ලෝකයේ හොඳම computer එකක් ගන්නේ කොහොමද ?
මේක තම පරිගණකයක වැදගත්ම කොටස . දැන් නම් Market (වෙළද පොලේ) එකේ තියෙන්නේ Core 2 Duo / Core i3 / Core i5 / Core i7 මේ වගේ Processors තමා . මේවා වලින් Intel සමාගමට අනුව Desktop/Laptop පරිගණක සදහා තියන ඉහලම Processor එක Intel Core i7 Processor එක . එහි වේගය හා එහි ඇති තාක්ෂණයන් ඉහත තියෙන හැම Processor එකකකටම වඩා ඉහළින් තිබීම තමා ඒකට හේතුව . නමුත් තමන් පරිගණකයක කරන වැඩ අනුව ගැලපෙන processor තෝරාගන්න ටිකක් හිතලා බලන්න ඕනේ. මොකද මේවා මිල ගනන් වලින් වෙනසක් හා වේගය අතින් වෙනසක් තියෙන්නවා. ඒ විතරක් නෙමේ, Processors වල තියෙන්නවා Cache Memory (L1, L2, L3)කියල කොටසක්, ගොඩක් කට්ටිය මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ . දැනට නම් Cache Memory 1MB – 12 MB දක්වා අලුත් CPU වල තියෙන්නවා. Cache Memory වැඩි වෙන තරමට පරිගණකයේ වේගය හොඳ මට්ටමක තියාගන්න පුලුවන් , නමුත් Cache Memory වැඩිවෙත්ම එම Processor එකේ මිල වැඩිවෙන බව මතක තියා ගන්න. අපි මෙහෙම හිතමුකෝ , ඔන්න අපි කඩේකට ගියා , Processor වර්ග 2 ක් තියෙන්නවා
Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] – Rs. 20000.00
Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] – Rs.20000.00
මේ වගේ වෙලාවක ඔය තෝරාගන්න ඕන 4 MB Cache Memory එකක් තියෙන Processor එක. මොකද දන්නවද ? මේ Processor 2 වැඩ කරන කොට පැහැදිලි වෙනසක් Intel Core 2 Duo 2.9 GHz [ 2 MB Cache Memory ] වලට වඩා Intel Core 2 Duo 3.2 GHz [ 4 MB Cache Memory ] බලගත්තහැකි . නමුත් මෙය යලිත් වෙනස් වෙනවා තමන් එම පරිගනකයේ කරන වැඩ අනුව.
තවත් CPU වල එන දෙයක් තමයි Core ගණන. මෙයින් අදහස් කරන්නේ එක CPU/Processor එකක් තුල Processor කීපයක් තීබීමයි. උදාහරණයක් ලෙස අපි Intel i7 CPU එකක් ගත්තොත් එහි Core 2කේ සිට 6දක්වා තියනවා. මෙයිනුත් පේනවා i7 එකක් ගැනීමෙන් පමණක් පරිගණකය වේගවත් නොවන බව, i7 CPU එකේ විවිධ මාදිලි තියන බව, එයින් තමන්ට ගැලපෙන processor එක එහි මාදිලි අනුව තෝරාගන්න ඕනේ කියන එක. Intel Core i5 චලද Core 2 කේ සිට 4 දක්වා තියනවා. සමහර විට i5 core 4 ඇති එකක වේගය i7 core 2 අකක් ඇති එකකට වඩා වැඩි වෙන්න පුලුවන්. අලුතෙන් එන Sandy Bridge තාක්ෂණය යොදාගන්න Intel CPU වල VGA පවා දැන් එනේ CPU එක තුලයි. මේවාත් CPU එකක් ගැනීමේදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල්.
Ram / Random Access Memory / Main Memory
Processor එක ලගට වැදගත්ම දෙයක් RAM/ මේයට Main Memory කියල ද කිනවා. Ram එක අදාල තරමට තිබීමෙන් computer එකේ වේගය හොඳින් පවත්වාගන්න පුලුවන්. නමුත් ඕනෑවට වඩා RAM තිබීමද තේරුමක් නෑ. Processor කොපමණ වේගවත් වුනත් අදාල වැඩසටහන් හා OS එක වැඩ කරන්න උවමණා කරන ප්‍රමාණයට RAM නැතිනම් පරිගණකය මන්දගාමී වෙයි. Windows 7 පරිගණකයකට 4GB Ram ප්‍රමාණවත් වෙයි. 4GB සදහා ඔබට Install කරන්න වෙන්නේ 64 Bit Operating System එකක්. 32 Bit Operating System එකක්ක පාවිච්චි කල හැකි උපරීම RAM දාරිතාව වෙන්නේ 3.5 GB . නමුත් පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ Onboard VGA එකනම් ඉතුරු RAM ප්රනමාණය VGA එකට ගන්න කියල කියන්න පුලුවන් , ඔබගේ Motherboard එක ඒ සදහා සහය දක්වනවා නම් . ඒ විතරක් නෙමේ 4GB Ram ගැහුවොත් 2GB Card 2 එකක් යොදාගන්න. Ram card 2 කක් නම් එකම වර්ගයේ එකම ස්පීඩ් එක තියෙන RAM වර්ග තොර ගන්න. අදාල Motherboard එකකේ සහය දක්වන RAM වේගයන් සදහන් වෙනවා. ඒ අනුව ගැලපෙන් RAM එක තෝරාගන්න.
HDD / Hard Disk Drive / Solid State Drive
අපේ පරිගණකයේ අපිට අවශයය සියලුම දත්ත හා තොරතුරු ගබඩා කරන්නේ Hard Disk එකේ කියල අපි හැමෝම දන්නා කරුණක්. නමුත් ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි දැනට පරිගණකයක තියන වේගය අඩුම කොටසත් මේක කියලා. මෙය නිසා ඔබේ පරිගණකයක CPU/RAM කොපමණ වේගවත් උවත්. HDD එකේ වේගය නිසා ඔබේ පරිගනකය slow වෙනවා. උදාහරණයක් ලෙස Windows boot වෙන්න යන කාලය, Application එකක් open කරන්න අයන් කාලය. මෙයට හේතුව HDD එකක් ඇතුලත් ඇත්තේ electronics කොටස් වලට අමතරව යාන්ත්‍රික කොට. ඒ නිසා මේ යාන්ත්‍රික කොටස් වෙල වේගය ගොඩක් අඩුයි. මෙම නිසා දත්ත කියවීම ලිවීම ගොඩක් වෙලා ගතවෙනවා.
HDD වල වේගයන් බලන්න ලෙහෙසි ක්‍රම කීපයක් තියනවා. එකක් RPM එක, දැනට ලංකාවේ තියන ගොඩක්ම HDD 7200RPM නමුත් සමහර වෙලාවලට 5400 ද තියනවා. ඊට අමතරව HDD එකේ ඇති RAM ප්‍රමාණය. ඊලගට වැදගත් වන්නේ Interface එක. ගොඩක් දැන් එක පරිගනක මවුපුවරු SATA 2 සහය දක්වනවා, අලුත් ඒවා SATA3 සහය දක්වනවා. මවු පුවරුවේ ඇති SATA port වල උපරිමයට ගැලපෙන් HDD එකක් තෝයාගැනීම වදගත්. මවු පුවරුව SATA3 නම් එයට SATA2 HDD යෙදීම පරිගනකයයේ උපරිම වේගය ලබානීමට බාදාවක්.
මේ පූර්ණ යාන්ත්‍රික HDD වල වේගය විසදුම ලෙස දැන් SSD හෙවත් Solid State Drive කියා එනවා, මේවා තනිකර ඉලෙක්ට්‍රෝනික වන අතර වේගය ඉතාමත් වැඩියි. නමුත් ධාරිතාව තවමත් එචර ලොකුවට නෑ වගේම මිලෙන්ද අධිකයි. SSD එකක් සවිකොට එයට OS එක හා Application දමා, දත්ත HDD එකකට දැමීමෙන් පරිගණකයකට විශාල වේගයක් ලබාගන්න පුලුවන්. boot වීම තප්පර 5~6කට වගේ. SSD වල විදුලිය භාවිතය ගොඩක් අවම මට්ටමක පවතී.
Motherboard / Main Board / System Board
පරිගණකයකට යොදාගන්නා CPU එකට අනුව motherboard එකක් තොරාගත යුතුවේ. Intel Processor එකක් නම් ගොඩක් වෙලාවට Intel Chip-set සහිත motherboard එකක්ම යොදාගන්න එක තමයි උවිත. නමුත් Motherboard සාදන සාමාගම ගැනද සැලකිලිමත් වෙන්න. බොහෝවිට Intel, Foxconn, MSI, Asus, EVGA වැනි සමාගම් ඉතා හොද motherboard සාදයි. CPU එකට ගැලපෙන් chipset එක තෝරාගැනීම ඉතාමත් වැදගත්. Processor එකේ Maximum Performance ගන්න පුලුවන් වෙන්නේ ඒ අනුවයි. Motherboard එකේ Sata Port , Front & Back Panel USB , RAM Slot, PCI Express Slot PCI Slot තමන්ට උවමණා වන පරිදි තියනවාදයි කියා සොයාබලන්න.
VGA / Video Graphics Array
දැනට එන ගොඩක් motherboard වල on-board VGA එකක් එයි. මෙය බොහෝවිට low end (පහල පන්තියේ) VGA එකක් වෙයි. යම්කිසි කෙනකුට Games play කරන්න ඕනේනම් වෙනම හොද VGA card එකක් සවිකරගත යුතුවෙයි. VGA කාඩ් විකුණන වගේම ගන්න අය සොයාබලන්නේ VGA card එකේ ඇති මතක ප්‍රමාණයයි. නමුත් මෙය නොවෙයි වැදගත් වන්නේ.
VGA card එකක් හරියට පරිගණකයකට සමාණයි, එහිද RAM, CPU (GPU) පවතිනවා. ඉතින් VGA එකක් ගන්නකොට මුලින්න බලන්න ඕනේ තමන් play කරන games මොනවාද කියලා. ඒ අනුව එම games වල තියනවා තිබිය යුතු VGA එක ගැන විස්තර. එයින් බලන්නෙ ඕනේ GPU (Graphics Processing Unit) එක මොකද කියලා, හරියට පරිගනකයේ CPU එක වගේ. දැන මුල් පෙලේ GPU හදන සමාගෙම දෙක තමයි ATI (AMD) හා Nvidia, Intel සමාගම GPU සෑදුවද මේවා low end වේ. ඉතින් හොද GPU එකක් තෝරාගන්න, VGA RAM ප්‍රමාණය 512MB වීම බොහීවිට ප්‍රමාණවත් වෙයි.
අදලා VGA card එක තමන්ගේ motherboard එකට ගැලපෙනවාද කියා සොයා බලන්න, දැන් අලුතෙන් එන සියලුම VGA card PCI-E slot එකකට ගැලපෙන ලෙසයි එන්නේ, එවිට motherboard එකේද PCI-E slot එකක් තිවිය යුතුයි.
Power Supply
ගොඩක් අය සැලකිලිමත් නොවන දෙයක්, පරිගණකයක් හරියට ක්‍රියාත්මක වෙන්න නම් ඒ සදහා හොද Power/විදුලියක් ලබාදියි යුතුයි. අපිට තියන CPU එක, VGA Card එක වගේම DVD, HDD ප්‍රමාණය අනුව අපි මිලදීගන්නා power supply එකේ watt ප්‍රමාණය තීරණ කල යුතුයි.
i7 සහිත HDD දෙකක්, DVD එකක් හා VGA card එකක් ඇතිනම්. බොහෝවිට VGA card එක මගින් ලබාගන්නා watt ප්‍රමාණයද සදහන් කර තියෙනවා. මේ වගේ එකතුව අනුව අදාල Power Supply එක ගත යුතුයි. අඩුම වශයෙන් 500w වත්. නමුත් අද වෙලදපොලේ අඩුවට තියන මේ power supply සදහන් කර ඇති බලය ලබාදෙන්න බෑ. මෙවැනි 450w ලෙස සදහ කරපු power supply එකක මිල රු.1750 පමණ වේ. නමුත් සැබෑ 450w ලාබාගත හැකි power supply එකක් රු.4500~6000 පමණ වෙනවා. CPU casing සමග එන power supply ද හරියට සදහන් කර ඇති watt ප්‍රමාණයක් ලබාදෙන්න බැරි ඒවා තමයි.
ලබාදෙන බලය පරිගණකයක ප්‍රමාණවත් වන්නේ නැතිනම්, එය stuck වීම, රත් වීම වගේ විවිද දොෂවලට මුහුණ පාන්න පුලුවන්.
~ පසු වදන ~
මේ සෑම කොටසක්ම මිලදීගැනීමට පෙර එම මාදිය ගැන අන්තර්ජාලයේ සොයා බලන්න, නැතිනම Techකතා Google සමූහයේ හෝ Facebook සමුහයෙන් අහන්න, එම කොටස් වෙන කෙනෙකු භාවිතා කර තියනවාද, යම්කිසි ගැටලු වලට මුහුණ දී තිබෙනවාද කියා. මොකද අවාසනාවකට වගේ ලංකාවට එන ගොඩක් පරිගණක උපාංග වල ගුණාත්මක බාවය ගොඩක් අඩුයි වගේම, අඩු මිලට විකීනීම සදහා දෝෂ සහිත උපාංග පවා ලංකාවට ගෙනවා. තවත් සැලකිලිමත් විය යුතු දෙයක් තමයි වගකීම ගැන. ගොඩක් විට අපි පරිගණක උපාංග ගන්නේ unity plaza වගේ තැන් වලින්. බොහොමයක් කඩවල විකුනනකොට තියන සේවය නෑ වගකීමකට මාරුකරන්න ගිය විට. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.
Author - සනෝජ් තරංග
Editor – කාලිංග @kalinga




එලzzzzzzz..වෑදගත් වේ…..
Mara wedagath lipiyak
වැදගත් ලිපියක්. තමන් පරිගණකයක් ගන්න ඕන තමන්ගේ අවශ්‍යතා වලට ගැලපෙන්න මිසක් අනික් අයට ඕන විදිහටවත් අනිත් අයට පේනනවත් නෙමේ. මම අද පාවිච්චි කරන්නේ දැනට අවුරුදු 5 කලින් ගත්ත පරිගණකයක්. දැනටත් මම කරන වැඩ වලට මේ පරිගණකය හොඳටම ඇති. තමන් සැලසුම් කරලා ගන්නවා නම් තමන් වියදම් කරන මුදල හරි විදිහට යොදවන්න පුළුවන්
athata ma godak wadagath lipiyak .me wage lipiwalin apiwa digata ma danuwath karana eka gana sahodarayanta godak isthuthi.
මගේ පොඩි තියරියක් තියනවා මේ ගැන. මොනවා හරි දෙයක් ගන්න කලින් this sucks කියලා ගූගල් පාරක් දාන්න. උදාහරණයක් විදියට Nokia 6120c එකක් ගන්න යනවා නම් Nokia6120c sucks කියලා ගූගල් කරන්න. එතකොට අදාළ උපකරණයට පලු යන්න බැනලා තියන ඒවා ඔක්කොම අහුවෙනවා. බැනපු ඒවා කියෙව්වම හිතාගන්න පුළුවන් අදාළ උපකරණය ගන්නවද නැද්ද කියලා
මැක්සා තියරිය…
cooooool maxxa
best theory.
Ganna kota ganna oone honda balaced PC ekak. natthang salli apathe. Mokada, ekakin ekak bottlebeck wena hinda performance wadi component eke uparim performance ganna bae.
i7 ekak, 2GB RAM, onboard VGA wage ganna epaa. kisi wedak nae. eeta hondai i3 ekak, 4GB RAM, GTX460 wage VGA ekak ganna eka. ethakota hema deema hondata karanna puluwan. i7 eke puluwan wenne video encoding wage weda witharai i3 ekata wadaa weegen.
anika, power supply ekata godak wiyadang karanna. wisheshayen lankaawe. fluctuations anang manang ne. power supply eka aul giyoth okkoma picchenna puluwan. ithin hithala balanna wadipura 5000k withara deela honda power supply ekak arang hithe sanasille innawada, natthang looba welaa 50000ka withara badu eka paarin winaasa karagannawada kiyala. honda power supply ekak dammai kiyala performance wadi wenne nae thamai, eeth eeka honda investment ekak.
thawa ekak thamai, passe meeka gannawa, araka gannawa kiyala awashya deewal dan ganne nathuwa inna epaa. eeken wenne passe gannawa kiyala kiyapuwa ganna kaaleta kalin gatthu badu parana welaa, ekko godak ganan adu welaa. anika uparima prayoujanayak gannath bae oone badu tika dan gatthe nathi unaama. ithin aayith mudal apathe. ithin eeta hondai ne dan ganan adu wecchi eke danma okkoma gatthanang? neda?
වැදගත් දෙයක් දැන ගත්තා.. තෑක්ස්..
කවුරු හරි මට කියනවද පවර් යුනිට් එක 550W හරියටම ඕන මැශින් එකකට බාල ඒවයින් 650W විතර එකක ගැහුවම හරියයිද..??
“anika, power supply ekata godak wiyadang karanna. wisheshayen lankaawe. fluctuations anang manang ne. power supply eka aul giyoth okkoma picchenna puluwan. ithin hithala balanna wadipura 5000k withara deela honda power supply ekak arang hithe sanasille innawada, natthang looba welaa 50000ka withara badu eka paarin winaasa karagannawada kiyala. honda power supply ekak dammai kiyala performance wadi wenne nae thamai, eeth eeka honda investment ekak.” -Anusha ( http://bit.ly/n8ubNV )
මට කියන්න පුලුවන්ද 64bit වලට දාන්න පුලුවන් උපරීම රැම් දාරිතාව.32bit වලට 3.5GB කියල සදහන් නිසා 64bit එකටත් දැනගැනීම වැදගත් කියල හිතනවා.
mama hithanne 128 GB wage puluwan
වැදගත් ලිපියක්. ඒත් ඉතිං හොද නරක තීරනය වෙන්නෙ වියදම් කරන්න පුලුවන් සල්ලි අනූව තමයි. සල්ලි නැති වුනාම sucks වුනත් ගන්න වෙනව. එහෙම නේද?.
එහම කියන්න බෑ, පරිගනකයක් ගන්නකොට මුලින්ම හිතන්න ඕනේ තමන් ඒකේ කරන දේ.. ඒ අනුව පරිගනකයක් තෝරගන්න පුලුව. උදා: ගත්තොත්, මම බාවිතා කරන්නේ ගෙදර, Intel Dual Core 1.8Ghz 2GB RAM සහිත පරිගනකයක්. ඒක මට හොදටම ඇති මගේ වැඩ ටික කරගන්න. ඒකේ දුවන්න Windows Vista Home Basic. කාර්‍යාලයේනම් IBM, Pentium 4, 3G HT, එකක් රැම් 2.5GB. ඒකත් තාම ඇති මගේ වැඩ ටික කරගන්න….
මම කියන්නේ පරිගනක ගන්නකොට තමන්ට ගැලපෙන් හරි එක තෝරගන්න කියන එක.
ඒක තමයි අයිය කියන්නෙ මගේ පරිගනකෙ ගැන කියුවොත් පුදුවෙයි. IBM Pentium 3,128MB ram,onboard vga,10HD,xp sp2. මොකද කින්නෙ. sucks නේද?
koheda ane sucks wenne….oyage wada tika kara ganna athi nam machine eka sucks wenne kohomada ? lipiya kiyawuwanam hari
thanx වැදගත්.
මටනම් හිතෙන්නෙ මදර් බෝඩ් එක ගැන කියවිලා මදි කියල…
ගොඩක් ලංකාවෙ අය රැල්ලට යන එක තමා ගොඩක් වෙලා තියෙන්නෙ…අනිත් ගෙදර කෙනාට පේන්න හොඳ එකක් ගන්න තමා ගොඩක් අය උත්සාහ කරන්නෙ… අනිත් එක තමා මං ගාව තියෙන්නෙ පට්ට කම්පියුටරයක් කියල පම්පොරි ගහන්න..
නොදැනගෙන හිටපු දේවල් ගොඩක් දැන ගත්තා…බොහොම ස්තූතියි….
මටත් වුණේ ඔය වැඩේම තමා සෑහෙන ගානක් වියදම් කරලා 2009 දී ඒ කාලේ අපේ පලාතේ කාටවත් නැති පරිගණකයක් ගත්තා .. ඒත් මාස දෙකකින් විතර ගනං බැස්සා බලාන ඉන්ඳෙද්දී ..
Power supply එක ගැන තිබුනු විස්තර ටික නම් මට ගොඩක් වටිනවා . වී.ජී.ඒ කාඩ් එක ප්‍රභල තාවයෙන් ඉහල යන්න යන්න .බාල පවර් සප්ලයි එකක් දැම්මොත් නියම ප්‍රෆෝමන්ස් ගන්න බැරි වෙනවා .
නියම ලිපියක් ..බොහොම ස්තූතියි ..
වැදගත් ලිපියක්.මේවා ගන්න හොද තැනකුත් සඳහන් කරානම් ෙගාඩක් වටිනවා.
Metropolitan, Softlogic, DMS, EPSI
හැකියාවක් ඇත්නම් කරුණාකර Graphic Cards පිලිබඳ දිර්ගව වෙනම ලිපියක් ඇතුලත් කරන්න.
To Kalinga
mata laptop eakak ganna ona,PC ekata wage ma laptop eka ta th me wage ma lipiyak liyana puluwan da???
lapeakak brand eaka anuwa lokku performance wenasak thiyanawa da
mama kiyane leading brands gana HP ASUS and DELL gana
Ela Thanks Dear
Mata kiyanna cores 2k theena i7 processor ekaka no 1k? sandy bridge walata kalin cpu athule vga chip 1 dala awe nadda?
මම දන්නා විදියට නම් නැහැ
Meya me kiyala theenne mobile i7 ekath ekka patalawagena….
ela kiri ….. thanks bro,,,,,,,
ඔයාලා කරන මේ වැඩේ නියමයි.
ලිපි ලියන්න මෙච්චර කල් ගන්න එපා.
සතියකට ලිපියක්වත් දානවනම් ගොඩක් වටිනවා.
නියමයි
ala kiri supiri aiye
aiye game s’ waladi 3x kiyala ahema ellanne monawada aka vga akata sambanda deyakda?
අඩු මිලට හොඳ ගේමින්ග් ලැප්ටොප් එකක් නම් ඉතින් Acer තමයි… මෙට්‍රොපොලිටන් වොරන්ටියත් හොඳයි.
මාර ලිපියක් තෑන්ක්ස්
maxxa post eka machan, thanx 4 sharing…
watina lipiyak thanx obata….
tkz a lot
Madi Ayye Madi, Thawa Tikak detail Karanna Oone. Meka Madi,
“SSD එකක් සවිකොට එයට OS එක හා Application දමා, දත්ත HDD එකකට දැමීමෙන් පරිගණකයකට විශාල වේගයක් ලබාගන්න පුලුවන්.”
මෙතන SDD එක කියන්නෙ මොකක්ඩ කියල පොඩ්ඩක් පැහැඩිලි කරන්නකො