Skip to content

අපි ගැන

ආයුබෝවන් කියලා ඔන්න Techකතා තවත් වැඩකට අතගැහුවා. ඒ තමයි Techකතා The Magazine! මෙය තවත් අපේ එක් අසන්නෙකුගෙ අදහසක් ක්‍රියාත්මක කිරීමක්.  දැනට Techකතා විසින් දැනුම සම්බාරයක් Techකතා පොඩ්කාස්ට් එක හා Techකතා ගූගල් සමුහය ඔස්සේ බෙදාගන්නවා.  Techකතා ගූගල් සමුහයේ මසකට ඊමේල්  1000~2000 අතර ප්‍රමාණක් හුවමාරු වෙනවා. සාමාජිකයන් 1000කට වැඩි පිරිසක් මෙහි සාමාජිකත්වය ගෙන තියෙනවා. මසකට පැන 100යක් පමණ Techකතා පොඩ්කාස්ට් එක වෙත යොමුවෙනවා.  එකම පැනය නැවත නැවත අසන විට නැවත නැවත පිලිතුරු දීම වෙනුවට මෙය උපකාර කරගගෙන එම පැනවලට පිලිතුරු මෙහිදී ලබාදෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පොදුවේ පැනනගින් ගැටලුවට පිලිතුරු දීම මේමහින් පහසුවෙනු ඇතැයි කියා අපි බලාපොරොත්තු වෙනවා.  තවද සිංහලෙන් කරන ගූගල් සෙවුම් වලට වඩා හොද ප්‍රතිපල ද මෙමගින් ලැබේනු ඇත.

මෙවැනි සාමුහික ක්‍රියාවන් වලින් දැනුම බෙදාගැනීම හා එය අපේම බසින් සිදුකරන ක්‍රියාවලියට තවත් දායකත්වය ලබාදෙන්න තමයි Techකතා The Magazine එක අපි ගෙන එන්නේ. ඉහත සදහන් කල ක්‍රියාවලින් එන දැනුම එකම තැනක සොයාගන්න, බෙදාගන්න වගේම පැහැදිලිව ගුනාත්මක ලෙස එම දැනුම ඉදිරිපත්කිරිමටයි. අපි දැනට පිලිගත් දෙයක් තමයි යම්කිසි පුද්ගලයෙක් ගත් විට ඔහු යම්කිසි දෙයකට දක්ෂයෙකු බව, එම දැනුම අනිත් අය සමග බෙදාගැනීමෙන් තවත් අයට එම දැනුම ලාබාදෙන්න හැකිබව. එලෙස සියලුම දෙනාට වගේ තමන්ගේ දැනුම අනිත් අය සමග බෙදාගැනීමෙන් මහගු උපකාරයක් කල හැකිබවයි අපේ පිලිගැනීම.

Techකතා The Magazine එක පරිගනක දැනුමට සීමා නොවී හැම දෙයක් ගැනම දැනුම බෙදාගන්න තමයි අදහස.  මේ හැමදේම අපිට තනිව කල නොහැක, නමුත් සමූහයක් ලෙස මෙය අපිට සැබෑකරගත හැකි සිහිනයකි. ඉතින් අපිට ඔබේ උපකාරය දෙන්න. සිංහල බසින් තියන නිවැරදි පැහැදිලි දැනුම අන්තර්ජාලයට මුදාහරින්න ගන්න තවත් එක් උත්සාහයක් කියලා කියන්න පුලුවන්.

උපකාර කරන්නේ කොහොමද?

  1. සොයාගැනීමක් හෝ තාක්ෂනික ලිපි ලියා දීමෙන්
  2. Techකත ගූගල් සමුහයේ උන කතාබහක්ට ලැබුන පිලිතුරක් හා පැනය ගැන සරලව හා පැහැදිලිව ලියා එවීමෙන්.
  3. කිසියම් දෙයක් කරන ආකාරය රූපසටහන් හෝ විඩියෝ සහිතව ඉදිරිපත් කිරීම මගින්.
  4. වෙනත් බාසාවකින් ගිය ලිපියක් සරලව සිංහල බසින් ලියා එවීම. (උපුටා ගැනීම සදහන් කල යුතුයි.) 100% ක පරිවර්තනයක් නොවිය යුතුයි.
  5. ජංගම දුරකතන හා ඉලෙක්ට්‍රොනික උපකරන ගැන හැදින්වීම්, හොද නරක හා සරල විස්තරයක්.

සියලුම ලිපි mag [at] techkatha [dot] com වෙත එවන්න. ලිපියේ අයිතිය ඔබ සතුවේ. ඔබේ නම එම ලිපියේ ඇතුලත් කරනු ඇත. නමුත් ලිපි සියල්ල creative commons ලයිසනය යටතේ විය යුතුයි.

තවද Techකතා ගැන යහලුවන්ට කියන්න. ඔබේ අදහස්/උදහස් comment එකක් ලෙස හෝ info [at] techkatha [dot] com වෙත එවන්න.

techkatha.com නැතහොත් ටෙක්කතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.

පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. ටෙක් කතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.
කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති. ඔවුන්ගේ ආරාධනයෙන් මලින්ත සමරකෝන් සිය සහය මෙම වැඩ පිළිවෙල වෙත ලබා දෙයි.
කාලිංග ඇතුළත්මුදලි – ජාලකරණය පිළිබඳ වසර 12ක ‍ප්‍රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්‍රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, ටෙක්කතා හි ද ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.
බුද්ධික ජයසිංහ – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.
තිළිණ ගුණසේකර – කණ්ඩායමේ ලාබාලම සාමාජිකයා වන අතර වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
හර්ෂදේව ආරියසිංහ – පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙකි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.
මේ සුසංයෝගයෙන් බිහි වූ ටෙක්කතා එහි ආරම්භයේ පටන්ම අධ්‍යාපනික කේෂ්ත්‍රවල  විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.
වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.
ටෙක් කතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් ටෙක්කතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී ස්කයිප් ඇමතුම්, ගූගල් ටෝක් වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම, ටෙක්කතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 7.00 සිට ටෙක්කතා චැට් කාමරය (http://techkatha.com/chat)  හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම ටෙක්කතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. තවද, පරිගණකයක් නැති අයෙකුට හෝ පරිගණකයක් නොමැති ස්ථානයකදී වුවද ටෙක්කතා ජංගම දුරකතන වෙබ් අඩවිය (http://m.techkatha.com) ඔස්සේද ජංගම දුරකතන මගින් සවන්දීමට ගැකිය. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ ටෙක්කතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.
මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ ටෙක්කතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.

techkatha.com නැතහොත් Techකතා යනු ඕනෑම ආකාරයේ තාක්ෂණික ගැටළුවක් සඳහා පිළිතුරු සපයා දෙන, තාක්ෂණික පුවත් හා නව සොයාගැනීම් පිළිබඳව හෙළිදරව් කරන පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස පරිශීලකයින් වෙත එන වෙබ් අඩවියකි. බ්ලොග් රේඩියෝවක් ලෙසද එය හැඳින්විය හැකිය.

Techකතා බාවිතා කරන ආකාරය ගැන දැනගැනීමට මෙම පුරුකට යන්න.

පරිගණක ආශ්‍රිතව වේවා අන්තර්ජාල පරිශීලනයේදී වේවා, මෘදුකාංග හෝ දෘඩාංග භාවිතය සම්බන්ධයෙන් පැන නගින ගැටළු, ජංගම දුරකථනය, රූපවාහිනිය මෙන්ම නව සන්නිවේදන ක්‍රමෝපායයන් හි පවතින ගැටළු මේ ආකාර බහුවිධ තාක්ෂණ ගැටළුවලින් වත්මන් සමාජයේ විවිධ පිරිස් පෙළෙන බව නොරහසකි. ඇතැමුන් දන්නා බව පෙන්වමින් තවත් අය මුලාවේ හෙළන අතර, නිවැරදි අවබෝධයක් දැක්මක් ලබා ගත නොහැකිවීමෙන් ‍බොහෝ දෙනා තාක්ෂණයෙන් උපරිම ඵල නෙලාගැනීමට නොහැකිව පසුවෙති. අක්‍රමවත් පාඨමාලා හා ලිපි ලේඛන ආශ්‍රයෙන් අසම්පූර්ණ දැනුමක් අසංවිධිත ලෙස සමාජයට ගලා ඒමේ ප්‍රවණතාව බහුල සමයක අපි සිටිමු. Techකතා බිහි වන්නේ තමන්ගේ දැනුම අන් යහපත සඳහා යෙදවීමේ අවශ්‍යතාව ප්‍රබලව දැනුණු එවන් මොහොතක ඇතිවුණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසිනි.

කාලිංග ඇතුළත්මුදලි, බුද්ධික ජයසිංහ, තිළිණ ගුණසේකර හා හර්ෂදේව ආරියසිංහ ටෙක් කතා ආරම්භ කිරීමේ නියමුවෝ වෙති.

කාලිංග ඇතුළත්මුදලි (Twitter) – ජාලකරණය පිළිබඳ වසර 12ක ‍ප්‍රවීණත්වයක් දරයි. ගුවන් විදුලි සන්නිවේදනය සම්බන්ධ වඩාත් උනන්දුවක් දක්වන, ඒ ආශ්‍රිත වැඩ මුළු හා වැඩසටහන් සඳහා සහභාගී වන අතර, Techකතා හි ද ප්‍රධානත්වය ගෙන ක්‍රියා කරයි.

බුද්ධික ජයසිංහ (Twitter) – වෘත්තියෙන් මෘදුකාංග සැලසුම් ශිල්පියෙකු ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 07 ක පලපුරුද්ද හා ජංගම දුරකථන මෘදුකාංග සංවර්ධනයේ සිව් වසරක අත්දැකීම් සහිත වන අතර Mobile Computing/Technologies, Embedded Systems, Software Localization පිළිබඳව වඩාත් රුචියක් දක්වයි.

තිළිණ ගුණසේකර (Twitter) -  වෙබ් වැඩසටහන් නිර්මාණකරණයේ නියැලී සිටියි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකි.

හර්ෂදේව ආරියසිංහ (Twitter) - වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවෙක් ලෙස කටයුතු කරයි. තොරතුරු තාක්ෂණ සංවර්ධන හා තොරතුරු තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි වසර 5 ක පලපුරුද්දක් සහිත වන අතර Web Technologies සහ Computer Music Production පිළිබඳව වැඩි උනන්දුවක් දක්වයි. පරිගණක ක්‍රීඩා කණ්ඩායමක සාමාජිකයෙකුද වේ.

මේ සුසංයෝගයෙන් බිහි වූ Techකතා එහි ආරම්භයේ පටන්ම අධ්‍යාපනික කේෂ්ත්‍රවල  විද්‍යාර්ථීන්, ආචාර්යවරුන් සහ වෙනත් සාමාන්‍ය ජීවිතයේදී මෙන්ම වෘත්තීය කටයුතුවලදී තාක්ෂණික ගැටළුවලට මුහුණ දෙන සෑම වයස් කාණ්ඩයකම සියලුම දෙනාටම විවෘත වු අත්දැකීමක් වීම විශේෂත්වයකි.

වෙබ් අඩවියට එක් කරන ලද මුල් වැඩසටහන් සතියකට වරක් පටිගත කර පරිශීලකයින් හට ලබා දුන් අතර, මාස කිහිපයක් ගතවීමේදී වෙබ් අඩවිය මගින් දියත් කළ චැට් කාමරයක් තුළට සජීවී අත්දැකීමක් ලබා දෙමින් සාකච්ඡාව සිදුවන මොහොතෙහිම විකාශය ද සිදු කරන්නට කණ්ඩායම කටයුතු කළහ.

Techකතාවල විශේෂත්වය ‍වන්නේ එය සෑම සියලු ආකාරයකින්ම මිත්‍රශීලී ලෙස පරිශීලකයා වෙත ළඟා වීමට කටයුතු කර තිබීමයි. නිදසුන් දක්වතොත් Techකතා වෙත ප්‍රශ්න යොමු කිරීමේදී ස්කයිප් (techkatha) ඇමතුම් වැනි පණිවිඩ ක්‍රමවේද හරහා මෙන්ම,  Techකතා වෙබ් අඩවියේ ඇති ආකෘති පත්‍රය පිරවීම මගින්, දුරකථනය මගින්, විද්‍යුත් තැපෑලෙන් (info [at] techkatha.com) ද ‍නැතිනම් සජීවී පටිගත කිරිම සුදුවන සෑම සිකුරාදාවකම සවස 9.00 සිට Techකතා චැට් කාමරය හරහා යන ඕනෑම ආකාරයකින් කෙනෙකුට සිය ගැටළු ඉදිරිපත් කළ හැකිය. එහි අනෙක් විශේෂත්වය වන්නේ යුනිකෝඩ් සිංහල භාවිතයෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංග්‍රීසියෙන් සිය ගැටළු ඉදිරිපත් කළ හැකිවීමයි. භාෂා බාධකය නොතකා හරිමින් සෑම තරාතිරමකම ඕනෑම අයෙකුට නවීන තාක්ෂණයේ දොරගුළු විවර කර දීම කණ්ඩායමේ අරමුණ වන හෙයිනි. එමෙන්ම Techකතා පටිගත කරන ලද වැඩසටහන්, ඉතා අඩු ගුණාත්මක අන්තර්ජාල සබඳතා සඳහා වෙනමම හා පුළුල් පරාස අන්තර්ජාල ‍සේවා භාවිත කරන්නන් සඳහා වෙනමම වශයෙන් වැඩ සටහන් දෙකක් ලෙස ලබා දෙයි. සමාජයේ සියලු දෙනාට සමීප විය හැකි වන සේ Techකතා ඉදිරිපත් කිරීම සඳහා කණ්ඩායම නිරන්තරයෙන් සිය අවධානය ‍ යොමු කර සිටී.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ Techකතා කණ්ඩායම කිසිදු මූල්‍යමය ලාභයක් අපේක්ෂාවකින් තොරව  සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කරන සේවාවක් වීමයි.

ඔබේ වෙමබ් අඩවියේ / බ්ලොග් සටහනේ , Techකතා වෙත සබැදියක්‌ එකතු කිරීමට Techකතා Badges වෙත යන්න.

Techකතා Twitter

Techකතා Facebook Group

-->