4G: 4වෙනි පරම්පරාවේ ජංගම දුරකතන ජාලවල සැබෑව.
ජංගම දුරකතනය මුල් අවදියේදී යොදාගත්තේ එකිනෙකා අතර කතාබහ කිරීමටයි, නමුත් වසර කීපයකදී මෙය බොහෝසෙයින් වෙනස්ව ඇත. දැන් ජංගම දුරකතන වලින් ඇමතුම් ගන්නවාට වඩා ඒවා යොදාගන්නේ SMS කිරීමට, විඩියෝ/වායාරුප ගැනීමට, චැටි කිරීමට වගේම අන්තර්ජාලයේ සැරිසැරීමටත්. දැන් දුරකතනවල ජාල වල දියුනුව වන්නේ ද මෙමෙ දත්ත සේවා පැත්තෙන්. 2වන පරම්පරාවේ සිට 4වන පරම්පරාවට එනකොට දත්ත සේවාවල විෂාල දියුනුවක් ලැබිලා තියනවා. GSM data, GPRS, EDGE, 3G (UMTS), HSDPA, HSUPA, HSPA+ වැනි විවිද දත්ත ක්‍රම මගින් අපිට වේගවත් දත්ත ලබාදෙනවා. මේ අතරට අලුතෙන්ම ආපු නම තමයි 4G (LTE – Long Term Evolution) මෙයට හේතුව තමයි මේ වෙනකන් Voice හා දත්ත (data) වෙන වෙනම ජාලයේ පැවතීම. මෙම නිසා 4G වලදී සියල්ල data (දත්ත) මතට ගෙන යෑම තමයි මෙහිදී සිදුවන්නේ. Long Term Evolution යන්නේ අදහස “දිගු කාලීන පරිනාමය” යන්නයි. ඒ කියන්නේ පැරනි ක්‍රමවලින් අලුත් ක්‍රමයකට මාරු වීම හා දැනට ජංගම දුරකතන ජාලවල තිය සංකීර්න බව අඩුකරන්න.
දැනට ඇත්තම 4G ජාල නැත. සියලුම LTE ජල pre-4G නොහොත් 4වෙනි පරම්පරාවට මාරුවෙන්න ඇති ජාල වේ. ජංගම දුරකතන ජාල සම්මත අනුව මේවා 3.75G ~ 3.9G වේ. ITU (International Telecommunication Union) අනුව 4වන පරම්පරාවේ LTE Advance (ITU-R organization අනුව) ජාලයක දත්ත වේගයන් 1Gbps විය යුතුයි. (උපරිමය) මෙම ජාල IMT-Advanced (International Mobile Telecommunications Advanced) ලෙස හදුන්වයි. දැන තියන LTE ජාලවල උපරිම වේගය 100mbs පමණ වේ.
දැනට දුරකතන ජල සමාගම් වෙලද උපක්‍රම ලෙස මේ 4G යන්න බාවිතා කරයි. මෙම ජාලවලින් ලංකාවේ සමගම් කියයි 100mbs වැනි වේගයන් ලබා ගත හැකි බව. pre4G ජාලවල control test environments (පාලයනන් යටතේ කරන පරීෂණ) වලදී මෙම දත්ත වේගය ලබාගත හැක. ඔබට මතක ඇති මීට වසරකට පමණ පෙර ජංගම දුරකතන සමාගම් 28mbps HSPA+ වේගයල් ලබාගත හැකි බව පවසමින් SMS පනිවුඩ එවුවා. නමුත් මෙම වේගයන් අපිට තවමත් ලැබී නැත. මෙම 4G ජල වල වේගයන්ද එවැනියි. සැබෑජීවීතේ මෙම වේගයන් ලබගත නොහැක. Motorola සමාගම මගින් නිකුත්කල සෑබෑලෝකයේ LTE පරීෂනයකට අනුව (Figure 2) LTE ජාලයක එක පුද්ගලයෙකුට ලැබෙන හොදම උපරිම වේගම 8mbps වෙන අතර. මෙය සියලුම තත්වයන් හොද මට්ටමක පවතින විට. නමුත් සාමන්‍ය වේයන් 3~5mbps වේ. මේ දුරකතන සමාගම් 100mbps කියනේ එක ඇන්ටෙනාවකට උපරිම දිය හැකි වේගය. මෙම වේගය සම්බන්ද වෙන ග්‍රහකයන් ගණන්, දුර වැනි විවිද දේවල් අනුව වෙනස් වේ. එම නිසා දුරකතන සමාගම් ප්‍රචාරය කරන වේගයන් සැබෑ වේගයන් නොව උපරිම පරීක්ෂන මට්ටමේ ලබාගත හැකි වේගයන් වේ. හුදෙක් marketing (විකීනීම) සහදා යොදාගන්න වේගයන් වේ.
copyright Motorola
ඉහත රූපයේ පෙනනේ තමන් කුලුණට කිට්ටුවෙම සිටිනවා නම් හා ලෙබෙන වේගයන් වගේ, කුළුනෙන් දුරස්වෙන විට ලැබෙන වේගය අඩුවීමත්. ඒ කියන්නේ තමන්ට ලැබෙන signal ප්‍රමාණය උපරිම උවද, කුළුනෙන් දුරස්නම් ලැබෙන වීගයන්ද අඩුවේ.
ලංකාව තුල මෙම කතාව තවත් වෙනස් වේ. Motorola සමාගම් එම දත්ත නිකුත්කරේ අදාල දුරකතන ජාලය 100% නිවැරදි ආකාරයෙන් සකස් කර ඇතිනම්. නමුත් ලංකාව තුල මේ යටිතල පහසුකම් ගොඩක් අඩුයි. දුරකතන සමාගම් මේවට කරන වියදම අඩුයි. මොකද මෙම LTE වලට මරූ වීම් සිදුවන්නේ දුකරන සමාගම් හා දුරකතන ජාල උපකරන සපය සමාගම් වලට උපකරන බදුදීම මගින්. උපකරන අලුත් කිරීම දුරකතන සමාගම වැයකරන්න වෙන්නේ පොඩි මුදලක් නමුත් යටිතල පහසු කම් සහදහා විෂාල මුදලක් වැය කරන්න සිදුවෙනවා.
මුල්ම යටිතල පහසුකම තමයි, සෑම කුළුනකටම fiber-optics (ප්‍රකාෂන තන්තු) වලින් සම්බන්ද තා තිබිය යුතුයි. දැනට බොහෝමයක් කුළුණු සම්බන්ද වනේ radio link හරහා. මේවා බොහෝ විට E1 දෙකක් හෝ තුනකි. (E1 = 2mbps) මෙය හේතුව radio link වල ඇති limitations. දැනම HSDPA වල වේ ගයන්ත් ගොඩක් පිට පලත්වල අඩුවීම මෙය එක් හේතුවක් වේ. LTE වලට මාරුවීමේදී කුළුනකට අඩුම තරමේ 200mbps වත් වේගයක් ඇති සම්බන්දතාවයක් තිබිය යුතුයි. නමුත් මෙය ලංකාව තුල කවද වේ ද කියන එක ලොකු සැකයක්. මොකද හැම කුළුනකටම fiber ඇදීමට දැනට කිසිම දුරකතන සමාගමකට හැකියාවක් නෑ. මොකද මේ සදහා විෂාල වියදමක් කල යුතු නිසා. දැනට switching හා up-link station අතර fiber තිබ්ණද කුළුනු වල්ට නෑත. (මේ ගැන මගේ පරණ බ්ලොග් වල කතා කරලා තියනවා.) wimax පිට පලාත්වල වියාප්ත වෙන එක අඩුද මේ fiber to tower නැතිවීමයි.
ඉලග ගැටලුව එක කුළුනකට් සම්බන්ද වන ග්‍රහකයන් ප්‍රමාණය. ග්‍රහකයන් වැඩිවෙනකොට කුළුනු ප්‍රමානය වැඩිකරමින් එක කුළුනකට ග්‍රහකයන් ප්‍රමානය අඩුකල යුතුයි. නැතිනම් radio channel මදිවීම, tower එක ලබාදිය හැකි දත්ත වේගයන් අඩුවීම වගේ වෙනවා. නමුත් මේ කුළුනු ගහන එකත් කරන්නේ නෑ. ඒක නිසා තමයි සමහර ප්රදේෂවල දවල්ට data speed හොදට තිබිලා රෑට අඩුවෙන්න. නැතිනම් කොළබ නම් රෑට හොද වෙලා දවල්ට අඩුවෙන්නේ.
LTE වලත් තමන් සිටින තැන අනුව තමන්ට ලැබෙන සේවය වෙනස් වෙනවා. HSPA මෙන් කොලබදි හොද වේගය ලැබිලා නුවරදි නැතිවෙන්න පුලුවන්. ඉතින් මේ සියල්ල රදාපවතිනේ කොචර හොද යටිතල පහසුකම් තියනවාද කියන එක මතයි.
LTE වලදි අපේ පරණ phone හා internet modems බාවිතා කරන්න පුලුවන්ද ? බෑ, LTE සදහා අලුතෙන් මේ සියල්ල මිලදී ගතයුතුයි. LTE තාක්ෂනය අතින් ඉදියෙන් සිටී, radio channel හොදින් පාලනය වීම වගේම QoS (Quality of Service) HSPA ජාලමෙන් නොව හරියාකාරව බාවිතා කරන්න පුලුවන්. මමගින් දත්ත සේවාවන් වල ගුනාත්මක බව වගේම එක එක පුදගලයාට ලැබෙන වේගය පවා පාලනය කරන්න පුලුවන්. MIMO (multiple-input and multiple-output) වැනි ඇන්ටෙනා තාක්ෂන යොදාගෙන මෙය ගොඩක් හොද සේවාවක් ලැබෙන ලෙස සකස්න්න පුලුවන්. ඒ වගේම latency (දත්ත ගමන්කිරීමට ගතවන කාලය) බෝහෝ ලෙස අඩුවෙන නිසා මෙය game ගහන අයට හොද දෙයක් වේ. ඒ වගේම අපිට HSPA වල දැකපු, වෙබ් පිටුවක් ලින්ක් එකක් click කරලා එම පිටුව open වෙන්න යන්න වෙලාව (Idle to active State) සමහර අය දැකලා ඇති මොඩම් එක UTMS වෙලා HSPA වෙන එක. නමුත් LTE වල මෙම ගැටලුව නෑ. LTE සෑම විට එකම සම්බන්ද වී සිටින නිසා එවැනි ගැටලු දකින්න ලැබෙන්නේ නෑ.
කොහොම උනත් ලංකාවේ තත්වය අනුව 2mbps වේගය ලැබුනොත් ඔබ වාසනා වන්තයි, එම නිසා දුරකතන සමාගම් වල බොරු නොම්මර වල්ට රැවටෙන්න නැතුව හොදට හිතලා බලන්න. සමහර විට ඔබට HSPA වලින් LTE වඩා වේගයක් එන්න පුලුවන්



Well said bro
ගොඩක් ස්තූතිය් ලිපියට ..දැන් වැඩියෙන්ම internet speed එක දෙන්නේ එටිසලාට් ද?මේ එක්කම ADSL වල speed එක වැඩි කරානම් එලම කිරි..අයේ ඔව්වා වගේ ලෙඩ නෑනේ..
@Namila
එටිසෙලාට් අලුත් නිසා දැනට වේගය වැඩි ඇති. කට්ටිය වැඩි උනහම අනිත් අය ගානට එයි
ADSL කොහොමත් හොදයි, ගෙවන මුදල අනුව තමයි වේගේ. 512kbps එකක් අරගෙන 2mbps බලාපොරොත්තු වෙන්න බෑනේ.
දැන් එතකොට ඔය ඩයලොග් සහ එටිසෙලාට් දෙගොල්ලන්ම දෙන්නේ 3.75 කියන වේගයද ? එහෙනම් ඇයි ඩයලොග් එකට 4 G කියලා කියන්නේ , ඇයි එටිසෙලාට් එකට 3.75 කියන්නේ ?
ethisalt network එක HSPA+ එකක්, Dialog/Mobitel දාන්නේ LTE උඩ මම ඕක ගැන පැහැදිලි කරලා තියනවා.
අනේ අපිටනම් 100Mbps වේග ඕනෙ නෑ.. ඔච්චර වේගෙන් ගිහින් හැප්පුනොත් එහෙම..
2Mb විතර වේගයක් “හරියට“ දුන්න නම් හොඳටම ඇති..
I think dialog already invested for fiber network http://www.dialog.lk/news/dialog-first-to-top-usd-1-billion-fdi-%E2%80%93-commits-usd-150-million-more/
Naveen, they are talking about investing money in SL, not about laying out a fiber network. news is misleading.
If you have gone around Colombo and suburbs recently you should have seen that Dialog is digging along the side of the roads and laying fiber optics cables. That is not a lie. They are improving their infrastructure.
yeah they did year or so a go, but that’s not totally to interconnect towers. connecting switching and uplink stations with fiber dont really mean its a improvement, its some thing dialog had to do since at a point dialog was unusable.
not saying they are NOT improving network, if you have read my older blog posts about HSDPA experiences of mine during the past few years u can see that.
එටිසෙලාට් ගේ ලබාදෙන වේගය 21MBps ද 21Mbps ද ඔවුන් ඇඩ් දාන්නේ නම් 21MBps එහෙම වෙන්න පුළුවන්ද?
එය 21Mbps විය යුතුයි, මෙගා බිට්ස් පෙර් සෙකන්ඩ් (Mega Bits Per Second)
8bits = 1 byte
21Mbps is around 2.6Mb/s
21Mbps is around 2.6MB/s ලෙසින් වෙනස් විය යුතුයි නේද ??
Mbps කියන්නෙයි Mb/s කියන්නෙයි දෙකක් නෙමෙයි එකක් නේද..
වෙනස් විය යුත්තේ Mbps(Mb/s) හා MBps (MB/s) නේද ??
Mbps = Mb/s ( b–> bit)
MBps = MB/s ( B –> Byte)
සාමාන්‍යයෙන් දත්ත හුවමාරු වේගය දක්වන්න පාවිච්චි කරන්නෙ බිටු නිසා ඒ අයට සිම්පල් බී වෙනුවට කැපිටල් බී එබිලා.. නැත්නම් ඒ අය 8 ගුණයක් ලොකු බොරුවක් කියලා.. ලොල්
ඔවු ඒකත් හරි, දනට මේ Mbps MBps MBs කියන ඒවා පැටලුම් සහිතයි. මේක wikipidia එකේ ද කියනවා.
MBps හා Mbps දෙක එකයි, වෙනස Mbs හා Mbps
@Kalinga: article is well said machan!!! anyway just want to make a little correction,
MBps & Mbps are not same. They represent Megabyte and Megabit respectively. also ‘p’ & ‘/’ uses to implies ‘Per’.Hence,
21 [Mbps|Mb/s] is around approx. (21/8) ~ 2.6 [MBps|MB/s] .
{according to SI metrics.}
ස්තුතියි නිවැරදි කිරීමට.
ඔබට බොහෝමයක්ම ස්තූතියි මේ ගැන දැනුවත් කරාට. ඇත්තටම අන්තර්ජාල සමාගම් මෙම තාක්ෂනික යෙදුම් තමන්ගේ වෙළඳ ප්රචාරයට යොදාගැනීමක් කියල තමයි පෙනෙන්නේ…
Thanks
A Great Explanation
Kalinga Ayya.
පට්ට පට්ට………. එතකොට හරි මෙයල 3.6mbps වත් දෙයි නේ……..මොකද 3.6mbps දෙනව කියල දෙන්නෙ GPRS wala Speed එකනේ……….
හොද ලිපියක්.සාමාන්‍යන් radio link E1 16,32,64 වගේ support කරනවා.නමුත් 95% ක්ම 3G site වලට දීලා තියෙන්නේ E1 2 යි ( අනිත්වා නිකන් ). ඒ කියන්නේ උපරිම 4mbps තමයි.ඒකෙනුත් කොටසක් voice,Video call වලට වෙන් කරලා.අවශ්‍ය වෙන්නේ හොද core Network එකක්.dialog fibre එලීමත් සිදු වෙනවා.මේ වෙනකොට කලුතරට වෙනකම් operational.
කලුතරට වෙනකම්… ඒත් මම දැකල තියනව වැල්ලවත්ත හරියෙන් එහෙම කොන්ඩියුට් බට ටික උඩට ඇවිත් තියනව. තැන් කීපයක දැක්ක. එතකොට කොහොමද Operational වෙන්නෙ
ඒක කලුතරට යනකමි වැඩ කියලා තහවුරු කරන්න පුලුවන්.Wimax,Wipll,Walkair වගේ network මේකට සම්බන්ධයි. මේවයින් නම් කියන ස්පීඩ් එක ඒ විදියටම දෙනවා.හැබැයි ලක්ෂ ගනන් ගෙවන්න ඹ්න..E1 traffic මේකට එකතු කරලාද කියන එක මම දන්නේ නෑ.
4G හා අනෙකුත් අන්තාර්ජාල සම්බන්ධතා ගැන හොඳ දැනුමක් ලබා ගත්තා. තවත් මේ වගේ ලිපි ගොඩක් ඉක්මණට ලියන්න.
ස්තුතියි කාලිංග අයියේ
3.5G වලට සහය දක්වන දුරකථනයකින්,4G තාක්ෂණය යටතේදී (එම දුරකථනය HSDPA, 10.2 Mbps; HSUPA 2 Mbps වන්නේනම්) 10.2Mbps වේගය දක්වා ලබා ගත හැකිද?
එම කුළුණ HSPA නම්, පුලුවන්. නමුත් 10.2mbps කියන්නේ, theoretically max. නමුත් සැබෑලෝකේ 1~2mbps max
නමුත් එම කුළුන GSM/LTE නම් බෑ.
වටින ලිපියක්.. එටිසලාට්ලත් ලොකු ටෝක් දුන්නට අපිට නම් තාම 3.75G නෑ..
තවත් වැදගත් ලිපියක්, වැදගත් තොරතුරු රාශියක්
කාලිංග අයියට බොහොම ස්තුතියි මේ තොරතුරු දැම්මට.මම ත් හුගක් මේ ගැන උනන්දුයි. තොරතුරු කීපයක් වගේම ප්‍රශ්න කීපයතුත් අහන්න තියෙනව.
දැනට Etisalat Head Office එකට විතරයි ඔය කියන 21Mbps ඇවිත් තියෙන්නෙ.FB fan page එකේ Video එකක් upload කරල තිබුණ.ඒ වගේම ඒකෙ තිබුනෙ DC-HSPA+ කියන එක.
ලංකාවෙ අනික් පැති ගැන කතාකලොත් මම මගෙ බ්ලොග් එකට දාපු ලිපියට හුගක් අය තමන්ට ලැබුන speedtest results දාල තිබුන. තාම කාටවත් 3Mbps වත් ලැබිල නෑ. සමහර පැති වලට WCDMA විතරයි තියෙන්නෙ.
Mobitel/ Dialog LTE වල ඇවිත් තියෙන speed ගැන කියනවනම් test කරද්දි Dialog සඳහා 123Mbps(Official launch එකේ video එකක් Dialog FB Fan page එකේ දාල තිබුන ) ද Mobitel 96Mbps ද තිබිල තියෙනව.හැබැයි මීට කලින් HSPA+ දීපු මේ කාගෙවත් 3Mbps වත් ස්තීරවම කාටවත් ලැබෙන්නෙ නෑ.ඉතින් LTE ත් එහෙමම වෙයි.
දැන් ප්‍රශ්න ටික අහන්නම්,
Mobitel සමහරක් තැන් වලදි SLT fiber optics පාවිච්චි කරනව කියන්නෙ ඇත්තද?
Dialog සතුව Galle Road සහ High level Road එකේ යන Fiber Optics තියෙනවද?
Etisalat වලට international bandwidth එක දෙන්නෙ lankacom ද?
බොහොම ස්තුතියි!
Mobitel SLT fiber network එක දන්න තරමින් බාවිතා කරන්නේ නෑ. Dialog හට යම්තාක් දුරක fiber ජාලයක් තියනවා. cmb to piliyandala වගේ.
මම දන්න තරමින් නම් High level Road එකේ යන Fiber Optics දැම්මෙ SLT එකෙන්…….
නිවැරදියි.
This is a good article on evolution of mobile broadband.
http://www.3gamericas.org/documents/3G_america.pdf
thank you for the link, there is no doubt LTE is better then HSPA in a technical point of view, but this is a question about implementation and marketing.
හොඳ ලිපියක්.. අඩුම තරමෙ 3.6 Mbps වත් ස්ථාවර වේගයක් ලැබෙනවනම් ලොකු දෙයක්..
ඒකනම් හීනයක්, 2mbps වත් ආවොත් ලෝකු දෙයක්.
I think I’m fortunate to see average speed of 1 Mbps on my PC. It sometimes goes up to 2 Mbps.
most users around cmb and some cities outside get goog speeds, but its not true for all the users. this is whats wrong with mobile networks. if you go to the providers office, it will always be really high speeds. as they make it happen with the cell improvements in that location. but in real world its the the case. you maybe lucky to be in tower that has a good capacity. mobile network providers need to fix this issues with out coming up with excuses.
I think I’m an a place where a base station is has implanted.
Ayya, LTE and WiMAX has now officially declared as 4G by ITU. http://www.cellular-news.com/story/47117.php. Also, you had said that mobile networks don’t implant 3.5G towers as needed, but I can’t agree at once. In Kandy, I’ve seen that Dialog implants towers very closer to each other. When you go about a kilometer passing one tower, another tower location is displayed on mobile. When trying to connect to the internet, there’s a good speed too. So, do you mean implanting towers very closer to each other as one can see two at once?
Thank you malli, yes marketing point they are talking about, but technology point its still not 4G. this is due US mobile company’s are saying 4G even on there wimax networks and HSPA+ network, in this case even Etisalat can call there network 4G
implementing towers closer to reduce the number of users per cell/tower. this need to be done when there are more users per tower to improve network quality. more cell’s = more users.
ලබා දුන් තොරතුරු වලට ස්තුතියි.
මේ දුරකථන සමාගම් ෂුවර් එකටම හිතාගෙන ඇති පාරිභෝගිකයො ගොං බඳින කණු කියලා. නැත්තම් මෙහෙම ලණු දෙන්න ට්‍රයි කරනවයැ.
දුරකතන සමාගම් අතර තියෙන තරගයේ අවසාන ප්‍රතිඵලය පාරිභෝගිකයාට ගුනාත්මක සේවාවක් සැපයීමනම් ඒකේ අවුලක් නැහැ මම හිතන්නේ……………
හරියට හරි… ඒක ඕනෙම තමයි. ඒක නෑ කියන්නේ නෑ අපි
competition is always good.
But, too much competition makes the company make loss in profits. I think that happened to Dialog and Airtel. And that’s why TRC applied a lowest-rate regulation.
true, even the case about speeds, now if one is saying if its 100mbps, they need to provide 60% is a must if the connection is has a data cap.
regulation is needed, else the mobiile company’s do what they pleased.
Not 60% ayya. In my view, it should be 80%.
“කොහොම උනත් ලංකාවේ තත්වය අනුව 2mbps වේගය ලැබුනොත් ඔබ වාසනා වන්තයි”
මමත් ඒ වාසනාව උදාවෙනකම් තාම බලාගෙන ඉන්නව…
niyamai aiya……….ethaaaa wadagath ……………
වෙලාවක මට හිතෙනවා ලංකාව ඇතුලත ඇමෙරිකාවේ වගේ තදින් ක්‍රියාත්මක වන නීති තිබ්බා නම් හොඳයි කියලා. විශේෂයෙන් කැනඩාව සහා ඇමරිකාව කාලයක් තිස්සේ මේ තාක්ෂණය රහස්ගතිව තිබලා මාර්තු මාස වල පාරිබෝග මට්ටමින් ප්‍රචාරණය පටන් ගත්තා, එත් අපේ වගේ නෙමේ LTE නාමයෙන්මයි. හැබැයි ඒ අය පරිස්සම් වෙලා තියෙනවා ලොකුවෙන් 150mbps පෙන්වලා යටින් පොඩිම පොඩි අකුරෙන් මේ ලිපියේ ඇති කාරනාව ලියලා. මේ වගේම දෙයක් කරන්න අපේ අය පොළඹවන්න නීතියක් තිබ්බොත් හොඳයි.
මම නම් කියන්නේ මේ අවුරුද්ද වෙනකල් අපේ අය මේ කවුරුත් මේ 4G/LTE ගැන වද වෙන්න ඔනේ නෑ කියලා. කාලයත් එක්ක බලමු පර්යේෂණයන් වගේ ඒවා ඉවර කරලා ගුණාත්මක බව වැඩි කරයිද කියලා.
ඩයලොග්ලා නම් ෆයිබර් ඔප්ටිකල් කේබල් එකක් දැම්මා කොළබ සිට මාතර දක්වා. හැබැයි එකේ වැඩ තාම ඉවරද නැද්ද කියලා දන්නේ නැ….
කොහොමත් ලංකාවේ කම්පැනි කියන්නේ එකක්..කොරන්නේ තව එකක් නේ…
3G supported phone එකක් හරි Dongle එකක් හරි 4G වලටත් support කරනවද?
බොහොම හොඳ ලිපියක්.
ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
උඩ මේකට උත්තරේ තියනවා
“LTE වලදි අපේ පරණ phone හා internet modems බාවිතා කරන්න පුලුවන්ද ? බෑ, “
කාලෝචිත ලිපියක් කාලිංග. දැන් තරගෙට දුරකථන සමාගම් SMS එවන්න පටන් අරන් ඉන්නෙ 4G ගැන. මේවාට රැවටෙන්නෙ නැතුව අවශ්‍ය දේ හොදින් විමසා බලා තෝරා ගන්න හැමෝටම ලොකු උදව්වක් වේවි.
dialog & mobitel oya kiyanna pre 4G service eka dennna kochara kal yai de? ehema dunoth etisalt ekata wada speed wei de? 3G signal thiyanawada kiyala kohomada balanne? mokak de ganna hoda broad band package eka?
LTE හැම විට HSPA+ වලට වඩා ඉදිටියෙන්, මේක තාක්ෂනය ගැන ගැටලුවක් නෙවෙයි. මේ තාක්ෂනය හරියට බාවිතා කරනවාද කියන එක තමයි ගැටලුව.
හොදම මොකද කියලා තීරනය කරන්න ඕනේ තමන්, SIM එකක් අරගෙන බාවිතා කරලා බලන්න, නැතිනම් ලග ඉන්න යාලුවන්ගෙන් හන්න ඒ අය බාවිතා කරන්න මොකද, වේගයන් කොහොමද කියලා. මොකදූ Mobile internet කියන්න. ඉන්න තැන අනුව වෙනස් වෙන එකක්.
thank you very much for the information!!!!!!!!!!!!!!!!!!!!!
What a good article…. Thanx Bro……………
4G ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ස්තුතියි. මේවා දුන්නට ඔය කියන speed එකෙන් කාලක්වත් ලැබෙනවානම් (මාත් හිතන්නෙ 2-3Mbps විතර ලැබෙයි) අපිට දරගතහැකි මිලකට මේගොල්ලො කොහොම දෙන්න යනවද මන්ද. 3G package එකට ගෙවාගන්නෙත් අමාරුවෙන්. 4G ගැන මොන කතාද?
Etisalat ලගෙ 3.75G ට හරියන්න කරපු වැඩක් වගේ.
As per my knowledge still no one has the proper licensing to the 4G network, Only Dialog has the test transmission On Daley Road arcade, I personally went there to check and seems to be the speed is ok. as per them 40-50Mbps on dongles. ( if you people need to check on this go there and check),
But as per my personal view this might be incoming technology very expensive, As per them these equipments ( preferably – Dongles/ Phones/ Tabs etc..) will be sort of high value and they (Dialog) will be take time to check on the QOS on there network.
And one thing I should advice people read this blog(thank the blog master for this first). before you attempting to criticize anything comparing the other product is advisable. And all the people should read more technical stuff before asking blog master .or other wise this blog will be a mess just like a play house.
True.Dialog using four 5MHz channels (need minimum of 20 MHz) two of them are their 3G frequencies.But I dont think this will expensive.after 2-3 yrs this will be more chaeap.If you experience the 4G in dialog arena,you may have discoverd the size of dongle.It uses lot of transmeters to achive the speed.But in the market oyu will be find small devices which uses few transmitters and deliver low speed.
thank you verry much
Brilliant article kalinga… Unbiased and truth is exposed! But i’ve got a question… Could we expect better speeds with 3.5G capable dongles in a 3.75G network. Ok in my example my modem supports speeds up to 3.6Mbps.. Etisalat says their network supports up to 21Mbps.. So with my modem isnt it fair for me to expect a speed something like at least 2 or 3Mbps the minimum? But what i could achieve was not more than 1.5 , 1.8Mbps…. I know most of the others who posted at local forums also didnt achieve significant speeds. Not even more than 2.1, 2.3Mbps.. That was nothing impressive! Even with Airtel and Mobitel I experienced such speeds in the beginning.. How would you explain this? If the capped bandwidth is way higher than that why cant we gain a way better speed with our 3.5G devices? Etisalat too is selling 3.5G modems. I just saw one 3.75G modem on their website. Why cant we get better speeds? does these so called problems in HSPA still exist? How could we expect them not to exist in this so called 4G as well…
there are lot of factors in play, from HSDPA to HSUPA only deference would be the higher upload speeds. but the download will remain the same. with HSPA+ the network will be able to deliver more download speeds.
so if your on a HSPA+ network with a HSDPA dongle, say in your case its a 3.6mbps one, the network should be able to give you upto 3.6mbps.
but keep in mind the 21mbps is the theoretical/lab environment testing, same as for LTE 100++ mbps speed, normally on a good HSPA+ network average speeds will be around 2mbps.
since the speeds depend on the how many users are using the tower, how far your from the tower, your signal levels, how much bandwidth the tower has (tower to base station) so the real world experiences would be different from location to user to device. also on mobile networks the all the towers don’t have the same capabilities.
the user experience always depend on this factors.
We cannot ever recieve given bandwidth given by the operator.Because we are using the most expensive transmission media.Mobile operators have a one or two channels to connect all of you in 3G.But the wire line operator have all the bandwidth they can yse what ever they like to use.But they are not keeping their network with worlds latest technologies.I think TRC have to think about creating a competition on that field.So then people will not very much care about mobile broadband speeds.
If You can have 100Mbps speed in mobility is 4G(http://www.3gpp.org/LTE).The installed devices are capable to do that.But the problem is these devices are not feed with that capacity.But this gives us a clear indication that we will be using worlds latest mobile technology.Currently the 3.5G is the worlds favorite technology.4G will be seen shortlyThere are very limited no of supporting devices for 3.75G.It will never get popular.Even the etisalat may have targeted the 3.5G market.
But the 4G is just a infant.Teleasonera http://teliasonera4g.com/ was first to launch this ,but still not get popular
I don’t think we will get at least 3.6mbps speed even we use a 3.75G dongle in the Colombo-7, in respect to Etisalat.
SLT ADSL දැන් හොදයි.
අයියේ මං දැක්කා මේ ජාල පාවිච්චි කරන්න දැන් අපි ගාව තියෙන් මොඩම් හා ෆොන් වලට බෑ කියන එක. එහෙම වුණොත් දැනට අපි පාවිච්චිකරන මොඩම් දුරකතන සියල්ල මාරු කරන්න වෙනවා. ඒත් අපිට එහෙම කරන්න කියලා දුරකතන සමාගම් ඉල්ලීමක් කරලා නෑ. ඒකට වෙනමම තාක්ෂණයක් පාවිච්චි කරනවාද මෙන්න මේ ටික විස්තර කරන්න පුළුවන්ද?
LTE will depend on fiber communication. Mobitel & Dialog are now distributing fiber path in Sri-Lanka. That will good news for 4G
මමත් එට්සලට් ස්පීඩ් ටෙස්ට් කරා. මට නම් ආවෙ 3Mbps වේගයක් විතරයි.එයාලා Map එකෙ දාලා තියෙන හුගක් තැන් වලට 3G සිග්නල් නැ.
http://speedtest.net/result/1306821954.png
මාත් බැලුව එට්සලාට් ස්පීඩ් කොහොමද කියලා මට නම් ආවෙ 3Mbps විතරයි උපරිම.2Mbps ස්ථාවර වේගයක් තියෙනවා.එයාලා MAP එකෙ දාලා තියන හුගක් තැන් වලට 3G signal නැ.
http://speedtest.net/result/1306821954.png
මාත් බැලුව එට්සලාට් ස්පීඩ් කොහොමද කියලා මට නම් ආවෙ 3Mbps විතරයි උපරිම.2Mbps ස්ථාවර වේගයක් තියෙනවා.එයාලා MAP එකෙ දාලා තියන හුගක් තැන් වලට 3G signal නැ.
http://speedtest.net/result/1306821954.png
ඉතා වටිනා ලිපියක් කාලිංග අයියේ
Ruwan vetha Mamath use karaney 512kbps unlimited packaege eka (1600 with out tax) mara SLOW.Ithin SLT Kohomada Hoda Wenney.
menna Test Result EKa.
http://www.speedtest.net/result/1327351936.png
Huga Vela vaka ta thiyeney 52 -42 athara.
මමත් use කරන්නෙ SLT මාර Slow.
In us definition of 4g is a total mess..its defined by carriers..only verizon has a true lte 96mbps network..but the users usually get one sixth of advertised speed..this is a test done by htc thunderbolt lte phone in engadget review http://www.engadget.com/2011/03/18/htc-thunderbolt-review/ …i imported a galaxy s 4g for 40000 rupees from ebay. Its nothing more than a galaxy s with hspa+ support but tmobile advertise it as a 4g phone..using it with etisalat only gives me average speed of 2 mbps..which is the same speed i got using an htc desire and iphone 3gs using hspa..
For me all these are marketing tricks.. only lte and wimax are cosidered true 4g..but at the moment there is not much of a difference in terms of speed bw wimax and hspa+. So Lte is the clear winner.
Really good article.Thanx a bunch.
ඇත්ත කතාව!!!!!!!!!!!
මේ දවස්වල එස් එල්ටී ලා ෆිබර් ප්‍රොජෙක් එකක් කරගෙන යනවා . ඒ නිසා එස්සරහට එයාලගෙන් ලොකු ස්පීඩ් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් .