Skip to content

Recent Articles

3
May

Windows 8 Metro App හදමු, තෑගි දිනමු!

Metro app සදා Windows 8 Metro App Challenge එක දිනමු, තෑගී බෝහෝමයි! මෙය Microsoft .net Forum හා Techකතා එකතුව පවත්වයි.

Winner get a Slate Computer :D නරක නෑ නේද ?

ඔබ කල යුත්තේ

  1. තරගයේ නීතී/රීතී කියවන්න.
  2. ෆෝරම් එක පුරවා, මැයි 30 වෙනිදාට පෙර අපිට එවන්න. (ෆොරමය metro.dotnetforum.lk)
  3. ඇප් එක සාදා ජූනී මස 10 වෙනිදාට කලින් අපිට එවන්න, එය අපිට එවන ආකාර පසුව දැනුම් දෙනවා.
නීතී/රීතී
  • මෙය ලංකාවේ පුද්ගලයන් සදහා පමණක් වෙන් වේ.
  • එක් අයෙකුට හෝ දෙදෙනෙකුගෙන් යුතු කන්ඩායම් වලට පමණක් තරගයට සහබාගි විය හැක.
  • ඔබ කරන්න යනදේ ගැන ලියාපදිංචි වන අවස්තාවේදී අපිට පැවසිය යුතුයි, මෙහි රහස්‍ය බාවය අපි රකිනු ඇත.
  • ලකුණු දීම, ක්‍රීයාකාරීතවයට 50%, User Interface (මුහුණ්තට) 30% හා වැදගත්කම/බාවිතයේ වටිනා කමට 20%

උපකාරක

 

24
Apr

Google Drive 5GB එක්ක ඔන්න දැන්ම ගන්න!

අපි කලින් කිවුවා මෙන් Google Drive නැතහොත් Online Google Storage එක ඔබට දැන්ම ගන්න පුලුවන්. මෙන්න පුරුක.

20
Apr

Intel ප්‍රොසෙසරයකින් බලගැන්වූ Xolo X900 වෙළඳපොලට

ලෝකප්‍රසිද්ධ ඉන්ටෙල් සමාගම මෙතෙක් කල් නිෂ්පාදනය කලේ පරිගණක සඳහා ප්‍රොසෙසර් පමණයි. නමුත් දැන් ඔවුන් ජංගම දුරකථන සඳහාත් ප්‍රොසෙසර නිපදවීම පටන් අරන්. ඔවුන්​ගේ ප්‍රොසෙසරයක් සහිත පළමු ජංගම දුරකථනය වන Xolo X900 වෙළඳපොලට නිකුත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම්. දුරකථනය නිෂ්පාදනය කරලා තියෙන්නේ ඉන්දියානු සමාගමක් වල Lava International සමාගම.


දුරකථනයේ විස්තර :
CPU : Intel Atom Z2460 (1.6GHz)
GPU : PowerVR SGX540 (400MHz)
RAM : 1GB
Display : 4.03-inch display with 1024 x 600 resolution (295 PPI)
Camera : 8MP Rear camera with flash, 10fps burst mode and 1080p video recording. 1.3MP Front camera
Internal Storage : 16GB
Connectivity : HSPA+ (21Mbps), HDMI, NFC built-in
OS : Android 2.3 (Gingerbread)

මෙම දුරකථනය ​අප්‍රෙල් 23 වෙනිදා වෙළඳපොලට නිකුත් වෙන බව තමයි පැවසෙන්නෙ, ඉන්ටෙල් වෙබ් අඩවියට අනුව මෙහි මිල ඉන්දියානු රුපියල් 22,000ක් පමණ වෙනවා.

Source : Intel News Room

19
Apr

Apple නොමිලේ Snow Leopard දෙයි!

දැනට ඉන්නා MobileMe customers ලා හට Lion  Leopard (10.5) සිට Snow Leopard (10.6) වලට නොමිලේ upgrade කල හැක. $29.99 වෙන Snow Leopard update එක මෙම පුරුක ඔස්සේ ලබාගද හැක. මතක තියාගන්න මෙය ලබාගන්න නම් තමයි MobileMe ග්‍රහකයකු විය යුතුයි.

මෙය ජූනි 12වෙන් අවසන් වෙයි.

19
Apr

බස් එකේ යන ගමන් ගෙදර/office එකේ ප්‍රන්ටරේ ප්‍රින්ට් කරමු

Phone එකේ photo එකක් ගත්තොත්, iPad එකේ document එකක් print කරන්න ගියහම මාර වදයක් විදින්න එපැයි, නමුත් දැන් එචර කරදර වෙන්න දෙයක් නෑ, Google Cloud Print එක්ක. ලෝකයේ කොහෙ හරි තියන printer එකකට ඔබට print out දෙන්න පුලුවන් දෙවරක් හිතන්නේ නැතුව. Android, iPhone, Windows, MAC OS ඕනේ එකක්. නැතිනම් Google Docs වල සිටද මෙය කරන්න පුලුවන්, හරිම සරලයි.

Google Chrome ඔබේ printer ඇති පරිග්ගනකයේ install කරලා තිබිය යුතුයි. නමුත් print කරන විට Chrome open වී තිමෙන්න උවමනා නෑ. මෙම පුරුකේ තියනවා කොහොමද Google Cloud printer එක ඔබේ පරිගනකට සකසා ගන්නේ කියලා.  මේ පුරුකේ තියනවා iOS, Android, Firefox වගේ එවා කොහොමද බාවිතා කරන්නේ කියලා.

 

18
Apr

Game: Prince of Persia ක්‍රීඩාවේ Source Code එක ගන්න!

Prince of Persia යනු 1989 වර්ෂයේ නිකුත්වූවකි. මෙය Apple II පරිගනක සදහා මුලිම්ම නිකුත්විය පසුව 1990 වසරේ DOS සදහා නිකුත්වූ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවකි. මෙය Jordan Mechner යන පුද්ගලයා විසින් තනිවම ලිවූ පරිගනක ක්‍රීඩාවක් වේ.

දැන් ඔවට වසර 22කට පසු මෙම ක්‍රීඩාවේ  source එක GitHub හරහා ලබාගත හැක.

18
Apr

Games: Halo 4 නිකුත්වෙනවා නොවැම්බර්…

Microsoft හා Developer 343 Industries කියාසිටියා මීලග Helo ක්‍රීඩා නිකුතුව නොවැම්බර් මස 6වෙනිදා xBos 360 වෙත නිකුත් කරන බව. අලුත් නිකුතුව, Microsoft විසින් හදුන්වාදෙන්නේ ”new trilogy” කියා. Helo 3 නිකුත්වී වසර 4කට පසු තමයි Halo 4 නිකුත්වන්නේ. මෙය පැරනි Halo ක්‍රීඩා නිර්මාණය කල Bungie විසින් නිර්මාණය ඌවක් නොවෙයි, මක්නිසාද ඔහු 2007දි Microsoft එකෙන් ඉවත්වී වෙනත් ක්‍රීඩාවක් නිර්මානයට ගිය නිසා.

18
Apr

Windows 8 වර්ග 3ක් පමණයි, මෙන්න Windows 8 සමග ලැබෙන දේවල්

Windows 7 වන මෙන් එක එක edition (Home, Pro, Ultimate) ලෙස edition රැසක් නැතුව, Windows 8, Windows 8 Pro ලෙස 32bit හා 64bit ලෙස නිකුත් වෙයි. තවද Windows 8 කියන නම ස්තාවර වෙයි. Windows 8 නව සංස්කරන mufti-monitor (Display කීපයක් බාවිතය), වැඩ කරන ගමන් බාවිතා කරන බාසාව වෙනස් කිරීම, අලුත් Windows Explorer, Task manager ද ඇතුලත් වෙයි.

Windows 8 Pro හි encryption, virtualization, pc management හා domain සහය (active directory) සහය ඇතුලත් වේ. Windows Media Center කියන කොටස “Media Pack” ලෙස නම් කොට Windows 8 Pro වලට වෙනම නිකුත් වේයි. ISO Files (CD/DVD Images) දැන් virtual drivers නැතුවම බාවිතා කරන්නටද හැකිවෙනවා.

Windows 8 ARM, mobile device සදහා එන (tablet) edition එක Windows RT ලෙස නම් කෙරෙයි. Windows RT සමග Microsoft Office (Word, Excel, PowerPoint, OneNote) ද ඇතුලත් වෙයි.

පහද වගුවේ ඇතුලත් Feature හා Windows 7 සිට Windows 8 වලට මාරු වෙන විස්තර ඇතුලත්‍

Read moreRead more

17
Apr

වෙඩි නොවදින iPhone!

Marudai කියන ජ්පන් සමාගම විසින් වෙඩි නොවදින iPhone කවරයක් නිර්මානය කොට තිබෙනවා. මෙම කවරයක .50 උන්ඩයකි උවද iPhone එක ආරෂාකරයි. මෙහි මිල $650 (රු.82,000.00) වෙයි.

 දුරකතනය ඇතුලට දමා ඇන දැමිය යුතු යකඩ කවරයකි.

 

 

 

 

 

 

17
Apr

Geek Movies: WarGames

WarGame කියන්නේ මුලින්ම ආපු hacker movies වලින් එකක්.  මෙය 1983දී තිරගතවූ විත්‍රපටයක්.  මෙය විත්‍රපයට හැකර්ලා වීරවරයන් ලෙස සලාකා තිබුනා. කතාව කෙලියෙන් කිවුවොත් මැතිවු කියන හැකර් කෙනෙකු විසින් හමුදා පරිගනකයට නොදැනුවත්ව ඇතුලත් වී, වැරදීමකින් යුද්දයක් ආරම්බ කිරීමක් තමයි මෙහි ඇත්තේ…. මෙයින් වැඩිහිටියන්න වඩා ලමුන් බුද්දිමත් බව පෙන්වයි…

-->