Skip to content

Posts from the ‘Articles’ Category

16
Apr

Facebookලට ළඟදීම Web Browser එකක් හදන්න වෙයිද?

Facebookලා තවදුරටත් Microsoft එක Google Chrome එකත් එක්ක තරඟ කරයි කියලා හිත හිත ඉන්නෙ නැතිව තමන්ටම වැඩේට බහින්න වෙයි වගේ..!

- Top 5 Browsers from July 2008 to April 2012

බොහෝදුරට ඊළඟ මාස 12 දී Google Chrome එක, දශක ගණනාවක් අන්න්තර්ජාලයේ සැරිසැරීමට බාවිතාකල Microsoftලාගේ Internet Explorer එක පාවිච්චි කරන පිරිසට වඩා වැඩි පිරිසක් අත්කරගනී.
මෙම කාරනාව Facebookලාට නම් හොඳ දෙයක් නොවෙනවා නිසැකයි.

2008 ජූලි වල IE සතුව සීයට 68.5ක බාවිතා කරන්නන් ප්‍රතිශතයක් තිබූබව StatCounter වෙබ් අඩවිය සටහන් කරයි, මෙහි සැලකිය යුතු කරුණ වන්නේ එම කාලයේදී Chrome එක නිකුත් කර නොමැතිවීමයි.
දැන් (2012 අප්‍රේල්) වනවිට IE සීයට 34.8ට දක්වා පහත බැස ඇති අතර එවකට නොතිබූ Chrome දැන් සීයට 30.9ක බාවිතා කරන්නන් ප්‍රතිශතයක් වාර්තා කරයි.

දැන් ඔයගොල්ලො අහන්න පුළුවන් ඇයි Facebookලා Web Browsers වල ඉරණම ගැන දුක්වෙන්නේ? Facebook එක Social Network එකක් නේ, Web Browser හදන සමාගමක් නෙමෙයි නේ.. එහෙමනම් ඇයි මේක අදාළ වෙන්නේ?

ඒකට පිළිතුර තමයි, Facebook එක සහ Google+ එක අතර තිබෙන තියුණු තරඟය. ඒක අපි නොදන්න දෙයක් නෙමෙයි නේ! ඉතින් Googleලාගේ අතේ Web Browser කියන ලොකුම ආයුධයක් තියෙනවා කියන්නේ Facebook එක අනිවාර්යයෙන් බයවෙන්න ඕන කාරනාවක්.

පොඩ්ඩක් හිතලබලන්න, පොඩි Update එකකින් Googleලා Chrome එක.. අපි facebook.com කියල type කරන්න කලින් Google+ එක පෙන්නන්න පටන්ගත්තොත්? එක්කෝ Facebook එක block කලොත්?

Googleලා ඔහොම කරයිද නැද්ද කියන එක වෙනම දෙයක්, එත්… එහෙම කලොත්? Facebookලට වෙනදේ?

Facebook එක ලොකු වෙබ් අඩවියක් වෙන්න පුළුවන් එත්.. වෙබ් අඩවියකට යන්න තියෙන එකම පාර Web Browsers. ඉතින් දැනටමත් තමන්ගේ අඩවියට එන පිරිසෙන් සීයට 30.9ක්ම එන්නේ තමන්ගේ හතුරගෙ පාර පාවිච්චිකරලා, දිගටම ඕක වෙයිද..? තමන්ගේ අඩවියට එන කට්ටියව හතුරා සොරා කයිද දන්නේ නැහැ.

මේකට තියෙන හොඳම විසඳුම වියහැක්කේ තමන්ගේම කියා Web Browser එකක් Facebookලා තනාගැනීම පමණයි.

අපි ඉඳල බලමු ඉදිරියට මොනවා වෙයිද කියලා 🙂

12
Apr

iPad, iPhone, Apple බඩු හදන්නේ කොහොමද ?

ගොඩක් අය හිතාගනෙ ඉන්නේ ඇපල් බඩු හදන්නේ ඇමරිකාවේ කියලා, නෑ ඇපල්, ඒ කියනේ iPhone, iPad, iPod වගේම Mac පරිගනක ඇමරිකාව දකින්නේත් නෑ, මෙයට හේතුව මේ සියල්ල හදන්නේ වීනේ. ඔවු, හරියටම කිවුවොත් Foxconn වීන සමාගමේ. ඇමරිකාවේ කෙනෙකු iPad එකක් ඉල්ලුවාහම මේක කෙලින්ම එන්නේ වීනේ ඉදන්.

@ireshsl

11
Apr

Geek Movies: Spaceballs

Spaceballs කියන්නේ Mel Brooks ඉතාම නිනෝදාස්වාදයක් එගන දෙන විත්‍රපටයක්. Star Wars වැනි විත්‍රපට විහිලුවට ගැනීමක්. Geek කෙනෙකු හැටියට ඔබ මෙය නරබා තිබිය යුතුමයි! මෙය 1987 නිකුත් වූ විත්‍රපයටයක්.

10
Apr

80ව දශකයේ Google / Twitter / Angry Birds හා 90ව දශකයේ Facebook තිබුණි නම්..!

මේ විඩියෝ ටික අපිට ලැබෙන්න සැලැස්වුවේ අකීල්. 80, 90 ගනන් වල පරිගනක බාවිතා කරන්නම් ගොඩක් අයට මේ ව්ඩියෝ වලත තියන දේවක් කොචර සැබෑද කියා තේරෙයි. දැන් පරම් පරාව අයට අන්තර්ජාලය සමාන්‍යදෙයක් උවද 90 ගන්න වල අපිටද මෙය මගගු වටිනා කමක් යුතු දෙයක් විය. මෙගා බයිට් වලෛන් අන්තර්ජාල දැන් සැරිසැරුවට අපිට ඒ කාගේ 56kbps වේගය ලබාගන්න තියනවානම් ඒක හරි ලොකු දෙයක් විය.

Google in 80’s

Twitter in 80’s

Angry Birds in 80’s

The YouTube ID of OOurrhvnB9U/youtube] Facebook in 90’s

YouTube Embed: No video/playlist ID has been supplied

xrYRH3PYYT0 is invalid.

ඔබත් 80, 90 දෂකයේ අන්තර්ජාලය බාවිතා කරන්නම්, අපිටත් ඒක ඔබේ අත්දැකීම බෙදාගන්න…

9
Apr

Geek Movies: Hackers

ද තවත් අලුත් දෙයක්! ඒ තමයි ඔබ පරිගනක ලෝලියෙකුනම්, අනිවාර්‍යයෙන් නරබා තිබිය යුතු movies ගැන විස්තර. අද අපි කතා කරනේ 1995 තිරගතවූ Hackers නැමති චිත්‍රපටය මෙම විත්‍රපටයේ Angelina Jolie ද රගපානවා.

මෙහි ඇති වැදගත්ම කම පරිගනක ගැන දන්නා අය මේ චිත්‍රපටය කර තිබීම. මොකද ගොඩක් movies වල පරිගනක ගැන බොහෝ විට කියන වදන් හා වෙන්ත් දේවල් බොරු වීම. නමුත් hackers විත්‍රපටය මේවා හරියාකාවර ඉදිරිපත් කොට තිබුනා.

ඉතින් මේ විත්‍රපයට ඔබ නරබා නැතිනම්… ඔබ පරිගනක ලෝලියෙක් නම් නොවෙයි!

7
Apr

Get Rs. 500 Free Mobile Recharge Now!

කතාවත් තියනවානේ නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව හරි කමක් නෑ කියලා. ඔය වගේ තමයි මේ දිනවල අපේ උගත් ලාංකීය facebook පරිහරනය කරන්නන් නේ අලුත්ම වැඩේ. නොමිලේ reload ගන්න හැම තැනම ස්පෑම් කිරීම නොහොත් එහම් අඩවි වලට ලින්ක් දැමීම. මීට කලින් මෙය නොමිලේ Airtel dongal එක ලෙස තමයි තිබුනේ.

අපිට මුලින්ම හිතෙන්න පුලුවන් මේක බොරුවක් කියලා නොදන්න කම. නමුත් කියවන්න බැරි එකට සමාවක් දෙන්න නම් අමාරුයි නේ ?

1. freerechargeindia.in (free recharge in india) මෙහි කොහෙද ලංකාව ගැන තියෙනේ ?

2. Circle: කියන කොටසේ තියෙනේ ඉන්දියාවේ නගර පමණයි.

3. දවක්වා ඇති දුරකතන සමාගම් එකක් ඇරුණ විට අනිත් සියල්ල ලංකාවේ නොමැති ඒවා වීම.

මෙවැනි සරල දේවල් වලින් උනත් පේනවා මේක ලංකාවට වත් අදල නෑ කියලා.

ඇත්තටම මෙවැනි සමාගම් කරනේ, ඊමේල් ලිපින, දුරකතන අංක වගේම පුද්ගල තොරතුරු එකතු කිරීමෙන් සැම් ඊමේල් වැනි දේවල් එවීමට මෙම දත්ත යොදාගැනීමයි.  මේවාට කියනේ සමාජ ඉංජිනේරු  (social engineering) ක්‍රමවලින් මිනිසුන්ව මුලා කිරීම් ලෙසයි. අපිට කියන තියෙනේ පනින්න පෙර සිතා බලන්න වගේ, share කරන්න පෙර සිතා බලන්න. මේවා share කිරීමෙන් තමන්ගේ මෝඩ කම ලොවට පෙන්වීමත් තමයි තමන් විසි සිදුකරනේ.

 

2
Sep

ඇත්තටම ලංකාවේ හැකර්ලා හැක් කලාද ?

දැනට News වල වගේම හැම තැනම යන පුවතක් තමයි මේ ලංකාවේ හැකර් කන්ඩායමක් SLT, Microsoft වැනි සාමාගම් හැක් කරා කියන එක. අපි දැන් මේ හැක් කිරීමෙන් ගත්ත දත්ත මොනවාද කියලා. අරගෙන තියන දත්තනම් DNS Zone File information. මෙයින් එම සමාගම් වලට වෙන හානිය ? 0% කිවුවොත් නිවැරදියි. ඇයි මේ ? මෙම දත්ත හරියට SLT දුරකනන නාමාවලිය හොරකන් කලා කියලා කියනවා වගේ වැඩක්. ඒ කියන්නේ එම දත්ත ඕනේ කෙනෙකුට ගන්න පුලුවන් නිසා. අර හරියට ඔයාග නම දන්නවානම් දුරකතන නාමාවලිය බලලා දුරතනණ අංකය කිවුවා වගේ වැඩක්.

මේක කරන්න ගොඩක් අමාරුද ? කරලම බලමු නේ ?

DNS Info වැනි අඩවි තමන්ගේ සමාගමේ හෝ වෙනත් ඩොමේන් නාමයක DNS (Domain Name System) වල ගැටලු බලාගන්න හදපු අඩවි. අපි උදාහරනයකට ගමු techkatha.com  Read moreRead more

1
Aug

ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ?

ගොඩක් අය පරිගණකයක්  ගන්නකොට උත්සාහ කරන්නේ දැනට තියන හොදම computer එක ගන්න හදන එක. ඒ අය හිතන්නේ එහෙම ගත්තහම සැහෙන කාලයක් පාවිච්චි කරන්න පුලුවන් කියලා වගේම අනිත් එක්කෙනාට වඩා ලොකු එකක් ගැනීමේ  අදහසත් ඒ අය ළඟ තියනවා . ඔබ අද ගත්ත computer එක මේ මාසේ තියෙන හොදම computer වෙන්න පුලුවන්. එත් මතක තියාගන්න මාසෙකින් පස්සේ ඔය computer එක පරණ බව. ඒ හින්ද තමාට තමාගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි තෝරාගන්න උත්සහ කරන්න . ඒ විතරක් නෙමේ මේ ගැනත් සිතන්න.
Processor / CPU / Central Processing Unit

මේක තම පරිගණකයක  වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා

Read moreRead more

15
Jul

Software හොරුන්ගෙන් බේරෙමු…

මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් කට්ටිය නොදන්නා හා ගොඩක් කට්ටිය දන්නවා කියල හිතන් ඉන්න මාතෘකාවක් ගැන , ඒ තම මෘදුකාංග හොරෙන් පාවිච්චි කීරීම ගැන . මොකද දන්නවද ? මේ හොරෙන් මෘදුකාංග පාවිචිය නිසා එම මෘදුකාංග අයත් සමාගමට වසරකට මිලියන ගනන් මුදල් පාඩු වෙනවා . ඒ විතරක් නෙමේ, අලුත් මෘදුකාංග හදන්න ඒ අයගේ තියෙන්න උනන්දුවත් අඩු වෙනවා . ලංකාවේ වගේ ආසියාවේ මිනිසුන්ට මෘදුකාංග සල්ලි ගෙවලා නියම ආකාරයෙන් ගන්න හැකියාවක් නැති බවත් අපි දැනටමත් දන්නා කාරණයක් නේ . ඒවා මොනවා වුනත් මෘදුකාංග හොරෙන් පාවිච්චි කීරීම හිරේට වුනත් නියම වෙන්න පුළුවන් කාරණයක් නේ .

පසු ගියද අපේ රටට ලෝකයේ 2 වෙනි තැන හම්බුනා . ඒ මෘදුකාංග හොරෙන් පාවිච්චි කරන පිරිසක් සිටින ලෝකයේ 2 වැනි රට කියල . ලෝකයේ හැමදෙයකින්ම 1 වෙනි තැන හම්බවෙන අපේ රටට 2 වෙනි තැන හම්බුනා එකනම් ලෝක ප්රැශ්නයක් .

Read moreRead more

6
Jul

දුම් පරික්ෂාවේ (Green Test) ඇති අගයන් ගෙන් කියන්න මොනවද ?

Green Test (Eco Test) කරාට එහි දැක්වෙන අගයන්න හා නම් වලික් කියන්නේ මොකද කියන එක ගොඩක් ගැටලුවක්, මේක අපේ Techකතා Google Group එකේ කතාවුන දෙයක්, නමුත් මෙය ගොඩක් අයට වැදගත් වෙයි කියලා අපිට සිතුනා.

SPEED (RPM)  : එන්ජිම මිනිත්තුවකට කැරකෙන වාර (වට) ගනන.

දුම් පරීක්ෂාව වේග දෙකක් සදහා කලයුතු වෙනවා IDLE :- එංජිම නිදහස්ව ඇතිවිට (භාර රහිත). 2500 RMP :-එංජිම වේගය  මිනිත්තුවට- වට 2500 දී. ඉහත අවස්ත කියාකරී එන්ජින් උශ්නත්වයේදී හා තත්30 පමන ඒ ඒ වේගයන් හි ස්ථායීව තැබීමෙන් අනතුරුව පරීක්ෂා කලයුතු වෙනවා.

Read moreRead more

-->