මින්පසු Linux 2.4 නෑ…
Linux kernel එක ගැන කතාබහ වෙන ඊමේල් සමූහයේ Willy Tarreau කියා සිටියා මින් ඉදිරියට linux 2.4 kernel නිකුත් නොකරන බව. Tarreau තමයි Linux 2.4 kernel එක බාරව සිටිනේ. ඔහු කියා සිටියා දැනට මෙය බාවිතා කරන කීප දෙනෙකු සිටින බවත්, එම නිසා යම්කිසි bug (ගැටලු) පැන නැගුනොත් ඒ බව දැනගැනීමට හා සෑදීමට තැනක් (central Git repo) ලෑස්ති කරන බව.
Linux 2.4.0 නිකුත් වී දැන් වසර 11කට වැඩියි. ඉන් පසු Linux 2.6.0 පැමිණද වසර 8ට වැඩියි. 2.4.0 හි වැඩ නැවැත්වීමත් සමග 2.4.37.11 තමයි අවාසාන නිකුතුව, ඒ ගිය වසර දෙසැම්බර් කරන ලද එකකි. 2.4 දැනට වැඩිපුර බාවිතා වන්නේ embedded system වල තමයි. එම නිසා පරිගනක හා server බාවිතා කරන එකට මින් වන හානිය අවමයි.
Tarreau මින් ඉදිරියට 2.6.27 හහා2.6.32 සදහා දයක වෙන අතර, Greg Kroah-Hartman 3.0 සදහා තම දායකත්වය දක්වනු ඇත.