අලුත් ඊ මේල් ලිපියක් ලියන්න පටන් ගන්න. වෙන විදියකට කියනවා නම් Compose New Mail වෙත යන්න. විවිධ ඊ මේල් සේවා වල මෙය විවිධාකාරයෙන් පෙන්නනවා. සමහර ඒවාගේ නිකන්ම Compose ලෙසත් සමහර ඒවාගේ compose email වගේ වචනත් තියෙන්න පුළුවන්. ඔය මොන වචනය තිබ්බත්, අලුත් ඊ මේලයක් ලියන්න පටන් ගන්නකොට අපිට පේනවා හිස් තැන් තුනක් ලිපිනය දාන්න පුළුවන්: To, CC, BCC

Read moreRead more

6
Jun

Tablet යුද්ධය …

Tablet කියපුගමන් ගොඩක් කට්ටියට මතක්වෙන්නේ අර අපි Pharmacy වලින් ගන්න පෙති නේ. ඒ වුනාට Technology එක එක්ක හැප්පෙන ගොඩක් දෙනා දන්නවා මොනවද මේ Tablet කියල මම කියන්න යන්නේ කියල.ඇත්තටම Tablet කිව්වට අපි ඇත්තටම කියන්න ඕනෙ මේවට Tablet Computers හෝ Tablet Drives කියලයි.

සරලවම කිව්වොත් Mobile phone එකකක් ටිකක් ප්‍රමාණයෙන් ලොකු display එකක් එක්ක ආවනං කොයි විදිහට තියේවිද අන්න ඒවිදිහේ Device එකකට තමයි අපි Tablet එකක් කියන්නේ. මම දන්නවා මේ ලිපිය කියවන 90% දෙනා Tablet එකක අත්දැකීම ලබාගෙන නැති බව. ඒ උනත් Tablet Technology එක ලංකාවේ අපිට අඩු වියදමකින් ලබාගත හැකි කාලය වැඩි ඈතක නම් නෙමෙයි තියෙන්නේ.ඒ කියන්නේ අපේ අත් වල Tablet Devices ගැවසෙන කාලය වැඩි ඈතක නෙමෙයි කියන එකයි. මොකද ඉස්සර සමාගම් 2 -3 ක් පමණක් මේ වැඩේට ඇත ගහල හිටියට මේ වෙනකොට විශාල සමාගම් ප්‍රමාණයක් Tablet නිෂ්පාදනය කරන කටයුත්තට බැහැලයි ඉන්නේ. ඒනිසා Tablet Market එකේ තරඟකාරීත්වය වැඩියි සහ අලුත් අඩුවියදම් Tablet Drive එන ප්‍රවණතාවය වැඩියි.

Read moreRead more

11
May

4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව.

ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා.  GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.

දැනට ඇත්තම 4G ජාල නැත. සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ. ජංගම දුරකතන ජාල සම්මත අනුව මේවා  3.75G ~ 3.9G වේ.  ITU (International Telecommunication Union) අනුව 4වන පරම්පරාවේ LTE Advance (ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.

Read moreRead more

-->